දේශපාලන පුවත්

වෙඩි තියන්න අණ දුන්නේ SSP කීර්තිරත්න. අනුමැතිය ඇමති දිළුම්ගෙන් ?

රඹුක්කන ප්‍රදේශයේ ඊයේ (19) පැවති මහජන විරෝධතාවට වෙඩි තැබීමට අණ දී ඇත්තේ කෑගල්ල කොට්ඨාස භාර ජ්‍යේෂ්ඨ පොලිස් අධිකාරී කේ. බී. කීර්තිරත්න විසින් වන අතර ඊට අනුමැතිය ලබාදී ඇත්තේ ප්‍රවාහන හා කර්මාන්ත අමාත්‍ය දිළුම් අමුණුගම විසින් බව අභ්‍යන්තර ආරංචිමාර්ග පවසයි.

ජනපතිගේ බලය අඩු කරන්න ගියොත් විශ්වාසභංගයට පක්ෂ වෙනවා – 8ක් අගමැතිට කියයි !

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයක් හරහා ජනාධිපතිවරයාගේ බලතල අඩුකිරීමට උත්සාහ කළහොත් තමන් විපක්ෂය විසින් ගෙන එන විශ්වාසභංග යෝජනාවට සහාය පළකර ආණ්ඩුව බිඳවැට්ටවීමට කටයුතු කරන බවට ආණ්ඩු පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 8 දෙනෙකු අගමැති මහින්ද රාජපක්ෂ මහතාට දැනුම් දී ඇති බව අභ්‍යන්තර ආරංචිමාර්ග පවසයි.

රඹුක්කන ඝාතනයට වගකිවයුතු සියලුම දෙනා නීතිය හමුවට පමුණුවා දැඩි දඬුවම් දෙනවා – සජිත් (VIDEO)

රඹුක්කන ප්‍රදේශයේ පදිංචිව සිටි චමින්ද ලක්ෂාන් සහෝදරයා මිලේච්ඡ ලෙස ඝාතනය කොට ඇති බවත්, එම ඝාතනය තරයේ හෙළා දකින බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.

අලුත් කැබිනට්ටුවට එරෙහිව පරණ කැබිනට්ටුවෙන් කැරැල්ලක් !

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් ඊයේ (18) දිනයේදී පත්කළ නව කැබිනට් මණ්ඩලය සහ එය පත්කළ ආකාරය පැරණි කැබිනට් මණ්ඩලයේ සිටි ඇමතිවරුන්ගේ ඉතාම දැඩි විවේචනයට ලක්ව ඇති බව අභ්‍යන්තර ආරංචිමාර්ග පවසයි.

අන්තර් කාලීන පාලනයකට අවස්ථාව දී කරුණාකර බැස යන්න – විමල්ගෙන් ආණ්ඩුවට දැඩි ප්‍රහාරයක් (VIDEO)

රටේ පවතින අස්ථාවරභාවය ස්ථාවර කළ හැකි අන්තර් කාලීන පාලනයකට ඉඩ දී ආණ්ඩුව වහාම බැස යා යුතු බව පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා අද (19) පාර්ලිමේන්තුවේදී අවධාරණය කළේය.

Popular

spot_imgspot_img