*
Wednesday, May 14, 2025
spot_img

Latest Posts

රොමියෝ ජුලියට් ට අදට වඩා හොඳ හෙටක්!

සටහන – නිශ්මං රණසිංහ

පෙබරවාරි, 28 කොළඹ (LNW): විලියම් ශේක්ස්පියර් යනු විශ්වීය නාට්‍යකරුවෙකි.ඔහු විවිධ වූ මිනිස් ස්වභාවයන් හී හැඩතල සිය නිරීක්ෂණයට යටත් කරගෙන ඇති ආකාරය සිය කලා සහ සාහිත්‍ය භාවිතයේදී පෙන්වා ඇති සූක්ෂමකම අතිශයින් ප්‍රබලය.ගැඹුරුය.ඒ නිසාම මනරම්ය.ලොව පුරා ශේක්ස්පියර්ගේ කලා සහ සාහිත්‍ය භාවිතය විෂයක් ලෙස හදාරන්නට වෙනම මානයන් නිර්මාණය වන්නේ ද එබැවින්ය.


ශේක්ස්පියර් ප්‍රතිනිර්මාණය වීමේ ප්‍රවනතාව ලොව පුරා අඛණ්ඩව සිඳුවන්නේ ඔහු සිය නිර්මාණවලදී භාවිතයට ගෙන ඇති මිනිසුන්ගේ කළු – සුදු අනන්‍යථාවයන්ගේ ඇති සදාතනික වටිනකම නිසාය.ඔහු පූජකයාගේ සිට අන්තිම පාදඩ චරිතය දක්වාම සිය නිර්මාණවලදී හසුරුවන ආකාරය පැතලි ස්වභාවයක් නොගන්නේය.ඒ තරමටම මිනිස් සමාජය විනිවිද යන විවිධත්වය හඳුනන ප්‍රායෝගික විදීමක් නිර්මාණශීලීව ඉදිරිපත් කිරිමේ සමත්කමක් ඒ නිර්මාණවලට ඇත්තේය. නිර්මාණකරුවෙක් හැටියට ඔහු සිය කෘතින් තුළ අතුරා තිබෙන විශ්වීය සහ සදාතනික ගුණයන් හී අපූර්වත්වය නිසා, යළි යළිත් නව පරපුර වැළද ගන්නේ ද,නව රංග රිතීන් යටතේ නිර්මාණය කරන්නේ ද වන ශේක්ස්පියර් නිර්මාණ අලුත් ලෝකයට ද මඟ හැර යා නොහැකි වී ඇත.
මේ වන විට ශේක්ස්පියර් රිතින් යැයි යම් සීමාවක ඔහුගේ නාට්‍ය නැත.සමහර අයෙක් ඔහුගේ දෘෂ්ඨීවාදී ප්‍රකාශනය ගීත නාටකයක් බවට පෙරළන්නට ද හැකිය.නමුත් එම නිර්මාණයන්හී දැවන්තකම කිසිවෙකුට මඟ හැර යා නොහැකිය.


පිටපත්වල ඇතුලාන්තයේ ඇති දැවන්ත බව තරමටම නිර්මාණ ශිල්පීන්ගේ ප්‍රමාණයේ සිට සියල්ල මහා විශාල ලෙස දැනෙන ශේක්ස්පියර් නිර්මාණ ලෝකයේ භාවිතයට ගැනීම පංති කාමරයේ සිට මහා නවීන රඟහල් දක්වා නොනැවතී සිඳු වන්නේය.ඒවා එක සමාන රංග ක්‍රම ඔස්සේ සිඳු නොවන අලුත් අලුත් අංගෝපාංගවලින්,රංග සංකල්පවලින් පොහොසත්වය.


මේ ගැන ගෙවුණු කාලයේ අන්තර්ජාලය හරහා බොහෝ ශේක්ස්පියර් නිර්මාණ ගැන විමසා බලන්නට සිත් වූයේ ජයනාත් බණ්ඩාරගේ රොමියෝ ජුලියට් නිර්මාණය පාදක කරගෙනය.එය වින්දනාත්මකව දැනෙන වැඩක් වුව යම් යම් මතවාදයන් විසින් ශේක්ස්පියර් පන්නයේ දැවන්ත වැඩක් නොවන බවට මත පළ වීය.ඒ නිසාම ලෝකයේ බොහෝ රොමියෝ ජුලියට්ලා පෙන්වන තැන සිට,පෙන්වන්නේ කවුරුන්ද යන්න සිට,භෞතික තත්ත්වයන්ට සාපේක්ෂව වෙනස් බව හඳුනා ගන්නට හැකි විය.එසේම එය නිර්මාණකරුවාගේ අරමුණ,රුචිකත්වය සහ සුවිශේෂීත්වය නිසා ද වෙනස් හැඩ ගන්නා අතර බොහෝ දුරට සමාන ස්වරූප පෙන්වන ශෙක්ස්පියර් ආකෘතිද මේ අතර නැතුවා නොවේය.


