මධුරලා එල්ල කළ බිත්තර ප්‍රහාරය මධුරම හෙළාදකී. පොලිසියටත් මධුරගෙන්ම උපදෙස් ! (VIDEO)

Date:

පසුගියදා තමන් සමග පැමිණි පිරිසක් විසින් සමගි ජන බලවේගයේ ප්‍රධාන කාර්යාලය බිත්තර ප්‍රහාරයක් එල්ල කිරීමේ සිදුවීම තමන් ඉතාම දැඩි පිළිකුලෙන් යුතුව හෙළාදකින බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී මධුර විතානගේ මහතා පවසයි.

“මම සභාගර්භයේ ඉඳපු නැති අවස්ථාවක තුෂාර ඉඳුනිල් මන්ත්‍රීතුමා මගේ නම සඳහන් කරලා තිබුණා. ප්‍රථමයෙන්ම කියන්න ඕන මමත් එදා ඒ වෙච්ච සිද්ධිය දැඩි පිළිකුලෙන් යුතුව හෙළාදකිනවා. ඒ ගැන මම කණගාටුව ප්‍රකාශ කරනවා. මොකද හේතුව, මම එදා සමගි ජන බලවේගයේ කාර්යාලයට ගියේ ඉතාමත්ම විනීතව. මම මෙගාෆෝන් එකක් අරන් ගියෙ නෑ, මම ගිහිල්ලා සංදේශයක් භාරදෙන්න ගියෙ. මොකද, රුපියල් 130ට තිබිච්ච ඩොලර් එක 196 වුණේ කොහොමද, හර්ෂ ද සිල්වා මහත්තයා කියපු වොක්ස්වැගන් ෆැක්ටරිය කොහෙද, විදුලි බලාගාර කීයක් හැදුවාද කියලා ඒවා අගහන්න අපි පැහැදිලිවම යම්කිසි පිළිවෙලකට එතනට ගියෙ. නමුත් ඉහළ මාලයේ සිට මෙගාෆෝන්වලින් අසභ්‍ය වචනයෙන් කුණුහරුප කියකියා කලබලයක් ඇති කළා. ඇත්තටම ඒ වෙලාවෙ එතන රැඳී හිටපු මිනිස්සු තමයි කවුරුහරි බිත්තර ප්‍රහාරයක් එල්ල කරලා තියෙන්නෙ. හැබැයි පොලිසියට මම ඉතා පැහැදිලිව උපදෙස් දීලා තියෙනවා ස්වාධීනව මේ පරීක්ෂණය කරලා ඒ සම්බන්ධව ඒ අවශ්‍ය කටයුතු කරන්න කියලා. මගේ කිසිම සම්බන්ධයක් නෑ, ඒ වගේ අශීලාචාර දේශපාලනයක් කරන්න කිසිම බලාපොරොත්තුවකුත් නෑ”

මධුර විතානගේ මහතා මේ බව පැවසුවේ ඊයේ (10) පාර්ලිමේන්තුව අමතා ප්‍රකාශයක් කරමිනි.

RN

සබැඳි පුවත් –

http://139.59.240.222/03/07/9395/

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

අපේ කරුමයට හේතුව ගණිතය නොදන්නා එවුන් රට පාලනය කිරීමයි – ඩඩ්ලි සිරිසේන

මේ රට මේ තත්වයට අද පත්ව ඇත්තේ ගණිතය නොදන්නා...

අද 10 ට රට වටේම ක්‍රිකට්

නිශ්මං රණසිංහ අගෝස්තු 20, කොළඹ LNW ශ්‍රී ලංකා ක්‍රිකට් ජාතික ගමණ...

Cop30 සමුළුවට පෙර දේශගුණික සැලසුම් ඉදිරිපත් කරන ලෙස බ්‍රසීලය සාමාජික රටවල්වලින් අවසාන වශයෙන් ඉල්ලයි

සටහන: සශිකලා මධුෂාණි අගෝස්තු 20: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): එළඹෙන නොවැම්බර් මාසයේ...

මෙතෙක් ලංකාවේ නැව්වලට කැසිනෝ බලපත්‍ර දුන්නේ නෑ. අලුත් පනතින් නැව්වලටත් කැසිනෝ බලපත්‍ර ඉල්ලීමේ අවස්ථාව !

අලුතින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලද සූදු නියාමන පනත යටතේ...