සාකච්ඡා ධනාත්මකයි. මුදල් අමාත්‍යාංශයට විධිමත් ලියවිල්ලක් දෙන බවට සෞඛ්‍ය ඇමති පොරොන්දු වුණා – වෘත්තීය සමිති

Date:

වෙද්‍යවරුන්ට ලබාදෙන DAT දීමනාව හා සමාන දීමනාවක් තමන්ටත් ලබාදෙන ලෙස ඉල්ලමින් සෞඛ්‍ය වෘත්තීය සමිති 72ක නියෝජිතයින් සහ සෞඛ්‍ය අමාත්‍යවරයා අතර ඊයේ (19) පැවති සාකච්ඡාව ධනාත්මක ආකාරයෙන් සිදුවුණු බවත් අමාත්‍යවරයා දුන් පොරොන්දු ක්‍රියාත්මක කිරීම සඳහා අවස්ථාව ලබාදෙන බවත් නැවත වැඩවර්ජනයක් දැනට ක්‍රියාත්මක නොකරන බවත් වෘත්තීය සමිති නියෝජිතයින් පවසයි.

“මේ වෙලාවේ අපට පේනවා සෞඛ්‍ය අමාත්‍යාංශය ධනාත්මක තැනක ඉන්නවා කියලා. ඒ සඳහා සාධාරණ උත්තරයක් දෙන්න ඕනෙ කියන කාරණාවත් ඉදිරිපත් කරනවා ප්‍රතිපත්තිමය වශයෙන්. අද දවසේ අපි දීර්ඝ වශයෙන් සාකච්ඡා කළේ ඒ ක්‍රියාවලිය. ඉතින් මේ සාකච්ඡාව දැන් විධිමත් සාකච්ඡාවක් බවට පරිවර්තනය කරගනිමින් අවසාන චක්‍රලේඛය නිකුත් කරගැනීමේ වුවමනාව අපට තියෙන්නේ. අද දවසේ සෞඛ්‍ය ඇමතිවරයා එකඟ වුණා ඒ සඳහා සුවිශේෂීත කමිටුවක් හදන්න. අද දවසේ අපි කතා කරපු යෝජනාවලිය පිළිබඳව හෙට දවසේ යළි සාකච්ඡා කරලා ඒක මුදල් අමාත්‍යාංශයට විධිමත් ලියවිල්ලක් විදියට ඉදිරිපත් කරන්න. ඉතින් ඒ සඳහා අපි අවස්ථාව දෙනවා පූර්ණ වශයෙන්. කොහොමවුණත් අපි අද හවස නැවත රැස්වෙනවා අපේ නායකත්ව මණ්ඩලය මේ සම්බන්ධයෙන් සාකච්ඡා කරන්න. දැනට රැස්වෙච්ච නායකත්ව මණ්ඩලය විදියට මේ සම්බන්ධයෙන් අපි ධනාත්මක තැනක ඉන්නවා”

සෞඛ්‍ය වෘත්තීයවේදීන්ගේ විද්වත් සංගමයේ සභාපති රවී කුමුදේශ් මහතා මේ බව පැවසුවේ ඊයේ සෞඛ්‍ය අමාත්‍යවරයා සමග පැවති සාකච්ඡාවෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

අපේ ලිපියට ක්‍රීඩා ඇමති දැක් වූ ප්‍රතිචාරය ගැන

නිශ්මං රණසිංහ අගෝස්තු 17, කොළඹ LNW: අප විසින් ලියන්නට යෙදුණ ‘මලල...

උතුරේ සහ නැගෙනහිර ඇතැම් දේශපාලන පක්ෂ කිහිපයක් ජනතාව නොමග යවමින් සිටිනවා – ඇමති නලින්ද

රෂිකා හෙන්නායක අගෝස්තු 17, කොළඹ LNW: අද(17) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ...

තමා ජනාධිපති ධුරය දරනතාක්කල් ෂිජින් පින් තායිවානය ආක්‍රමණය නොකරන බවට තමන්ට පැවසූ බව ට්‍රම්ප් කියයි

සටහන: සශිකලා මධුෂාණි අගෝස්තු 17: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): ට්‍රම්ප් බලයේ සිටින...

පිත්තෙන් මිනෙත් පන්දුවෙන් රයන් පෙරමුණට

නිශ්මං රණසිංහ අගෝස්තු 17, කොළඹ LNW: ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය මෙහෙයවන...