*
Friday, April 19, 2024
spot_img

Latest Posts

ඊනියා කොදෙව්වාසී ලියන්නන්ට විශ්වීය ලේඛකයෙකුගෙන් ඉගෙන ගත හැක්කේ කුමක්ද ???

පසුගිය වසරේ බුකර් සාහිත්‍යය ත්‍යාගය දිනාගත් ‘ප්‍රොපෙට් සෝන්ග්’ යනු අයර්ලන්ත ජාතික ලේඛකයෙකු වන පෝල් ලින්ච් නම් වූ තරුණ නවකතාකරුවා විසින් රචනා කරන ලද දිස්තෝපියානු නවකතාවකි. සිය මුල් නවකතාවේ සිටම සම්මානලාභියෙකු වූ පෝල් ලින්ච් සැබැවින්ම තමන් විසින් රචනා කරන ලද කෘතියෙන් කෘතියට සම්මාන ලබා ගත් සම්මාන හඹා යන්නෙකු යැයි කියා කෙනෙකුට හැඳින්විය හැකි ගණයේ අග්‍රගණ්‍යය ලේඛකයෙකි. ඔහු අග්‍රගණ්‍යය ලේඛකයෙකු ලෙස හැඳින්විය හැක්කේ, හුදු සම්මානලාභී ලේඛකයෙකුවීම යන කාරණාව මත පමණක්ම නොවේ. ඔහු තමන් ජීවත් වන ලෝකයේ සාහිත්‍යය මුහුණ දෙන ගැටළු මෙන්ම දේශපාලනික ගැටළු පිළිබඳව ද ගවේෂණය කරනු ලබන, තම ලිවිසැරිය එම කාලීන ප්‍රශ්න දෙසට හෙලනු ලබන අවලෝකනයක් බවට පත් කරගන්නා හෙයින්ද හෙතෙම අග්‍රගණ්‍යය ලියන්නෙකු ලෙස හැඳින්වීමට කැමැත්තෙමු.

පහතින් පළ වන්නේ, පෝල් ලින්ච් විසින් ‘ද බිග් ඉෂූ’ සඟරාවට ලියන ලද ලිපියක පරිවර්තනයකි. මෙම ලිපියේදී ලින්ච්, දොන් දෙලීලෝ වන ඇමරිකානු නවකතාකරුවාගේ මාවෝ 2 නම් වූ නවකතාව හුවා දක්වමින් සාහිත්‍යය සහ නූතන ලේඛකයෙකු මුහුණු දෙන ගැටළු කිහිපයක් සම්බන්ධයෙන්ම කෙටියෙන් වුව ද ඉතා බුහුටි අයුරින් සාකච්ඡා කරනු ලබයි.

පෝල් ලින්ච්ගෙන් වර්තමාන සිංහල ලේඛකයන්ට ඉගෙන ගත හැකි පාඩම් බොහෝය. ජාතක පොතට සහ ගතව ගිය සිංහල බෞද්ධ සමාජ ක්‍රමය මත පමණක් පදනම් වූ නිර්මාණ පාඨකයන් හමුවට ගෙන එමින් සම්මානලාභීන් වන අද්‍යයතන මෙරට ලේඛකයන්ට වර්තමාන ලෝකය මුහුණ දෙනු ලබන දේශපාලනික සහ අදේශපාලනික ප්‍රශ්නවලට ලේඛකයෙකු විසින් මැදිහත් විය යුතු වන්නේ කෙසේද? සහ කවර ආකාරයකටද? යන්න තේරුම්කර ගැනීමට සිරියාවේ සරණාගත ප්‍රශ්නය මුල් කරගනිමින් සිරියාව ගැන අවබෝධයක් නොතිබූ ලියන්නෙකු ඒ පිළිබඳව මහඟු කෘතියක් ලියා එයට ලොව මුල් පෙළේ සාහිත්‍යය ත්‍යාගයක් හිමි කරගැනීම යන කාරණාව අරඹයාම ලින්ච්ගෙන් මෙරට කොදෙව්වාසී මානසික මට්ටමක සිටින ලියන්නන්ට ඉගෙන ගත හැකි පාඩම සැබැවින්ම අමිලය.

