රට පුරා මාර්ග කි.මී.1500ක් ප්‍රති­සැ­ක­සීමේ ව්‍යාපෘ­තිය අද (29) සිට, වියදම කෝටි 2,000ක්!

සටහන – රෂිකා හෙන්නායක

පෙබරවාරි, 29 කොළඹ (LNW): අද (29) සිට රුපි­යල් කෝටි දෙද­හ­සක විය­ද­මින් රට පුරා මාර්ග කිලෝ­මී­ටර 1500ක් ප්‍රති­සැ­ක­සීමේ ව්‍යාපෘ­තිය සෑම ප්‍රාදේ­ශීය ලේකම් කොට්ඨා­ස­ය­ක­දීම ඇරඹෙන බව සඳහන් වේ.

පසු­ගිය වසර දෙක තුන තුළ කොවිඩ් – 19 වසං­ග­තය නිසාත් ආර්ථික අර්බු­දය නිසාත් සමස්ත රට තුළ මාර්ග පද්ධ­තිය බර­ප­තළ ලෙස අබ­ලන් වී තිබී­මත් පසු­ගි­යදා ඇති වුණු ධාරා­නි­පාත වර්ෂාව හේතු­කො­ට­ගෙන ඇති වූ නාය­යෑම් හා ගංව­තුර තත්ත්ව­යන් හේතු­කො­ට­ගෙන මෙවර අය-වැය ලේඛ­න­යෙන් ලබා දී ඇති මූල්‍ය ප්‍රති­පා­දන යටතේ දිව­යින පුරා මාර්ග කිලෝ­මී­ටර 1500ක් ප්‍රති­සැ­ක­සු­ම්ක­ර­ණය සඳහා මුදල් වෙන් කර ඇති බව සඳහන් වේ.

ඒ අනුව ප්‍රවා­හන හා මහා­මාර්ග අමා­ත්‍යාං­ශය මඟින් අදි­යර තුනක් යටතේ මෙම යෝජනා ක්‍රමය ක්‍රියා­ත්මක කිරී­මට නිය­මිත බවත්, අද දින එහි කිලෝ­මී­ටර 500ක ප්‍රති­සැ­ක­සීමේ කට­යුතු ඇර­ඹී­ම­ටත් මාර්තු 16 වැනිදා දෙවැනි කිලෝ­මී­ටර 500 හා අප්‍රේල් 02 වැනිදා තෙවැනි කිලෝ­මී­ටර 500ත් ප්‍රති­සැ­ක­සීමේ කට­යුතු ඇර­ඹෙන බව ද මාර්ග සංව­ර්ධන අධි­කා­රියේ අධ්‍යක්ෂ ජන­රාල් සර්ධා වීර­කෝන් මහතා කියා සිටී.

අධ්‍යක්ෂ ජන­රා­ල්ව­රයා වැඩි­දු­ර­ටත් ප්‍රකාශ කළේ, අද (29) උදෑ­සන සිට මෙරටේ සෑම ප්‍රාදේ­ශීය ලේකම් කොට්ඨා­ස­ය­කම ප්‍රාදේ­ශීය සංව­ර්ධන කමි­ටු­වල සභා­ප­ති­ව­රුන් විසින් මාර්ග සංව­ර්ධන අධි­කා­රියේ අධී­ක්ෂ­ණය යටතේ මෙම ව්‍යාපෘ­තිය ක්‍රියා­ත්මක කිරීම සිදු­වන බවයි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ඥානසාර හිමි නිදහස් කරන ඉල්ලීම ගැන තීරණයකට ජනාධිපති ලේකම් මාසයක් කල් ඉල්ලයි

බන්ධනාගාරගතව සිටින ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ට නිදහස ලබාදෙන ලෙස ඉල්ලමින්...

මේ තවත් ගෝල්ෆේස් අරගලයක්ද ?

ඉතිහාසය වෙනත් විදියකට ආයේ ආයෙත් සිද්ද වෙනවා වගේ පේනවා. අපි...

සෞදි ආසියා කුසලානය කල් දැමීමේ අවදානමක්!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 15, කොළඹ LNW : සවුදි අරාබියේ ආසියානු...

කොළඹට විතරක් නෙවෙයි නුවරටත් මෙට්‍රො!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 15 කොළඹ LNW : බස්නාහිර පළාතට පමණක්...