වැඩි වූ ඩීසල් මිල හමුවේ පෞද්ගලික බස් 80%ක් ධාවනයෙන් ඉවතට – සඳුදා සිට සියලු බස් ධාවනයෙන් ඉවත් වන ලකුණු! (VIDEO)

Date:

වැඩි වූ ඩීසල් මිල යටතේ පෞද්ගලික බස් තවදුරටත් ධාවනය කළ නොහැකි හෙයින් රජය වහාම මැදිහත් වී ඩීසල් සහනාධාරයක් ලබා දීමට කටයුතු කරන ලෙස සමස්ත ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමයේ ප්‍රධාන ලේකම් අංජන ප්‍රියන්ජිත් මහතා පැවසුවේය.

ඒ, අද (12) මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.

රජය ඩීසල් සහනාධාරයක් ලබා දීමට අපොහොසත් වන්නේ නම් බස් ගාස්තු සංශෝධනයකට යා යුතු වන අතර එහි අවම ගාස්තුව රු. 30ක් විය යුතු වන බවත් ඉන් ඉහළට තිබෙන ගාස්තු 25%ත් 30%ත් අතර අගයකින් වැඩි විය යුතු වන බවත් ඔහු කියා සිටියේය.

නව ඉන්ධන මිල ගණන් යටතේ තවදුරටත් පෞද්ගලික බස් ධාවනය කළ නොහැකි අතර අද දවස වන විටත් සමස්ත පෞද්ගලික බස් රථ වලින් 80%ක් පමණම ධාවනයෙන් ඉවත්ව තිබෙන බවද ප්‍රියන්ජිත් මහතා ප්‍රකාශ කරන ලදී.

ඒ අනුව අද දින ඉදිරි පැය කිහිපය තුළ පවතින තත්ත්වය සම්බන්ධයෙන් සාකච්ජා කිරීම සඳහා පෞද්ගලික බස් හිමියන්ගේ සංගම්වලට ප්‍රවාහන කැබිනට් අමාත්‍යවරයා සාකච්ජාවක් ලබා දෙනු ඇති බව බලාපොරොත්තු වෙන බවයි ඔහු පැවසුවේ.

පවතින අර්බුදකාරී තත්ත්වය විසඳා ගැනීම සඳහා ඇමතිවරයා සාකච්ජාවක් ලබා නොදෙන්නේ නම් එළඹෙන සඳුදා සිට සමස්ත පෞද්ගලික බස් රථ ධාවනයෙන් ඉවත්වනු ඇති බවද ඔහු අවධාරණය කළේය.

ගාස්තු සංශෝධනයක් නොකර වැඩි වූ ඉන්ධන මිල ගණන් යටතේ බස් රථ ධාවනයේදී කෙටි දුර ධාවනය වන බස් රථ සඳහා දෛනිකව රු.5500ක පාඩුවක් සහ දිගු දුර ධාවනය වන බස් රථ සඳහා දෛනිකව රු 11,000ක පාඩුවක් සිදුවන බවයි ඔහු වැඩිදුරටත් සඳහන් කළේ.

ASK

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

වජිර අබේවර්ධනගෙන් FCIDය ප්‍රශ්න කරයි. වජිර මාධ්‍යටත් බැනගෙනම යයි

සටහන - රුවන් නෙළුගොල්ල හිටපු අමාත්‍යවරයකු සහ එක්සත් ජාතික පක්ෂයේ...

තවත් රාජ්‍ය ආයතන සභාපතිවරයෙක් ඉල්ලා අස්වෙයි !

සටහන - රුවන් නෙළුගොල්ල ජනතා වතු සංවර්ධන මණ්ඩලයේ (ජනවසම) සභාපති...

Trendy Thursday: සෙලීනාගේ Rare Beauty පවුලෙහි අලුත් සාමාජිකයා! Rare Eau de Parfum

සෑම බ්‍රහස්පතින්දා දිනකම “Trendy Thursday” තුළින් ඔබට Fashion trends,...