නැසීගිය ඒකාධිපතිවාදී රජවරුන් සහ වලව් පැළැන්තියේ රදළයන් පිළිබඳ නොස්ටැල්ජියානු නිර්මාණයන් වෙනුවට කලාව කලාව උදෙසාද? නැතිනම් මිනිසා උදෙසාද යන අරගලකාරී ප්‍රශ්න යුගලයෙහි සමෝධානයක් මඟින් රුපියල අවප්‍රමාණය වීම උද්ධමනය ආදී කාරණාවන් තම වියමන් තුළට ගෙන ඒමට මෙරට රචකයන් සවිඤ්ඤාණික වූ දිනයක ජාත්‍යයන්තර මට්ටමේ සාහිත්‍යයක් පරීශීලනය කිරීමට මෙරට පාඨකයන්ට අවස්ථාවක් උදා වනු ඇත .

හුදු ප්‍රචාරකවාදී නිර්මාණකරණයක් වෙනුවට රසාස්වාදනීය මට්ටමින් ඉහළ වූ, කෘතියක වියමනටම සංයුක්ත වූ දේශපාලනික බවක් කිසියම් හෝ නිර්මාණයක් මඟින් එළි දැක්වෙන විට එය ඊනියා ජනතාවාදී සාහිත්‍යයක් නොවනු ඇත . කිසියම් හෝ නිර්මාණයක දේශපාලනය ගැන දේශපාලනික නොවී කථිකාවට බඳුන් කළ හැකි කාරණාවක් වශයෙන් එය දෘශ්‍යමාන වන විට අද්‍යයතන ලේඛකයා සතු ලොව භයානකම අවියවන ‘පෑනට’ කළ හැකි දේ පුදුමාකාරබව නැවතත් මිනිසුන්ට මතක් වනු ඇති.

නිර්මාණයක් සහමුලින්ම දේශපාලනයෙන් වියුක්තව හුදු විනෝදය දනවන දෙයක් බවට පත් වන විට එය දේශපාලනික වශයෙන් නපුංසකභාවයක් නිමවනු ලබන්නේ ඉබේමය. එවැනි නපුංසක නිර්මාණයන් වෙනුවට සැබෑ නිර්මාණයන් නැවතත් ලෝකයට අවැසි යුගයකි මෙය. මන්ද පෑන යනු ලොව බලවත්ම අවිය වන බැවිනි.

එකී බලවත් අවියේ නිසි භාවිතාව නැවතත් ලෝකයට අවැසි වී තිබෙනුයේ සැබැවින්ම ඉතිහාසය යළි යළිත් පුනරාවර්තනය වන කාරණාවක් වන බැවිනි.

දැන්, එකී කාරණාවන් පිළිබඳ කථිකාවට කොමාවක් දමා ලින්ච් ගේ ලිපිය දෙසට ඇවිද යමු.

