මට ඉන්න අප්‍රසන්නම තැන පාර්ලිමේන්තුව – අධිකරණ ඇමති අලි සබ්රි

Date:

මහවැලි කේන්ද්‍රයේ පැවති බන්ධනාගාර රැඳවියන්ගේ කාව්‍ය නිර්මාණ ඇතුළත් සිපිරිගේ පාමුල 2 කාව්‍ය සංග්‍රහය දොරට වැඩීමේ උත්සවයට එක් වෙමින් අධිකරණ අමාත්‍ය අලි සබ්රි මහතා පැවසුවේ තමන්ට ඉන්න අප්‍රසන්නම තැන පාර්ලිමේන්තුව බවයි.ඔහු සිය කතාව ආරම්භ කරමින් පැවසුවේ ජනතාව අසන්නට අකමැතිම අප්‍රසන්න කතා ව ඇත්තේ දේශපාලකයන්ට බවය.කතාවක් යම් කිසි පොයින්ට් එකකට විෂයට අදාළව කළ යුතු බව පැවසූ එසේ නොවන කතා හඳුනාගන්න පාර්ලිමේන්තුවට එන ලෙස ද අමාත්‍යවරයා පැවසීය.

රටේ ඇති වි තිබෙන තත්ත්වය ගැන කණගාටුවන බව පැවසූ අලි සබ්රි අමාත්‍යවරයා එය වසර හැත්තෑවක් තිස්සේ දේශපාලනය විසින් වැපිරූ දේවල් බව පෙන්වා දුන්නේය.නමුත් ඇති වී තිබෙන තත්ත්වය අනුව සමාජය යම් අපේක්ෂා භංඝත්වයකට පත්විමේ අවදානමක් පවතින බව පෙන්වා දුන් අමාත්‍යවරයා එය නරක තත්ත්වයක් බව පැවසීය.නමුත් එවැනි වට පිටාවක් බන්ධනාගාර ගතව සිටින ප්‍රජාව යම් අපේක්ෂාවක් ඇතුව වැඩ කරන තත්ත්වයට පත් කිරීම සම්බන්ධයෙන් අමාත්‍යවරයා බන්ධනාගාර නිලධාරීන්ට සිය ස්තූතිය ප්‍රකාශ කළේය.

බන්ධනාගාර ගත කිරීමේදි මෙන්ම බන්ධනාගාර ගත කිරිමේන් පසුවට සිඳුවන යම් නීතිමය තත්ත්වයන් ද වෙනස් විය යුතු බව පෙන්වා දුන් අලි සබ්රි මහතා ඒවා වෙනස් කිරීමට කුමන අභියෝග මත වුව තමන් කැපවෙන බවද ප්‍රකාශ කළේය.

යම් යම් රටවල් කඩා වැටි අවස්ථාවල නැවත නැඟී සිටි ආකාරය සිහිපත් කරමින් උදාහරණ දැක් වූ අලි සබ්රි අමාත්‍යවරයා දකුණු කොරියාව නැවත නඟා සිටුවන්න එරට ජනතාව සිය රන් ආභරණ පවා මහා බැංකුවට පරිත්‍යාග කළ බව පෙන්වා දුන් අතර තමා එය උදාහරණයක් ලෙස සිහිපත් කළත් තමා එසේ නොකරන බව ද ජනතාවට එසේ කරන්නට නොකියන බව ද පැවසීය.
ඡායාරූපයේ දැක්වෙන්නේ සිපිරිගේ පාමුල 2 කාව්‍ය සංග්‍රහය දෙරට වැඩීමේ උත්සවයට එක් වූ අමාත්‍යවරයාට බන්ධනාගාර කොමසාරිස් ජෙනරාල් තුෂාර උපුල්දෙණිය විසින් සිහිවටනයක් පිළිගැන්වූ අවස්ථාවය.

RM

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

කෝටි 07ක් රජයට පාඩුකිරීමේ චෝදනාවට සබරගමුව පළාත් හිටපු ඇමති රිමාන්ඩ්!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 18, කොළඹ LNW : අද (18) දින සබරගමුව...

සෘජු ප්‍රේෂණ වැඩිවෙලාද?

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 18, කොළඹ LNW : 2025 වසර තුළ විදෙස්...

රත්නපුරේ නීතිඥවරයෙකුගේ නිවසකින් මෙරට නිෂ්පාදිත ගිනි අවි කිහිපයක් සහ පතරොම් තොගයක්!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 18, කොළඹ LNW : නීතිඥවරයෙකුගේ නිවසක තිබී මෙරට...

මගේ වත්කම් හංගන්න දෙයක් නෑ. නීතිඥවරයෙක් විදිහට වැඩකරලා ටැක්ස් පවා ගෙව්වා – නාමල්

කොළඹ LNW:තමන්ගේ වත්කම්වල සැඟවීමට දෙයක් නොමැති නමුත් නිර්දන පන්තිය...