පුවත්

ජනතා අරගලයට සහාය දෙන සමගි බල පාගමන අද මහනුවරින් ඇරඹේ … (VIDEO)

ආණ්ඩුවට විරෝධය පළ කරමින් සහ ජනතා අරගලයට සහාය පළ කරමින් සමගි ජන බලවේගය විසින් සංවිධානය කර ඇති දැවැන්ත පාගමන අද (26) මහනුවරින් ආරම්භ කිරීමට නියමිත ය.

මහින්දව අයින් කරලා අපි අගමැති කරන්නෙත් පොහොට්ටුවේම මන්ත්‍රීවරයෙක් – ගම්මන්පිල (VIDEO)

විශ්වාසභංග යෝජනාවකින් මහින්ද රාජපක්ෂ මහතාට අග්‍රාමාත්‍ය ධුරයෙන් ඉවත් කිරීමෙන් පසුවත් අන්තර්කාලීන ආණ්ඩුවෙහි අග්‍රාමාත්‍ය ධුරයට පත්කිරීමට බලාපොරොත්තු වන්නේත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේම මන්ත්‍රීවරයකු බව හිටපු අමාත්‍ය උදය ගම්මන්පිල මහතා පවසයි.

ඇමතිකම් ගත් සුරේන්ගේ සහ ශාන්ත බණ්ඩාරගේ පක්ෂ සාමාජිකත්වය අත්හිටුවයි

පක්ෂයේ මතයට පිටින් යමින් ආණ්ඩුවට එක්ව රාජ්‍ය අමාත්‍ය ධුර ලබාගත් ශාන්ත බණ්ඩාර මහතාගේ සහ සුරේන් රාඝවන් මහතාගේ පක්ෂ සාමාජිකත්වය අත්හිටුවීමට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය තීරණය කර තිබේ.

ජනතාවගේ හඬ කිසිදා පාවා දෙන්නේ නෑ. රාජපක්ෂලා එක්ක ආණ්ඩු කෙරිලි නෑ – සජිත් (VIDEO)

ගාලු මුවදොර වේවා, රටේ කුමන තැනක හෝ වේවා මේ රටේ ජනතාව ඉල්ලා සිටින්නේ මේ දුර්දාන්ත ආණ්ඩුව සහමුලින්ම ගෙදර යවන ලෙසත්, ඒ වෙනුවෙන් සමගි ජන බලවේගය ඇප කැප වෙන බවත්, විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි.

අරලියගහ මන්දිරය අසලට මහ රෑ පොලිස් කුළු – පොලු හමුදාවක් එවයි ! (Photos)

ඊයේ (25) රාත්‍රියේදී කොළඹ, අරලියගහ මන්දිරය ඉදිරිපිට විරෝධතාකරුවන් උද්ඝෝෂණයේ නියැළී සිටියදී එම ස්ථානයට පොලිස් කැරළි මර්දන ඒකකයේ විශාල පිරිසක් එවා ඇති බව වාර්තා වේ.

Popular

spot_imgspot_img