මහබැංකුවේ ඉන්නේ අතිවිශේෂ මිනිස්සු. ඔවුන්ගේ පඩි වැඩිකර ගන්නේ ඔවුන්මයි – මුදල් රාජ්‍ය ඇමති

Date:

ශ්‍රී ලංකා මහබැංකු පනත අනුව මහබැංකුවේ වැටුප් තල තීරණය කරන්නේ මහබැංකුව විසින්ම බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පවසයි.

ප්‍රශ්නය – මහබැංකුවේ නියෝජ්‍ය අධිපතිතුමා ඉඳන් විශාල වශයෙන්, ලක්ෂ හතකින් මේ ජනවාරි වෙනකොට පඩි වැඩිකරගෙන තිබෙනවා ?

“ඒකෙ පැති දෙකක් තිබෙනවා. ඔබ කිව්ව පැත්තෙනුත් අපට මේක විශ්ලේෂණය කරන්න පුළුවන් රටක අමාරු වෙලාව කියලා. ලෝකෙ හැම මහබැංකුවක්ම ගන්නෙ අතිවිශේෂ වූ ශ්‍රමයක්, විශේෂ වූ පුද්ගල්යෙක්. ඒ නිසා මහබැංකු පනතේම තියෙනවා මහබැංකුවේ වැටුප් තලයන් තීරණය කරන්නේ මහබැංකුව කියලා ස්වාධීන ආයතනයක් හැටියට. ඒකට හේතුව තමයි මහබැංකුව වගේ දේකට අතිවිශේෂ මිනිසුන් ගත්තෙ නැත්නම් වෙනදේ අපි දැක්කානෙ. මොකද ඒ වගේ විශේෂ ශ්‍රමයක් අපට රඳවාගන්නත් අමාරු වෙනවා. එහෙම ප්‍රශ්නත් තියෙනවා, අපි මේ හැම පැත්තක්ම බලලා තමයි මේවා කතා කරන්න ඕනෙ”

රංජිත් සියඹලාපිටිය මහතා මේ බව පැවසුවේ ඊයේ (18) මහනුවර ප්‍රදේශයේදී පැවති වැඩසටහනකින් අනතුරුව මාධ්‍යවේදීන් නැඟූ ප්‍රශ්නවලට පිළිතුරු ලබාදෙමිනි.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

නැඟි එන්නන් අතර ශ්‍රී ලංකාවේ පළමු ජය වාර්තා වෙයි.

නිශ්මං රණසිංහ නොවැම්බර් 17, කොළඹ LNW: නැඟී එන ආසියානු තරගාවලියේ...

21 විපක්ෂයේ ජන හඬට එරෙහිව කොළඹදී දැවැන්ත විරෝධයක්!

කොළඹ LNW:එළඹෙන 21 වැනිදා නුගේගොඩදී විපක්ෂය විසින් සංවිධානය කරනු...

වීදිය ගල්, වැලි වලින් ගොඩ නැඟුවද ඊට පාටක් එක් කරන වීදි කලාව!

සටහන – පුලී නොවැම්බර් 17, කොළඹ (LNW):  උතුරු අයර්ලන්තයේ වීදි...

මළගිය ඇත්තන්ට කතාකරන්න දැන් වීජා බෝඩ් ඕනෙ නෑලු!

ඕවින්දි විෂ්මිකානොවැම්බර් 17, ලෝකය (LNW): කැනේඩියානු නළු Calum Worthy...