25 කට බහින අනුරගේ කැබිනෙට්ටුව!

Date:

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 01 , කොළඹ (LNW):

තමා බලයට් පත් වූ පසු,ජනතා මුදල් නාස්තිය වළක්වමින් කැබිනට් මණ්ඩලය විසිපහකට සීමා කරන බව ජනාධිපති අපේක්ෂක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක මහතා පවසයි.

ඒ මහතා ප්‍රකාශ කළේ, සංචාරක කර්මාන්තයට අවශ්‍ය සියලු යටිතල පහසුකම් ලබාදෙමින් එම ක්ෂේත්‍රය දැවැන්ත සංවර්ධනයකට යොමු කරන බවයි.

ජාතික ජන බලවේගයේ ජනාධිපති අපේක්ෂක අනුර කුමාර දිසානායක මහතාගේ ජයග්‍රහණය වෙනුවෙන් සංවිධාන කළ රට අනුරට ජන රැළි මාලාවේ තවත් ජන රැළියක් කඩවතදී පැවැත්වුණු අතර, ජාතික ජන බලවේගයේ නියෝජිතයින් ඇතුළු විශාල පිරිසක් එම රැළියට එක්ව සිටියහ.

මේ අතර කැලණිය විශ්වවිද්‍යාල ආදි විද්‍යාර්ථයින්ගේ හමුව අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් කැළණියේදී පැවැත්වුණි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ඊශ්‍රායලය ලෙබනනයට නව ගුවන් ප්‍රහාර රැල්ලක් දියත් කරයි!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 09, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): පසුගිය වසරේ...

දිට්වා සුළි කුණාටුවෙන් කර්මාන්ත 3,200 කට අධික සංඛ්‍යාවකට හානි!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 09, කොළඹ LNW : කර්මාන්ත අමාත්‍යාංශය විසින්...

අනෝතප්ත විලේ මඩකරි ඇල්ලීම !

උපාලි කොළඹගේ කොළඹ LNW: සියල්ල සිදුවී හමාරය. දැන් කළ යුත්තේ...