ඉරාන විදේශ කටයුතු ඇමති නිල සංචාරයක් සඳහා දිවයිනට

Date:

ඉරාන විදේශ කටයුතු අමාත්‍ය, ආචාර්ය හුසේන් අමීර් අබ්දුල්ලාහියන් මහතා තෙදින නිල සංචාරයක් සඳහා මෙරටට පැමිණ තිබේ.

ඒ, මෙරට විදේශ කටයුතු අමාත්‍ය අලි සබ්‍රි මහතාගේ ආරාධනයක් අනුව ය.

ඉරාන විදේශ කටයුතු අමාත්‍යවරයා ඇතුළු 20 දෙනෙකුගෙන් පමණ සමන්විත දූත පිරිස ඊයේ (19) රාත්‍රියේ විශේෂ ගුවන් යානයකින් කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළට පැමිණ ඇති අතර ඔවුන්ව විදේශ කටයුතු රාජ්‍ය අමාත්‍ය තාරක බාලසූරිය මහතා විසින් පිළිගෙන ඇත.

මෙම සංචාරයේදී ඉරාන විදේශ කටයුතු අමාත්‍යවරයා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා සමග ද්විපාර්ශ්වික සාකච්ඡා පැවැත්වීමට ද නියමිත ය.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

Tasty Tuesdays: උතුරු අප්‍රිකාවේ සිට ඔබේ පිඟානට ගෙන එන රසවත් කතන්දරේ!-Shakshouka, the One-Pan Wonder

සටහන – පුලී ජනවාරි 13, කොළඹ (LNW): ආයුබෝවන් ආහාර ලෝලීනි! මේ...

පැරදුණත් අනාගතයට කොළ එළි දල්වන රතු

නිශ්මං රණසිංහ ජනවාරි 13, කොළඹ LNW: කාන්තා විස්සයි විස්ස ජාතික...

ඉරානයේ පළමු මරණ දඬුවම හෙට ක්‍රියාත්මක කරයි;විරෝධතා හේතුවෙන් මියගිය සංඛ්‍යාව 2000 ඉක්මවයි

සටහන: සශිකලා මධුෂාණි ජනවාරි 13: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): ඉරානයේ රාජ්‍ය විරෝධී...

හදිසියේම අප්පච්චියෙක් වුන ට්‍රම්ප්පච්චි! 

සටහන – පුලී ජනවාරි 13, කොළඹ (LNW): තුර්කියේ කාන්තාවක්, එක්සත්...