කේප් ටවුන් ගඳ ගස්වමින් ගවයන් 19,000ක් රැගත් නෞකාවක් බ්‍රසීලයේ සිට ඉරාකය දක්වා

Date:

සටහන: සශිකලා මධුෂාණි, පෙබරවාරි 20,
ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) : කේප් ටවුන් පුරා අධික දුර්ගන්ධයක් හමා යන බව වාර්තා වේ.

මෙම දුර්ගන්ධයට හේතු සොයා බැලීම සඳහා පාරිසරික සෞඛ්‍ය කණ්ඩායමක් පත්කරන ලද අතර මේ සම්බන්ධයෙන් විමර්ශනය කිරීමේදී නගරාධිපති කාර්යාලයේ ජලය සහ සනීපාරක්ෂාව භාර නිලධාරි සහිඩ් බද්‍රෝඩියන් සමාජ මාධ්‍ය වේදිකාවන්හි සඳහන්ර කර තිබුණේ, බ්‍රසීලයේ සිට ඉරාකය දක්වා සජීවී ගවයන් 19,000 ක් රැගෙන වරායේ නැවක් නැංගුරම් තිබීම හේතුවෙන් මෙම දුර්ගන්ධය නඟරයට පැමිණ ඇති බවයි.

සජීවී සතුන් මුහුදෙන් අපනයනය කිරීමට දැඩි ලෙස විරෝධය පල කරමින්, සතුන්ට හිංසනය වැළැක්වීමේ සංගමයේ (SPCA) ජාතික සභාව පැවසුවේ සතුන්ගේ සුභසාධනය තක්සේරු කිරීම සඳහා පශු වෛද්‍ය උපදේශකයෙකු නෞකාවට යවා ඇති බවයි. දැනටමත් සති දෙකහමාරක් යානයේ ගත කර ඇති මෙම සතුන් මළ මූත්‍රා සහ ඇමෝනියා ඇතිවීමෙන් අතිශය දුක්ඛිත තත්වයකට පත්ව තිබේ.

මැරීන් ට්‍රැෆික් වෙබ් අඩවියට අනුව, මීටර් 190 ක් දිග (අඩි 623) අල් කුවේට් යනු කුවේට් ධජය සහිත පශු සම්පත් යාත්‍රාවක් වන අතර ගවයින් සඳහා ආහාර පැටවීම සඳහා කේප් ටවුන් හි නැංගුරම් ලා තිබේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

Celebrity Buzz: කින්ග් ඛාන් පවුලට මෙන්ම බොලිවුඩයට නව සන්ධිස්ථානයක් එක් කළ ආර්යන් ඛාන් ගේ “The Ba**ds of Bollywood”!

සෑම සඳුදා දිනකම “Celebrity Buzz” තුළින් ඔබට සෙලිබ්‍රිටි ගොසිප්ස්,...

මේ වසරේ ආරම්භ කළ ව්‍යාපෘති මේ වසරේදීම නිශ්චිත ඉලක්ක කරා මෙහෙය වන්න – ජනපති

නාගරික සංවර්ධන ඉදිකිරීම් සහ නිවාස අමාත්‍යාංශයට 2025 වසරේ වෙන්...

ජාතික කනිෂ්ඨ ස්කොෂ් ශූරතාව මතීෂ විජේසේකරට සහ නෙත්මි වික්‍රමසිංහට

නිශ්මං රණසිංහ අගෝස්තු 25, කොළඹ LNW: ශ්‍රී ලංකා ස්කොෂ් සම්මේලනය විසින්...

සජිත් – මෛත්‍රී මුලසුනේ. විපක්ෂ නායක කාර්යාලයේ විශේෂ හමුවක්. රනිල් වෙනුවෙන් විපක්ෂයෙන් කමිටුවකුත් හදයි!

කොළඹ LNW:හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අත්අඩංගුවට ගැනීම තුළ...