11 දෙනෙකු අතුරුදන් කරවීම : කරන්නාගොඩගේ පෙත්සම විභාගයෙන් විනිසුරුවරයෙක් ඉවත් වෙයි

Date:

සටහන – රුවන් නෙළුගොල්ල

2008 – 2010 කාල සීමාවේදී කොළඹ හා තදාසන්න ප්‍රදේශවල තරුණයින් 11 දෙනෙකු පැහැරගෙන ගොස් අතුරුදන් කිරීමේ සිද්ධියට අදාළව කොළඹ ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ ගොනුකර තිබෙන නඩුවේ විත්තිකරුවකු වශයෙන් තමන්ව නම් කිරීමට නීතිපතිවරයා ගෙන තිබෙන තීරණය බල රහිත කිරීමේ නියෝගයක් ලබාදෙන ලෙස ඉල්ලා හිටපු නාවික හමුදාපති වසන්ත කරන්නාගොඩ විසින් ඉදිරිපත් කර ඇති පෙත්සම විභාග කරන පංච පුද්ගල අභියාචනාධිකරණ විනිසුරු මඬුල්ලේ සාමාජිකයකු වන අමල් රණරාජා මහතා එම පෙත්සම් විභාගයෙන් ඉවත් වී තිබේ.

ඒ, එම පෙත්සම අද (ජනවාරි 28) මායාදුන්නේ කොරයා, පී. කුමාරන් රත්නම්, ශෂී මහේන්ද්‍රන්, දමිත් තොටවත්ත සහ අමල් රණරාජා යන අභියාචනාධිකරණ විනිසුරු මඬුල්ල හමුවේ කැඳවූ අවස්ථාවේදී ය.

එහිදී අමල් රණරාජා මහතා තමන් මෙම නඩුවට අදාළව මීට පෙර නියෝග කිහිපයක් නිකුත් කර තිබෙන බැවින් මෙම පෙත්සම් විභාගයෙන් ඉවත් වන බව ප්‍රකාශ කළේය.

ඒ අනුව නව පංච පුද්ගල විනිසුරු මඬුල්ලක් හමුවේ පෙත්සම ජනවාරි 31 වනදා යළි කැඳවීමට නියම විය.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

දිට්වා ආපදාවෙන් 93%කට ජීවනෝපායට දැඩි බලපෑම්!

කොළඹ LNW:ආපදාවට ලක්වූ ප්‍රදේශවල 93%ක ජනතාව සිය ජීවනෝපායන්ට බලපෑම්...

දියගමට පරිසර හිතකාමී කෙළි බිමක්…?

සටහන – නිෂ්මං රණසිංහ ජනවාරි 15, LNW (කොළඹ): පරිසර හිතකාමී...

Rebuilding Sri Lanka:දිට්වා අපදාවෙන් නැගිටීම සහ අරමුදල් කළමනාකරණය – ඉදිරිය කෙබඳුද?  

ආශිකා බ්‍රාහ්මණ  කොළඹ LNW:ශ්‍රී ලංකා ඉතිහාසයේ සිදුවූ දරුණුතම ස්වාභවික ව්‍යසනයට...

කව්ශිනි ගේ සටනේ අභිලාෂය ගිලිහෙයි – හර්ෂිතාලට පළමු පරාජය

සටහන – නිෂ්මං රණසිංහ ජනවාරි 15, LNW (කොළඹ): ශ්‍රී ලංකා ක්‍රිකට්...