කටකතා

      අන්තර්වාර ආණ්ඩුවේ අගමැතිකමට බැසිලුත් ඉදිරිපත් වෙයි !!

      ඉදිරියේදී පිහිටුවීමට නියමිත අන්තර්වාර ආණ්ඩුවේ අග්‍රාමාත්‍ය ධුර සඳහා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක බැසිල් රාජපක්ෂ මහතා ද ඉදිරිපත් වී ඇති බව අභ්‍යන්තර ආරංචිමාර්ග පවසයි.

      නිමල් සිරිපාලගේ අගමැතිකමට ගෙදරින්ම විරෝධයක් …

      විමල් වීරවංශ, උදය ගම්මන්පිල ඇතුළු ආණ්ඩුවේ කුඩා පක්ෂ, ශ්‍රී ලංකා නිදහස් පක්ෂය, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ හා සමගි ජන බලවේගයේ මන්ත්‍රීවරුන් 10 දෙනෙකු පමණ පිරිසක් එක්ව නිර්මාණය කිරීමට සූදානම් වන "ජාතික එකඟතා ආණ්ඩුවේ" අග්‍රාමාත්‍ය ධුරයට ශ්‍රීලනිප ජ්‍යේෂ්ඨ උපසභාපති නිමල් සිරිපාල ද සිල්වා මහතාව යෝජනා වී ඇති බව අපි මීට පෙර පුවතකින් අනාවරණය කළෙමු.

      ජාතික එකඟතා ආණ්ඩුවේ මුදල් ඇමති ධුරය චම්පික රණවකට ?

      මහින්ද රාජපක්ෂ මහතා අග්‍රාමාත්‍ය ධුරයෙන් ඉවත් වීමෙන් අනතුරුව ස්වාධීන මන්ත්‍රී කණ්ඩායම, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සහ සමගි ජන බලවේගයේ මන්ත්‍රීවරුන් කොටසක් ඇතුළු පිරිසක් එක්ව නිර්මාණය කිරීමට නියමිත "ජාතික එකඟතා ආණ්ඩුවේ" මුදල් අමාත්‍ය ධුර සඳහා පාඨලී චම්පික රණවක මහතාගේ නම යෝජනා වී ඇති බව අභ්‍යන්තර ආරංචිමාර්ග පවසයි.

      අනුරගේ ෆයිල් හෙළිදරව්වට පොහොට්ටුවේ පතිරණගෙන් පිළිතුරු ….

      ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක මහතා අද (03) දිනයේදී විශෙෂ මාධ්‍ය හමුවක් පවත්වමින් පසුගිය සමයේ සිදුවූ දුෂණ වංචා සිද්ධි ගණනාවක් පිළිබඳව කළ අනාවරණයන්ට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ න්‍යායාචාර්යවරයෙකු සහ ශ්‍රී ලංකා පුවත්පත් මණ්ඩලයේ සභාපතිවරයා ද වන මහින්ද පතිරණ මහතා ප්‍රතිචාර දක්වා තිබේ.

      අන්තර්වාර ආණ්ඩුවේ අගමැති ධුරයට නිමල් සිරිපාල ….

      විමල් වීරවංශ, උදය ගම්මන්පිල, ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මන්ත්‍රීවරුන් ඇතුළු ස්වාධීන කණ්ඩායමේ නියෝජිතයින් හා බැසිල් රාජපක්ෂ ඇතුළු ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නියෝජිතයින් අතර ඊයේ (02) පැවති සාකච්ඡාවේදී එළඹුණු එකඟතාවන් අනුව අන්තර්වාර සර්ව පාක්ෂික ආණ්ඩුවේ අග්‍රාමාත්‍ය ධුරය ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජ්‍යේෂ්ඨ උපසභාපති නිමල් සිරිපාල ද සිල්වා මහතාට හිමිවනු ඇති බව වාර්තා වේ.

      Popular

      spot_imgspot_img