ජයනාත් බණ්ඩාරගේ රොමියෝ සහ ජුලියට් ඔහු විසින් ප්‍රතිනිර්මාණය කර තිබෙන අයුරු අපි වින්දෙමු.පෙළ ශේක්ස්පියර්ගේ වූ එය ජයනාත් බණ්ඩාරගේ නාට්‍යය ලෙස හඳුනා ගත් පසු එහි හොඳ දැකීම පහසුය.ජයනාත් මෙහි රංග වින්‍යාශය සඳහා ජෙරම් ද සිල්වාගේ සහය ලබා ගැනීම ඔහුට සිය නාට්‍ය ඇතුළේ ජයනාත්මය ලක්ෂණ අතුරා තබන්නට පහසු වි ඇති බව හැඟේ.ජෙරම් යනු ශේක්ස්පියර් පෙළ ලාංකේය ඉංග්‍රිසී වේදිකාව ඇසුරේ විවිධාකාරයේ සැත්කම්වලට බඳුන් කළ අයෙකි.ඒ නිසා ජයනාත්ට ශේක්ස්පියර්ගේ පෙළ ජයනාත්ගේ අනන්‍යතාව සහිත අධ්‍යක්ෂණයක් කර ගන්නට හැකි වී ඇත.ශේක්ස්පියර් ද රොමියෝ සහ ජුලියට් කර ඇත්තේ ඉතාලියේ විසූ රොමේයෝ හා ජුලියෙත්තා ඉංග්‍රිසි බසින් සිය සංස්කෘතියට යටත් කර ගැනීමෙන්ය.ශෙක්ස්පියර් විසින් ලෝක අවධානයට ලක් කරන ලද උත්තරිතර ප්‍රේම වෘත්තාන්තය ඉතාලියේ වෙරෝනාවට සම්බන්ධ එකක් වන අතර තවමත් ඉතාලිය මෙම ප්‍රේම වෘත්තාන්තය ස්මරණයක් හැටියට තබා ගෙන ඇත්තේ ශේක්ස්පියර් ඊට දුන් විශ්වීය වටිනාකම නිසා ය.


“Capulets” සහ “Montagus” යන සිටු පවුල්වල පාරම්පරික වෛරය තුළ එම පවුල් දෙකේ සාමාජිකයෙක් සහ සාමාජිකාවක් අතර ඇති වන ප්‍රේම සම්බන්ධයේ තීව්රකම ගැන තවත් තදින් දනවන්නට තිබුණේ නම් යන හැඟීම ජයනාත්ගේ රොමියෝ ජුලියට් හරහා දැනවෙන අඩුවක්ය. සමහර විට Capulets” සහ “Montagus” සිටු පවුල්වල ප්‍රධානීන් සිය ප්‍රභූ පෞරශය මිට වඩා විශ්වසනීය අයුරෙන් තහවුරු කරන්නට සමත් වූවා නම් එය සිඳු වන්නට තිබුණ බව මගේ හැඟීමයි.චමින්ද බටුකොටුව,වසන්ත ගුණවර්ධන සහ සිළුමිණි අලගියවන්න තිදෙනාව සිටු කිරිමේ කාර්යය නිවැරදිව සිඳු වූ බවක් දැකිමට නොතිබිණි.ඒ නිසා ඔවුන් සිටු නොවී සිටගෙන සිටි බවක් දැණින.


ඇතැම් අවස්ථාවල රංගනයේ යම් ආධුනික ගති ලක්ෂණ පළ වුව ද,සමස්තය ලෙස ගත් විට වේදිකාවේ සිඳු වූ චලනයන් ඇස්වලින් අල්ලාගෙන සිටින්නට හැකි ලෙස අධ්‍යක්ෂණය වි තිබීම ජයනාත් ගැන බලාපොරොත්තු ඇති කරවයි.මර්කිෂයෝ චරිතයට පන දුන් තරිඳු මධුශංඛ අතිශයින් සරල සහ සැහැල්ලුවෙන් වේදිකාවේ හැසිරුණු අයුරු අපූරුය.ඒ සැහැල්ලුව අතරේම චරිතයේ බර ද ඔහු අපට දැනෙන්නට සළස්වන්න ගත් උත්සාහය සෑහෙන දුරට සාර්ථක වූ කාර්යයකි.