ගොඩනැගෙන නවීනත්වයේ කුරිරු බව සමඟ නූතන නවකතාවක් ලිවීම

1991 කෘතියක් වන ඔබ දන්නා වූ දොන් දෙලීලෝගේ මාවෝ 2 නූතන රචකයෙකු මුහුණ දෙන සුවිශේෂී වූ ගැටළු කිහිපයක්ම ගවේෂණය කරනවා. එම කෘතියේදී, හුදකලා නවකතාකරුවෙකු වන බිල් ග්‍රේ සොයාගන්නවා නවකතාව සංස්කෘතියේ කේන්ද්‍රස්ථානයක් නොවන සමාජයක් වෙතට පාවෙමින් තියෙනවා කියලා. සිය ආත්මයේ තත්වය එය මත රදා පවතින්නා සේ සාහිත්‍ය කියවීමකරගත් කාන්තාවන් පමණක් නොව මිනිසුන් විශාල ප්‍රමාණයක් සිටින විශේෂයෙන් සඳහන් කළ යුතු නැති ජාතියක් එය මත යැපෙන විට 90 දශකය අගභාගයේ ‘සෝල් බෙලෝස්ගේ හර්සොග්’ වැනි කෘතියක් නිව්යෝර්ක් ටයිම්ස්හි වැඩිම ඉල්ලුමක් ඇති කෘති ලැයිස්තුවේ සති 29 ක කාලයක් පසු කළ 1964-65 කාලය නවකතාකරුවෙකුගේ ප්‍රබන්ධයකට යළි යළිත් තිබූ ඉල්ලුම මතකයට නංවනු නො අනුමානයි.

නවකතාව අපගේ කණට කොඳුරා කියූ දේ කීමට ප්‍රතිස්ථාපනය කර තිබෙන නූතන මාධ්‍යයයේ සන්තෘප්තිය ගැන දුක්වෙන දෙලීලෝ මාවෝ 2 කෘතිය තුළින් එය සමච්චලයට බඳුන් කරනවා. රාත්‍රී ආහාරය ගනිමින් ඉන්න අවස්ථාවේදී අපගේ විසිත්ත කාමරයට එන ත්‍රස්තවාදයේ සහ යුද්ධයේ තරංග පද්ධතීන් රැගත් උපකරණයක් තනිව සටන් වදිමින් ඉන්නා නවකතාකරුවෙකුට ඇහුන් කන් දෙන්නට අපිට ඉඩ දෙන්නේ කොහොමද?

ත්‍රස්තවාදය පිළිබඳ සවිඤ්ඤාණික බලපෑමක් අප තුළ ඇති කිරීමට නවකතාකරුවෙකුට පුළුවන් කමක් තිබුණ බවට විස්වාසයක් තිබුණේ ගොඩක් කාලෙකට කලින් නෙමෙයි. නමුත් දෙලීලෝ එක අවස්ථාවක කියනවා “අද වනවිට මිනිසුන්ගේ සවිඤ්ඤාණිකත්වය හැඩ කරන සහ එයට බලපෑමක් ඇති කරන මිනිසුන් ත්‍රස්තවාදීන්” යනුවෙන් හඳුන්වනවා කියලා.

මාවෝ 2 ට වසර තිස් දෙකකට පස්සෙ, අපි ජීවත් වෙන්නෙ භීතිය දනවන යුගයක් තුළ වුණත් තාක්ෂණයේ ආකර්ශනාත්මක බව විසින් අපේ සවිඤ්ඤාණිකත්වය නැවත හැරවිය නොහැකි විඳියටම හැඩගස්වලා තියෙනවා. අපගේ අවධානයේ ඛණ්ඩණය වීමත් එක්ක අතුරුදන්වීමේ බිය නිරන්තරයෙන්ම ජනනය කරවන ගොඩනැගෙන කුරිරුබවේ නවීන බව සමඟ නවකතාව කොහොමද තරඟවදින්නේ , ? ස්ථිරවම ආකර්ශනාත්මක දෙයක් බවට පත්වීමේ සහ අවධානය වෙනතකට යොමුකිරීමේ යථාර්ථය සමඟ නවකතාවට පුළුවන්ද විවාදාපන්න වෙන්න?

