ක්ලිෆර්ඩ් කුසලාන තරගාවලියේ මුල් ජය පොලිසිය සතු වෙයි.

සටහන – නිශ්මං රණසිංහ

පෙබරවාරි, 29 කොළඹ (LNW): ක්ලිෆර්ඩ් කුසලාන තරගාවලිය ආරම්භ කරමින් කොළම ලොන්ඩාන් පෙදෙසසේ දී පැවති ශ්‍රී ලංකා ගුවන් හමුදාව සහ ශ්‍රී ලංකා පොලිසිය අතර තරගයෙන් තියුණු ජයක් ලබා ගන්නට පොලිස් කණ්ඩායම සමත් වුණා.ඉතා උණුසුම් ස්වරූපයක් ගත් තරගයේ දී ලීග් සූරතා තරගාවලියට වඩා විශාල වර්ධනයක් දක්ෂතාවලින් පෙන්නුවද ගුවන් හමුදාවට අවසානයේ පරාජය වීමට සිඳුවීම නිසා මෙම ප්‍රතිමළුන් පිටු දැකීමේ තරගාවලියෙන් ඉවත් වන්නට සිඳු වුණා.


කණ්ඩායම් දෙක මුල සිටම තරගය කරට කර පවත්වාගෙන යන්න සමත් වුණා.පළමු අර්ධය නිමාවේ දෙපිළම සිටියේ ලකුණු 17 බැඟින් ලබා ගෙන කරට කරයි.එහෙත් දෙවන වටයේදී ගුවන් හමුදාව ඉදිරියට පැමිණ ලකුණු 27 – 22 ක් ලෙස තරගයේ විශාල වේලාවක් ජයග්‍රාහී ලෙස වැඩඹෙන්නට සමත් වුණා.එහෙත් තරගයේ 72 වන විනාඩියේදී ක්‍රියාත්මක වූ පොලිස් කණ්ඩායමේ මිතුන් හපුගොඩ ගුවන් හමුදාවට එරෙහිව ලබා ගත් උත්සාහක දිණුම කණ්ඩායම් දෙක සම කරන්නට සමත් වුණා.එහි ප්‍රවර්ථනය ද සාර්ථක කරන්නට ෂේන් ග්ලෙවින් හෝවුඩ්ට හැකිවීමත් නිසා තරගය ලකුණු 29 – 27 ක් ලෙස නිමා කර ගන්නට පොලිසියට හැකි වුණා.


මෙම තරගයේදී පරාජිත ගුවන් හමුදාව උත්සාහක දිණුම් තුනක් ලබා ගන්නට සමත් වුණා.කවීශ රුචිරන්ත,ශෂික ප්‍රනාන්දු,උදේශ් මධුශංක මෙම උත්සාහක දිණුම් ලබා ගැනීමට සමත් වූ අතර ඉන් දෙකක් ගයන්ත ඉද්දමල්ගොඩ අතින් ද, එකක් ප්‍රමෝද් පත්මශංක අතින් ද සාර්ථක ලෙස ප්‍රවර්ථනය වුණා.ගුවන් හසුදාවට එක් නිදහස් පහරකින් ද ලකුණු එකතු කරන්නට ගයන්ත ඉද්දමල්ගොඩට හැකි වුණා.ගුවන් හමුදා ලකුණු පූවරුව ලකුණු 27 ක් කරන්නට ඉතිරි දායකත්වය ලබා දුන් ඉෂාර මධුශාන් ඩ්‍රොප් ගෝලයක් වාර්තා කරන්නට සමත් වුණා.


ශ්‍රී ලංකා පොලිසිය ලබා ගත් ලකුණු 29 සඳහා උත්සාහක දිණුම් හතරක් එකතු කරන්නට සමත් වුණා.එහිදී එක් උත්සාහක දිණුමක් ලබා ගත් ෂෝන් ග්ලේවින් හෝවුඩ්,උත්සාහක දිණුමක ප්‍රවර්ථනය සාර්ථක කරන්නටත්,ඩ්‍රොප් ගෝලයක් සාර්ථක කර ගන්නටත් සමත් වෙමින් පොලිසිය වෙනුවෙන් ලකුණු 10 ක් එකත් කරන්නට සමත් වුණා.දේශාන් ප්‍රනාන්දු,මිතුන් හපුගොඩ සහ අකාශ් මධුශංක ද උත්සාහක දිණුම්වලින් පොලිස් ලකුණු පූවරුව පොහොසත් කරන්නට සමත් වුණා.මේ උත්සාහක දිණුම්වලින් දෙකක ප්‍රවර්ථන සාර්ථක කර දෙන්නට ප්‍රින්ස් චාමරට හැකි වුණා.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ඥානසාර හිමි නිදහස් කරන ඉල්ලීම ගැන තීරණයකට ජනාධිපති ලේකම් මාසයක් කල් ඉල්ලයි

බන්ධනාගාරගතව සිටින ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ට නිදහස ලබාදෙන ලෙස ඉල්ලමින්...

මේ තවත් ගෝල්ෆේස් අරගලයක්ද ?

ඉතිහාසය වෙනත් විදියකට ආයේ ආයෙත් සිද්ද වෙනවා වගේ පේනවා. අපි...

සෞදි ආසියා කුසලානය කල් දැමීමේ අවදානමක්!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 15, කොළඹ LNW : සවුදි අරාබියේ ආසියානු...

කොළඹට විතරක් නෙවෙයි නුවරටත් මෙට්‍රො!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 15 කොළඹ LNW : බස්නාහිර පළාතට පමණක්...