චරිතය වේදිකාවේ කෙතරම් දුරට රැදී සිටින්නේ ද,දෙබස් කියන්නේ ද කියක කාරණය අනුව රංගන ශිල්පියාගේ සමීපවීම තීරණය වන බව සිතීම වැරදි කල්පනාවක් බව පැහැදිළි කරන රංගනයක යෙදෙන්නට පීටර් ගේ භූමිකාව හොඳ උදාහරණයක්ය.ඔහුටම ආවේනික වූ සැහැල්ලු සහ විශේෂ හැකියාවන් ද ගෙන සියල්ල හොඳ පදමට ගෙන තමන්ට ලැබුණු කෙටි කාලයෙන් ඔහු අනාගතයට දිගු කාලයක් වැඩ ගත හැකි රංගවේදියෙකු වීමේ ලක්ෂණ ප්‍රදර්ශනය කළේය.


තරුණ ජුලියට් (ඕමන්ති බණ්ඩාර) සහ රොමියෝ (රමිඳු බෙනරගම) වේදිකාවට හොඳ ආයෝජනයන් වනු ඇත.චරිතය විසින් පනවන ලද බර දරමින් එය ගලා යන්නට දිමේ දී සුළු සුළු බාධක පනවාගත් බවත් දකින්නට තිබුණත් ලෝකයම ගරු කරන පෙම් කතාවක ප්‍රේමවන්තයෝ ලෙස ඔවුන් මුහුණ දෙන පීඩනය හමුවේ ප්‍රේමය නොසිදී,නොසැලී තබා ගැනීමේ අභියෝගයට මුහුණ දෙන ආකාරය දැනවීමේදී ඔවුන් විශාල වශයෙන් සාර්ථකය.


මාලි ජයවීර (හෙදිය) මෙන්ම ලක්ෂ්මන් මෙණ්ඩිස් (පූජක) සිය අත්දැකීම් සමඟ කය මෙන්ම වාචික අභිනයද කළමණාකරණය කර ගැනීමෙන් සිය චරිතවල පෞරුෂය සහ අනන්‍යතාවය සමඟ විශ්වාසය තහවුරු කර ගත්තෝය.සෙස්සෝ ද රෝමියෝ ජුලියට් ප්‍රේක්ෂකාගාරයට සමීප කිරීම සඳහා වැදගත් කාර්යභාරයක් ඉටු කළහ.


පවිත්‍රා වීරසිංහ ආලෝක පරම්පරාවක ආලෝකය වේදිකාවට ගෙන එන්නට සමත් වී උන්නාය.ඇයගේ ආලෝක නිර්මාණය හොඳින් සිඳු වී තිබුණත්,එවා ඇතැම් අවස්ථාවලදී වේදිකාවට පැමිණිමේ සුළු ප්‍රමාදයන් දැකිය හැකි විය.ඉන්දිකා උපමාලි සුවිසල් අත්චැකීම් සහ හැදෑරීම් හී පරාසය තුළින් වේදිකාවේ අනන්‍යතාවය ගැලපෙන සංගීතයක් උකහාගෙන තිබුණු බව කිව යුතුය.වජිරා පීරිස් ගේ රංග වස්ත්‍ර නිර්මාණය ද සිය පළමු දායකත්වය ලෙස ඉහළ මට්ටමකින් පවත්වාගෙන ගොස් තිබිණ.වේදිකා පසුතල නිර්මාණශිලීපීන් ද අලුත්ය.හොඳය.


මේ ආකාරයෙන් ගත් විට වසර 30 ක අත්දැකීම් සමග ජයනාත් කරන ලද පළමු නාට්‍ය අධ්‍යක්ෂණය බොහෝ අයට සිය පළමු අත්දැකීම වී තිබිණ.එසේම එහි වේදිකාවේ අප දුටුවේද වැඩිපුරම මේ මොහොතට වඩා ඉදිරියට වැදගත් ශිල්පී දායකත්වයන්ය.එම දායකත්වයට ශේක්ස්පියර් වැනි දැවන්ත කටයුත්තක් ලැබීම එම ශිල්පීන්ට රංග පාසලක ප්‍රායෝගික වැඩ මුළුවක් ලැබීම වැනිය.එසේ සිතන විට ජයනාත් බණ්ඩාර අනාගත වේදිකාවට විවිධ වූ ආයෝජනයන් ගණනාවක්ම සිය රෝමියෝ ජුලියට් හරහා සිඳු කර අවසන්ය.
එසේම එම ආයෝජනයට නිර්ලෝභීව ආයෝජනය කරන්නට ඉදිරිපත් වූ වෛද්‍ය වාසනා බණ්ඩාර සමාජය සුවපත් කරන්නට හැකි පිරිසකට නැඟෙන්නට හොඳ ඉණිමඟක් සකසා ඇති බව කිව යුතුය.එසේම රෝමියෝ ජුලියට් පරිවර්ථනය යනු පහසු නැති කාර්යයකි.ඉංග්‍රිසියේ ද ගැඹුරු ශේක්සිපියර් අනන්‍යතාවයක් සහිත ඉංග්‍රිසියක් සමඟ හරඹය පහසු නැත.වින්ද්‍යා හරන්කහ ඒ අභියෝගය සාර්ථකව අවසන් කර ඇත.විශේෂයෙන් ගීතමය පෙරැලීම්වල දී ඇය හොද සිංහල ගීත රචිකාවක් විය හැකි අන්දමේ භාෂාමය පොහොසත්කමක් ද පෙන්වන්නීය.