කතුවරයා තමන්ගෙ ජනේලය තුළින් පිටත බලන විට නිශ්චිතවම සාංකාවක් අතිවිදිනවා විය හැකියි. සියල්ලට පසුව නවකතාව පරමාදර්ශී භාවිතාවක් නොවූවත් එය පාඨකයාට ඉදිරිපත් කිරීමක් පමණයි කියන සාධාරණීකරණය පවා ඔවුන් ඉදිරිපත් කළ හැකියි. ගමන් ගන්නා සවිඤ්ඤාණිකත්වයේ ආලෝකය. සැඟවුණ ජීවිතයේ වාර්තාගත නොවූ බලපැවැත්වීම්. නිහඬබව දිගහැරෙන පුදුම සහගත මොහොතක. අර්ථය සහ පුද්ගල සත්‍යය දත්ත සහ තොරතුරුවලට වඩා වැඩියි.

ඒ වගේම තවමත් අපි ජීවත් වෙන්නෙ ගැටලිහෙමින් පවතින යුගයකයි. අපි ජීවත් වෙන්නෙ මිථ්‍යාව නැවතත් විය හැකි දෙයක් බවට පත්වන කාලයකයි. ආත්මයේ මහා ගමන තවඳුරටත් අභ්‍යන්තර පරීක්ෂණ මාලාවක් නොවී ඉදිරිපත්වන විට, මිලියන ගණනක මිනිසුන් වෙනුවෙන් සැබෑ ලෝකය අභියෝගකරනවා වීර කාව්‍යමය පරිමාණයෙන් ජාතීන්ගේ බිඳවැටීම බැහැර කිරීමට සහ මුළු මහාද්වීප හරහා පිටවීමේ බයිබලය මත ගැතිව සිදු කරන හුවා දැක්වීම් බිදදැමීමට.

දේශගුණික විපර්යාස මඟින් නිර්මිත වන අනාගතයක නටඹුන් තුළ නවකතාකරුවාට දැකිය හැක්කේ දේවල් වඩාත් නරක අතට හැරෙමින් තිබීම විතරයි. අප වටා විශාල වශයෙන් ලියවී තිබෙන ජීවිතය සහ මරණය, බලය සහ බල රහිතභාවය පිළිබඳ ප්‍රශ්නවලට අද්‍යයතන ලේඛකයා ප්‍රතිචාර දක්වන්නේ කොහොමද? අපේ මුළු ග්‍රහලෝකයම අනතුරක පවතින බව පෙනෙන විට ලේඛකයා එයට ප්‍රතිචාර දැක්විය යුතු වන්නේ කෙසේද?

මගේ පස්වන නවකතාව ලිවීමට වාඩි වන විට එවැනි ප්‍රශ්න සමඟ මා පොරබඳමින් සිටියා. සිරියාවේ ඇති වූ දැවැන්ත සරණාගත අර්බුදය පිළිබඳ ප්‍රශ්නයෙන් පිස්සු වැටුණු මං ඒ පිළිබඳ වූ බටහිර උදාසීනත්වය පිළිබඳව පුදුම වූණා.

මාර්ගය බෙහෙවින්ම අනතුරුදායක වුණත් මේ සියල්ල භාරගත යුතුය යන දැඩි අදිටන් සහඟත හැඟීමකින් මං හිටියා . දේශපාලනික නොවී ලෝකය කැඩපතකින් පිළිඹිබු වෙනවා වගේ කාටහරි නවකතාවක් ලියන්න පුළුවන් වෙන්නේ කොහොමද?.

ස්ටෙන්ඩාල්ගේ ඒ උපහාසාත්මක තහනම් ආඥාව මතක තියාගන්න එක බෙහෙවින්ම ඥානාවිතයි කියලා මට හිතුණා.

