ඉන්ධන සැපයුම අඩමානයි – පොහොට්ටු කණ්ඩායම් රැස්වීමත් උණුසුම් !

ඊයේ (20) පැවති ආණ්ඩු පක්ෂ පාර්ලිමේන්තු කණ්ඩායම් රැස්වීමේදී රනිල් වික්‍රමසිංහ මහතාව අග්‍රාමාත්‍ය තනතුරින් ඉවත් කරන ලෙස ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරුන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගෙන් ඉල්ලා සිටීම පිළිබඳව අපි මීට පෙර පුවතකින් වාර්තා කළෙමු.

එම සිදුවීමෙන් අනතුරුව මන්ත්‍රී කණ්ඩායම් රැස්වීමේ අවධානය යොමුව තිබුණේ ඉන්ධන අර්බුදය සම්බන්ධයෙනි. ඔවුන් ඒ පිළිබඳව බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතාගෙන් විමසා තිබිණි.

එහිදී අනාවරණය වී ඇත්තේ ජුනි 23 සහ 24 දිනවල පැමිණෙන බව ප්‍රකාශයට පත් කළ ඉන්ධන නෞකා දෙක සම්බන්ධයෙන් ද ප්‍රශ්නයක් පවතින බවයි. එම ඉන්ධන නෞකා දෙක ඇනවුම් කර ඇත්තේ ඩුබායි රාජ්‍යයේ සිට ක්‍රියාත්මක වන රුසියානු සමාගමකින් වන අතර ඊට අවශ්‍ය බැංකු ඇපකරය ලබාදීම ස්ටෑන්ඩර්ඩ් චාටර්ඩ් බැංකුව විසින් ප්‍රතික්ෂේප කර තිබේ. ඉන් අනතුරුව ඒ සඳහා බැංකු ඇපකරයක් ලබාදෙන ලෙස ඉන්දීය එක්සිම් බැංකුවෙන් ද ඉල්ලීමක් කර ඇතත් ඔවුන් ද එම ඉල්ලීම ප්‍රතික්ෂේප කර ඇත. ඒ අනුව අද (21) දිනයේදී අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සෘජුවම ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝඩි මහතා අමතා මීට මැදිහත් වෙමින් බැංකු ඇපකරය ලබාදෙන ලෙස ඉල්ලා සිටීමට නියමිත බවත් එහිදී ප්‍රකාශ වී ඇති බවයි ආරංචිමාර්ග සඳහන් කළේ.

ජුනි 23 වනදා වනවිට අදාළ පළමු ඉන්ධන නෞකාව හෝ ලබාගැනීමට නොහැකි වුවත් විශාල ප්‍රශ්නයක් මතුවෙනු ඇති බව ප්‍රකාශ කර ඇති කංචන විජේසේකර මහතා කෙසේවෙතත් එම ඉන්ධන නෞකාව සහ 24 වෙනිදා පැමිණීමට නියමිත නෞකාව යන දෙකම ලබාගැනීම සඳහා උපරිමයෙන් උත්සාහ දරමින් සිටින බවත් ප්‍රකාශ කර ඇති බව සඳහන්.

එහිදී නැවත වතාවක් පොහොට්ටු මන්ත්‍රී කණ්ඩායමේ දැඩි දෝෂාරෝපණය ඒ වනවිට එහි නොසිටි රනිල් වික්‍රමසිංහ මහතා වෙත එල්ල වී ඇති අතර බැසිල් රාජපක්ෂ මහතා ඉන්දියාවෙන් ලබාගත් ණය මාර්ගය විනා වෙනත් කිසිවක් මේ දක්වා සපයා ගැනීමට වික්‍රමසිංහ මහතා අසමත්ව ඇති බව ඔවුන් ජනාධිපතිවරයාට ප්‍රකාශ කර තිබේ. එමෙන්ම තෙල් සංස්ථාව සතුව ඩොලර් කෙසේවෙතත් රුපියල් හෝ නොමැති වන්නේ කෙසේදැයි ප්‍රශ්න කර ඇති ඔවුන් වික්‍රමසිංහ මහතාව ඉවත් කළ යුතුම බව කියමින් ජනාධිපතිවරයාට කරුණු දක්වා ඇත.

කෙසේවෙතත් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා මේ රැස්වීමේදී මේ සම්බන්ධයෙන් කිසිවක්ම ප්‍රකාශ කර නොමැති බවත් ආරංචිමාර්ග සඳහන් කළේය.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ශ්‍රී ලංකාවට නව දේශපාලන සංස්කෘතියක් හඳුන්වා දුන් ගුණවතාණෙනි, සුබ උපන්දිනයක් වේවා!

(සැප්තැම්බර් මස 29 දිනට යෙදෙන කරු ජයසූරිය මහතාගේ උපන්...

අයිස් කන්ටේනර් අත්අඩංගුවට ගැනීම ගැන ප්‍රකාශයක් ලබාගැනීමට SDIG රන්මල් කොඩිතුවක්කු CIDයට කැඳවයි

කොළඹ වරායේ කන්ටේනර් දෙකක් තුළ තිබී අයිස් මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම්...

චිරං ජයතු කරූ !

සාධාරණ සමාජයක් උදෙසා වූ ජාතික ව්‍යාපාරයේ සභාපති, හිටපු කථානායක...

HIV අර්බුදයට මුහුණදීමට ෆීජි රාජ්‍යය හදිසි තත්ත්වයක් ප්‍රකාශ කරයි

සටහන: සශිකලා මධුෂාණී ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) සැප්තැම්බර් 29: ෆීජි රාජ්‍යයේ...