රට පුරා මාර්ග කි.මී.1500ක් ප්‍රති­සැ­ක­සීමේ ව්‍යාපෘ­තිය අද (29) සිට, වියදම කෝටි 2,000ක්!

Date:

සටහන – රෂිකා හෙන්නායක

පෙබරවාරි, 29 කොළඹ (LNW): අද (29) සිට රුපි­යල් කෝටි දෙද­හ­සක විය­ද­මින් රට පුරා මාර්ග කිලෝ­මී­ටර 1500ක් ප්‍රති­සැ­ක­සීමේ ව්‍යාපෘ­තිය සෑම ප්‍රාදේ­ශීය ලේකම් කොට්ඨා­ස­ය­ක­දීම ඇරඹෙන බව සඳහන් වේ.

පසු­ගිය වසර දෙක තුන තුළ කොවිඩ් – 19 වසං­ග­තය නිසාත් ආර්ථික අර්බු­දය නිසාත් සමස්ත රට තුළ මාර්ග පද්ධ­තිය බර­ප­තළ ලෙස අබ­ලන් වී තිබී­මත් පසු­ගි­යදා ඇති වුණු ධාරා­නි­පාත වර්ෂාව හේතු­කො­ට­ගෙන ඇති වූ නාය­යෑම් හා ගංව­තුර තත්ත්ව­යන් හේතු­කො­ට­ගෙන මෙවර අය-වැය ලේඛ­න­යෙන් ලබා දී ඇති මූල්‍ය ප්‍රති­පා­දන යටතේ දිව­යින පුරා මාර්ග කිලෝ­මී­ටර 1500ක් ප්‍රති­සැ­ක­සු­ම්ක­ර­ණය සඳහා මුදල් වෙන් කර ඇති බව සඳහන් වේ.

ඒ අනුව ප්‍රවා­හන හා මහා­මාර්ග අමා­ත්‍යාං­ශය මඟින් අදි­යර තුනක් යටතේ මෙම යෝජනා ක්‍රමය ක්‍රියා­ත්මක කිරී­මට නිය­මිත බවත්, අද දින එහි කිලෝ­මී­ටර 500ක ප්‍රති­සැ­ක­සීමේ කට­යුතු ඇර­ඹී­ම­ටත් මාර්තු 16 වැනිදා දෙවැනි කිලෝ­මී­ටර 500 හා අප්‍රේල් 02 වැනිදා තෙවැනි කිලෝ­මී­ටර 500ත් ප්‍රති­සැ­ක­සීමේ කට­යුතු ඇර­ඹෙන බව ද මාර්ග සංව­ර්ධන අධි­කා­රියේ අධ්‍යක්ෂ ජන­රාල් සර්ධා වීර­කෝන් මහතා කියා සිටී.

අධ්‍යක්ෂ ජන­රා­ල්ව­රයා වැඩි­දු­ර­ටත් ප්‍රකාශ කළේ, අද (29) උදෑ­සන සිට මෙරටේ සෑම ප්‍රාදේ­ශීය ලේකම් කොට්ඨා­ස­ය­කම ප්‍රාදේ­ශීය සංව­ර්ධන කමි­ටු­වල සභා­ප­ති­ව­රුන් විසින් මාර්ග සංව­ර්ධන අධි­කා­රියේ අධී­ක්ෂ­ණය යටතේ මෙම ව්‍යාපෘ­තිය ක්‍රියා­ත්මක කිරීම සිදු­වන බවයි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ලක්ෂ්මන් යාපාගේ අලස් නඩුවටත් නියෝගයක් ලැබෙයි!

කොළඹ LNW:හිටපු ආයෝජන ප්‍රවර්ධන අමාත්‍ය ලක්ෂ්මන් යාපා අබේවර්ධන සහ...

අපිව මෙහෙම ගෙන්වන එක අපිටත් හොදයි.3% දායක සභාවටත් හොඳයි – FCID ආපු මනූෂ කියපු කතාව

කොළඹ LNW:ඉතිහාසය විසින් ගොඩනගා තිබෙන හොරු, වංචාකාරන් පිළිබඳ ඇත්ත...

අධිකරණ සේවා කොමිසම රජය අපහසුතාවට පත්කිරීමේ කුමන්ත්‍රණයකද ??

අධිකරණ සේවා කොමිසම විසින් ලබාදී ඇති ස්ථාන මාරුවීම් සහ...

ඩයලොග් ඇරඹුමට කොළඹින් කණ්ඩායම් 40

නිශ්මං රණසිංහ අගෝස්තු 20, කොළඹ LNW: ශ්‍රි ලංකා වොලිබෝල් සම්මේලනය...