බොරැල්ලේ සුඛෝපභෝගී මහල් නිවාස සංකීර්ණයක් ඉදිරිපිට වෙඩිතැබීමක් !

බොරැල්ල, ආනන්ද රාජකරුණා මාවතේ සුඛෝපභෝගී මහල් නිවාස සංකීර්ණයක් ඉදිරිපිටදී ඊයේ (19) රාත්‍රියේ වෙඩිතැබීමක් සිදුව තිබේ.

මෙම වෙඩිතැබීමෙන් අදාළ මහල් නිවාස සංකීර්ණයේ කුලී පදනම මත පදිංචිව සිටි 38 හැවිරිදි පුද්ගලයෙකු තුවාල ලබා කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර ඇත.

යතුරුපැදියකින් පැමිණි නාඳුනන තුවක්කුකරුවකු මෙම වෙඩිතැබීම සිදුකර පළාගොස් ඇති බව සඳහන්.

වෙඩිවැදීමෙන් තුවාල ලැබූ පුද්ගලයා මත්ද්‍රව්‍ය ජාවාරම්වලට සම්බන්ධ පුද්ගලයෙකු බවට හඳුනාගෙන ඇති බවත් ඔහු මීට දින කිහිපයකට පෙර රක්ෂිත බන්ධනාගරගතව සිට ඇප මත නිදහස්ව පැමිණි අයෙකුත් බවත් පොලීසිය පවසයි.

බොරැල්ල පොලීසිය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදුකරයි.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

රුවන්ඩාවේ F1 තරගයක් පැවැත්වීම ගැන ලුවිස් හැමිල්ටන්ගෙන් ප්‍රකාශයක්

සටහන – පුලී ඔක්තෝම්බර් 23, LNW (කොළඹ):මානව හිමිකම් ගැටලු සම්බන්ධයෙන් මතුව...

ප්‍රංශයේ වෙඩි තැබීමක් – එක් අයෙක් මරුට, සිව් දෙනෙකුට තුවාල

සටහන – පුලී ඔක්තෝම්බර් 23, LNW (කොළඹ): පැරිස් නගරයට බටහිරින් පිහිටි...

රුසියාවේ පළමු ඩීසල් තොගය ඇමරිකාව බලා පිටත් වේ

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 23 : රුසියාවෙන්...