කා තුළ හෝ ශේක්ස්පියර් නාට්‍යයක හැඩතල සහිත රාමු තිබෙන්නට පුළුවන්ය.ඒ නිසා එය මෙසේ සිඳු විය යුතුය කියා කියන්නට හෝ එසේ නොවීම ගැන යම් යම් කහට තිබිය හැකිය.එහෙත් මේ ශේක්ස්පියර්ගේ නාට්‍ය නොව ජයනාත් බණ්ඩාර ශෙක්ස්පියර්ගේ පෙළ භාවිතයෙන් ප්‍රතිනිර්මාණය කළ නාට්‍ය ලෙස ගත් විට මේ නාට්‍ය ජයනාත් බණ්ඩාර සතුය.ඔහු අනේක විධ භෞතිකව මුණ ගැසෙන බාධාවන් අභිබවා යමින් සියයට අනූවකටත් වඩා අඩු අත්දැකීම් සහිත පිරිසක් එකතු කරගෙන කළ මේ නිර්මාණය මිංහල වේදිකාවට අතිශයින් වැදගත්ය.ජයනාත් සිතිය යුතු වන්නේ මේ ඔහුගේ රෝමියෝ ජුලියට් හී පරිසමාප්තිය නොවන බවය.නාට්‍ය දිවෙන අතරේම එය දුරටත් කපා ඔප මට්ටම් කර ගැනීමට සිය අත්දැකීම් ප්‍රයෝජනයට ගන්නේනම් ඉදිරියේදී මෙහි වටිනාකම තවත් ඉහළ යනු ඇත.


විෂය දැණුමෙන් පොහොසත් පිරිසට තමන්ගේ දැණුම භාවිතා කිරීමට අලුත් පාරක් හදා දෙන්නට ජයනාත් කටයුතු කර තිබෙන බව පැහැදිළිය.හොඳම උදාහරණයක් ලෙස ඉන්දිකා උපමාලි ගත හැකිය.එසේම අලුත් කළල තැන්පත් වන ගැබක් ද,එහි නිරෝගීව වැඩී දිනන උපත් ගැන ද බලාපොරොත්තු ඇති කර ඇත.අත්දැකීම් අඩු අයට දැණුම පමණක් නොව සංයමය සහිතව සාමූහිකව වැඩ කරන්නට යම් ප්‍රායෝගික ක්‍රියාකාරකම් සහිත තක්ෂිලාවක් විවර කර ඇත.ඒ කුමන අර්ථයෙන් ගත්ත ද ප්‍රේක්ෂකයාට වැදගත් වන්නේ නාට්‍යය විඳින්නට හැකි එකක් ද නැද්ද යන කාරණය බවත් ඇත්තය.ජයනාත් සෑහෙන දුරට එම කටයුත්ත ද සාර්ථක කර ගනිමින් අධ්‍යක්ෂණයේ මතු බලාපොරොත්තු ඇති කර ගත හැකි මානයට පිවිස තිබීමද වැදගත්ය.


අවසානයේ නාට්‍යය පැවතිය යුතු එකක් බව කිව යුතුය.එය අදට වඩා හොඳ හෙටක් තනන්නට ඉවහල් වන නිර්මාණයක් බව ද කිව යුතුය.එසේම ජයනාත් ද යළි යළිත් පිරික්සමින්,වෙහෙසෙමින්,අවධානයෙන් යුතුව සිය නිර්මාණය අදට වඩා පොහොසත්ව හෙට ඉදිරිපත් කිරීමේ ප්‍රයත්නයේ නිරන්තරයෙන්ම අත නොහැර රැදී සිටිය යුතුය.

Latest Posts

spot_img

දේශපා

Don't Miss

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan