ඇල්පිටියේ අයවැය 4 වැනි වතාවටත් පරාදයි. NPP මන්ත්‍රීත් පොහොට්ටු – අලි අයවැයට සහාය දීලා !

Date:

දැනට මෙරට සක්‍රිය තත්වයේ පවතින එකම පළාත් පාලන ආයතනය වන ඇල්පිටිය ප්‍රාදේශීය සභාවේ අයවැය සිව්වැනි වතාවටත් පරාජයට පත්ව තිබේ.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට බලය හිමි මෙම ප්‍රාදේශීය සභාවේ අයවැය සඳහා ඊයේ (28) දිනයේදී ඡන්ද විමසීමේදී ඊට විරුද්ධව ඡන්ද 14ක් ලැබී තිබුණු අතර ඊට පක්ෂව ලැබී තිබුණේ ඡන්ද 12ක් පමණි.

අයවැයට පක්ෂව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සහ එක්සත් ජාතික පක්ෂය නියෝජනය කරන මන්ත්‍රීවරුන් පිරිසක් මෙන්ම ජාතික ජන බලවේගයේ K.A.D උදය ප්‍රියන්ත මන්ත්‍රීවරයාද ඡන්දය ප්‍රකාශ කර තිබීම මෙහි ඇති විශේෂත්වයකි.

අයවැයට විරුද්ධව ඡන්දය ප්‍රකාශ කළ සමගි ජන බලවේගයේ මන්ත්‍රී කණ්ඩායමට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරුන් පිරිසකගේ ද සහාය ලැබී තිබිණි.

කෙසේවෙතත් අයවැය සිව්වැනි වරටත් පරාජයට පත්වීම හේතුවෙන් 2012 අංක 22 දරණ පළාත් පාලන ආයතන ඡන්ද විමසීම් පනතට අනුව මෙම ප්‍රාදේශීය සභාවේ බලය ශූන්‍ය වන අතර එහි පාලනය සඳහා විශේෂ කොමසාරිස්වරයකු පත්කිරීමට සිදුවේ.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

හිටපු මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල්ට එරෙහිව තීනියාවල පාලිත හිමි ගොනු කළ මූලික අයිතිවාසිකම් නඩුව ඉවතට!

හිටපු මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල්ට එරෙහිව තීනියාවල පාලිත හිමි ගොනු කළ මූලික අයිතිවාසිකම් නඩුව ඉවතට!

විපක්ෂ මන්ත්‍රී රසමානික්කම්ගෙන් විපක්ෂයට විරෝධය – නම් කියලම කියයි

කොළඹ LNW:ත්‍රීකුණාමලය ශ්‍රී සම්බුද්ධජයන්ති බෝධිරාජ විහාරය සම්බන්ධයෙන් මතු වූ...

හක්මන සමූපකාර ඡන්දයෙනුත් මාලිමාව උඩින්ම පරදී !

හක්මන විවිධ සේවා සමූපාකාර සමිතියේ නිලවරණයෙන් ද ජාතික ජන...