“දේශපාලනය යනු සාහිත්‍යයේ ගෙලෙහි එල්ලා තිබෙන ඇඹරුම්ගලක් වන අතර මාස හයකට නො අඩු කාලයකදී එය ගිලෙනු ඇත”

එහෙමත් නැතිනම් ඒසී ස්වින්බර්න් විල්කි කොලින්ස් ගැන කියූ දේ “ යහපත් විල්කිගේ දක්ෂතාවය විනාශ වීමට ආසන්නව සිදු වූයේ කුමක්ද? සමහරක් යක්ෂයන් කණට කොඳුරා කියනවා- විල්කිට මෙහෙවරක් තියෙනවා කියලා”

හය මසක කාලයක් වැඩකරාට පස්සෙ, අන්තිමට නවකතාවක් පිළිබඳ අදහසක් ඇති වුණා. සිරියාව ගැන ප්‍රමාණාත්මක දැනුමක් මට තිබ්බෙ නැති නිසා සිරියාව ගැන ලියන්න මට බැරි වුණා. ඒ වෙනුවට මට පුළුවන් වුණා නිහඬවම රහසේ නොදැනෙන්ට ගැටළුව අයර්ලන්තයට ගෙනයමින් විසඳන්නත්, ඒ තූළින් විශිෂ්ඨ ප්‍රතිඵල අත්කරගන්නත් . ඒ වගේම මගේ කතාව ඩබ්ලින්හි සකසමින් තිබුණා වූ මහා විමුක්තිය, ‘ප්‍රොපෙට් සෝන්ග්’ බිහි කළා. කුරිරු පාලනයක් කරා ඇදී යන ජනතාවාදී රජයක් සමඟ අයර්ලන්තය කෙබඳු වනු ඇති දැයි කියා කල්පනා කිරීමට මං පටන් ගත්තා.

කෆ්කා සහ බෙකට් යන දෙදෙනාම ඔවුන්ගේ යුගයේ භීෂණය පිළිඹිබු කළ ආකාරය ගැන කල්පනා කළ මා හට, අපගේ කාලය තුළ සැබෑ ලෙස සැකසිය හැකි හෝ නොවිය හැකි නමුත්, යථාව සහ භීෂණය පිළිබඳ ගැඹුරු හැඟීමක්, සත්‍යය සහ තත්වය තවඳුරටත් වටහා ගත නොහැකි ලෝකයක් පිළිබඳ ගැඹුරු හැඟීමක්, පාඨකයාට ලබා දෙන ඩිස්ටෝපියානු නවකතාවක් ලිවීමට හැකි බව පෙනී ගියා.

තෙතබරිත ඩබ්ලින්හි රාත්‍රියක මවක් සහ විදා්‍යඥවරියක් වන එයිලිෂ් ස්ටැක් ඇගේ ඉදිරි දොර විවර කරන විට අන්ධකාරයෙන් ඇයව පිළිගනු ලබන්නේ අළුතින් පිහිට වූ අයර්ලන්ත රහස් පොලීසිය වන ජී.එන්.එස්.බී. නිළධාරීන් දෙදෙනෙකු විසිනුයි. ඒ මොහොතේදී පැටලිලිසහගතව වරදකරුවන් පිළිබඳ සටහන් කරගන්නා පොතට ඇය විස්තර ලබා දීම, දේශපාලනයේ ගැටළුව වෙනුවට ඉන් ඉවතට යොමු වීම සම්බන්ධයෙන් මා ලියූවකුයි. දුක්ගැනවිලි නොව දුක් ගැන ලියූ ගීතයක් බවට පොත පත් වුණා වුණත්, ඒක නූතන පාඨකයා සම්බන්ධකරගැනීමට ගත් වඩාත් තීව්‍ර වූ මාර්ගයක් සොයාගැනීමකුයි. මේ නිසාම පොත පාඨකයාට පමණක් පිළිතුරු දිය හැකි ප්‍රශ්නයකින් අවසන් වෙන අතරම එය මගේ පුද්ගලික ප්‍රශ්නයට පිළිතුරක් බවට පත් වුණා. සාහිත්‍යය අප දැන් ජීවත් වෙන ලෝකය හමුවිය යුත්තේ කෙසේද?

පරිවර්තනය සහ සටහන
බාසුරු ජයවර්ධන

RN

Latest Posts

spot_img

දේශපා

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan