පොලිස් බලතල නැතිව බලය බෙදීමකට යමු. සෙනෙට් සභාවකටත් අපි විරුද්ධ නෑ – ජනපති රනිල්

Date:

පළාත් සභාවලට පොලිස් බලතල ලබාදීම හැර, අනෙකුත් බලතල ලබාදීම සම්බන්ධයෙන් ගැටලුවක් නොමැති බවත් ඒ ඔස්සේ බලය බෙදීමේ ක්‍රියාවලියකට යාමට හැකි බවත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.

“ඉතුරු වෙලා තියෙන්නෙ දේශපාලන ප්‍රශ්නය. එකක් තියෙන්නෙ ඉඩම් ගැන. යාපනේ ඉඩම් සහ වෙනත් පැතිවල ඉඩම් ගැන, එතන තියෙන්නෙ ගම්වැසියනුයි වනජීවී දෙපාර්තමේන්තුවයි අතර තියෙන ගැටුම්. දැන් මේක වව්නියාව, ත්‍රිකුණාමලයට විතරක් සීමාවෙලා නෑ. ඒ වගේම ගැටුම් පොලොන්නරුවේ තියෙනවා, මහියංගණේ තියෙනවා. ඉතින් මේ අය කැඳවලා දැන් විසඳාගෙන යන්නෙ. මම කිව්වා 1985 සිතියම අනුව අපි ක්‍රියාකරමු, වනාන්තර නම් වනාන්තර – ගම්මාන නම් ගම්මාන. දැන් ඒ අනුව තමයි වැඩේ කෙරෙන්නෙ, නමුත් ඒක ප්‍රමාදවෙලා තියෙනවා. මම බලාපොරොත්තු වෙනවා එන සතියේදී පාර්ලිමේන්තුවේදී දෙමළ පක්ෂ, මන්ත්‍රීතුමන්ලා මුණගැහෙන්න. හමුදාව එක්ක කතා කරලා හමුදාව දැන් තවත් ඉඩම් ප්‍රමාණයක් නිදහස් කරන්න එකඟවෙලා තියෙනවා. එතනින් අපට ඉදිරියට යන්න පුළුවන්.

ඊළඟට තියෙන්නෙ බලය බෙදාහැරීම. බලය බෙදාහැරීම ගැන මූලික ඉල්ලීමක් හැටියට තියෙන්නෙ බලය බෙදාහරන්න තුන්වෙනි ලැයිස්තුවේ බලතල දෙන්න කියලා. අපි පොලිස් බලතලවලට අතගහන්න යන්නෙ නෑ, ඒක දැන් තියෙන තත්වයේ තියන්න, පස්සෙ කතා කරන්න පුළුවන් ඒ ගැන. ඉඩම් පිළිබඳ ජාතික ඉඩම් කොමිසමේ පනත ඉදිරිපත් කරනවා. ඇත්ත වශයෙන්ම තුන්වෙනි ලැයිස්තුවේ තියෙන අනිත් විෂයයන් භාරදීම ගැන අපට ප්‍රශ්නයක් නෑ. මං කියන්නෙ පාර්ලිමේන්තුවේ අනිත් පක්ෂ එක්කත් එකඟවෙන්න වෙයි අපට තුනෙන් දෙකක් ලබාගන්න. ඒ ගැන අපේ ප්‍රශ්නයක් නෑ, ඒ එක්කම අපි දැන් කතා කරගෙන යන්නේ පළාත් අධ්‍යාපන මණ්ඩලය ක්‍රියාත්මක කරන්න. ඒ වගේම අපි යෝජනා කරලා තියෙනවා පළාත් වෘත්තීය පුහුණු ආයතනය. හැම පළාතටම සංචාරක මණ්ඩලයක්. ඒ වගේම අපි කෘෂිකර්මය නවීකරණයේදී ඒ සඳහාත් පළාත් මට්ටමේ කමිටු. ඒ වගේම අමාත්‍යාංශ විසි ගණනක කටයුතු අපි දැන් කරන්නෙ පළාත් අමාත්‍යාංශ පහකින්. ඒක වැඩිකරන්න යන්නෙ නෑ, ඒත් ස්වරූපය වෙනස් කරන්න තියෙනවා. ඒවා ගැන අපේ නිලධාරීන් දැනට කටයුතු කරගෙන යනවා. ඊටපස්සෙ අන්තිම කොටස පක්ෂ ඔක්කොම එකතු වුණාම තමයි ක්‍රියා කරන්න යන්නේ විමධ්‍යගත අයවැය ගැන.

තව ඉල්ලීමක් තියෙන්නෙ ද්විතීය මණ්ඩලයක්, එහෙම නැත්නම් සෙනෙට් සභාවක්. ඒකට ආණ්ඩුවේ විරුද්ධත්වයක් නෑ. මට පෙනෙන හැටියට ඒක කරන්න තියෙන්නෙ ව්‍යවස්ථාවක් හදන අවස්ථාවේ, මොකද ජනමත විචාරණයකටත් යන්න සිදුවෙන්න පුළුවන්. මේ පියවර තමයි අපි දැන් අරගන්න බලාපොරොත්තු වෙන්නෙ”

ජනාධිපතිවරයා මේ බව පැවසුවේ ඊයේ (28) පෙරවරුවේ කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ පැවති ශ්‍රී ලංකා ජාතික සාම මණ්ඩලය විසින් සංවිධානය කරන ලද “සංහිඳියාව සඳහා ආගම්” ජාතික අන්තර් ආගමික සමුළුව අමතමිනි.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

පරාද වී පටන්ගත් කොළඹ උතුර අවසානයේ යූත් කුසලානය දිනා අවසන් කරයි

නිශ්මං රණසිංහ ජූලි 01, කොළඹ LNW: මුහුණ දුන් පළමු තරග...

ශ්‍රී ලංකාවට අදත් අමාරු තරගයක්

නිශ්මං රණසිංහ ජූලි 01, කොළඹ LNW: ආසියානු යොවුන් දැල් පන්දු...

මනූෂගේ මගම යමින් අවබෝධතා ගිවිසුමකින් E-8 වීසා යළි කරළියට

දකුණු කොරියාවේ සෘතුමය රැකියා E-8 වීසා යටතේ නැවතත් සක්‍රිය...