ආපහු මී ඇට පත්තු කරමුද ?

Date:

ටයි කෝට් එහෙම දාගෙන ආපු විදුලි බල මණ්ඩලේ එකා කියපු කතාවේ අවුල මේකයි. ඒ කියන්නේ මට අනුව. වෙනත් කෙනෙකුට වෙනත් විදියකට පේන්න පුළුවන්.

එක යුගයක අපේ මුත්තල මී මුත්තල කළුවර නැති කරගන්න පත්තු කරේ මී ඇට. මී ඇට පත්තු කරකර ඉඳල පස්සේ ලාම්පුතෙල් කියල එකක් මානව වර්ගයා හොයාගත්තට පස්සේ ඒකෙන් ලාම්පු කුප්පිය පත්තුකරන්න ගත්ත එක සමාජ පරිණාමය ඇතුළේ එක අවධියකින් තවත් අවධියකට විතැන් වීමක්. යම් ආකාරයක ප්‍රගමනයක්. උසස් තත්වයකට පරිණාමය වීමක්.

සංචාරකයෝ රවට්ටන්න ඕනිනම් දැනුත් පුළුවන් පැල් කොටයක් අටවලා මී ඇට පත්තුකරන්න. ඒ එක්ක ඩොලර් හොයන්න පුළුවන්. ඒ නිසාම අපි නැවත මී ඇට යුගයට යමු කියන එක සමාජයක් නූතන අර්ථයෙන් ආපස්සට ගමන්කරවීමක්.

මී ඇට පත්තු කරන එකෙන් පාරිසරක වාසි අත්වෙනවා වගේ කතා කියන්න පුළුවන්. ඒත් අතිශයින් සංකීර්ණ මෙට්‍රෝපොලිටන් එකක එපාට්මන්ට් එකක මී ඇට පත්තු කරගෙන පාඩම් කරන්න බැහැ.

සමාජයක් ප්‍රගමණය කරා ගෙනියන්න තමයි ‘නූතන දේශපාලනය’ (modern politics) තියෙන්නේ. නූතන කියන්නේ නූතන නිර්මාණශීලි තාක්ෂණය සහ විද්‍යාව නූතන පැවැත්මට මුසුකරනවා කියන එක. ජීවිතය පහසුකරලා දෙනවා කියන එක. ඒක දේශපාලනික වැඩකුත් වෙන නිසා ඒකට නූතන දේශපාලන කියල කියනවා.

ඒ නිසා ඔය කියන ප්‍රකාශකයා ලාම්පු කුප්පියෙන් පොත් පාඩම් කරපු පරම්පරාවක් ගැන කියන එක අතීතකාමී අර්ථයෙන් හරි උනාට නූතන අර්ථයෙන් නෛතික නැහැ (legitimacy).

දැන් නූතන දේශපාලනය කරනවා කියන උං ඉන්නේ අපිට නැවත කුප්පි ලාම්පු දෙන්න නම් එතන තියනවා ලොකු දේශපාලන ප්‍රශ්නයක්.

අපි ඒක විසඳාගන්න වෙනවා.

තෝමස් අල්වා එඩිසන්ගේ ෆොටෝ එකක් නොදා ඉන්න හිතුවා. මේ ඉන්නේ AC (alternative current) හොයාගත්ත නිකොලා ටෙස්ලා.

~ මහේෂ් හපුගොඩ

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

2025 වසරේ කාර්මික ක්ෂේත්‍රයේ රැකියා සදහා යොමු වීම ඉහළැට: ශ්‍රී ලංකා මහ බැංකුව

රෂිකා හෙන්නායක අගෝස්තු 18, කොළඹ LNW: 2025 වසරේ පළමු කාර්තුව...

තකිකෝ යොෂිඩා මැතිණියගේ 117 වන ජන්ම දින සමරුවට පින්කම් රැසක්!

කොළඹ LNW:ජපානයේ පවතින ඉතාමත් නිවැරදි හා දියුණු පෙර පාසල්...

ඕමන්තේ මාරක අනතුරකින් පුද්ගලයින් දෙදෙනෙකු ජීවිතක්‍ෂයට!

රෂිකා හෙන්නායක අගෝස්තු 18, කොළඹ LNW: කැබ් රථයක් ලොරියක ගැටී...

දෙව්මිගේ පන්දුව පානදුර දෙසට හැරවුණු ජයග්‍රාහී සුළඟ යළි හලාවත දෙසට හරවයි

නිශ්මං රණසිංහ අගෝස්තු 18, කොළඹ LNW: ශ්‍රී ලංකා ක්‍රිකට් මෙහෙයවන කාන්තා...