අත්‍යාවශ්‍ය ශල්‍ය උපකරණ 3800ක හිඟයක්. සති කිහිපයකින් සෞඛ්‍ය පද්ධතිය බරපතළ අර්බුදයකට – වෙද්‍ය චමල්

Date:

මෙරට රෝහල් පද්ධතිය තුළ අත්‍යාවශ්‍ය ශළ්‍ය උපකරණ 5800ක පමණ ප්‍රමාණයක් පැවතිය යුතු වුවත් ඉන් උපකරණ 3800කට ආසන්න ප්‍රමාණයක හිඟයක් පවතින බව විශේෂඥ වෛද්‍යවරුන්ගේ වෘත්තීය සමිති සන්ධානයේ සභාපති, විශේෂඥ වෛද්‍ය චමල් සංජීව මහතා පවසයි.

“මේක ඉතාමත්ම භයානක තත්වයක්. හෘද රෝගීන්ගේ ශල්‍යකර්ම සඳහා අවශ්‍ය කරන ස්ටෙන්ට්, අක්ෂි කාච, හිස සිට දෙපතුල දක්වා විවිධාකාර ශල්‍යකර්ම සඳහා අවශ්‍ය කරන ශල්‍ය උපකරණ, හදිසි ප්‍රතිකාර ඒකකවල, දැඩි සත්කාර ඒකකවල ශ්වසන ආබාධ රෝගීන්ට ලබාදෙන උපකරණ, ඒ වගේම මූත්‍රා බට ආදිය පවා මේ මොහොතේ පවතින්නේ ශූන්‍ය තත්වයේ. මේ තත්වය දිගටම පැවතියහොත් ඉදිරි සති කිහිපය ඇතුළත මේ රටේ සෞඛ්‍ය පද්ධතිය බරපතළ අර්බුදයකට ලක්වෙනවා. හිටපු සෞඛ්‍ය අමාත්‍යවරයා නික්ම ගිහිල්ලා වර්තමාන සෞඛ්‍ය අමාත්‍යවරයා හා වර්තමාන සෞඛ්‍ය ලේකම්වරයා යටතේ මේ ප්‍රශ්නසහගත ක්‍රියා මේ දක්වා නිවැරදි කිරීමට ගෙන ඇති ප්‍රයත්නයන් සම්බන්ධයෙන් සෑහීමකට පත්වෙන්න පුළුවන්කමක් ලැබෙන්නෙ නෑ”

විශේෂඥ වෛද්‍ය චමල් සංජීව මහතා මේ බව පැවසුවේ ඊයේ (18) පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

වැසි තත්වයේ වෙනසක් – අද (19) කාලගුණය

සටහන - රුවන් නෙළුගොල්ල අද (සැප්තැම්බර් 19) දිනයේදී බස්නාහිර, සබරගමුව,...

ඇෆ්ගන් විශ්වවිද්‍යාලවලින් කාන්තා කතුවරියන් ලියු පොත් තහනම් කෙරේ

සටහන: සශිකලා මධුෂාණි සැප්තැම්බර් මස 19 : ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): ඇෆ්ගනිස්තානයේ...

වෙල්ලාලගේ පියා ජීවිතයෙන් පරාජය වෙද්දී ශ්‍රී ලංකාව අපරාජිතව පෙරට

නිශ්මං රණසිංහ  සැප්තැම්බර් 19, කොළඹ LNW: ඇෆ්ගනිස්තානය සහ ශ්‍රී ලංකාව අතර පැවති...

ජනාධිපති ට්‍රම්ප් ලෝක අධිරාජ්‍යයා නොවේ! ඔහු සමඟ “කිසිදු සම්බන්ධතාවයක්” නොමැති බව බ්‍රසීල ජනාධිපතිවරයා කියයි

සටහන: සශිකලා මධුෂාණි සැප්තැම්බර් මස 19 : ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): බ්‍රසීල...