26 හැවිරිදි තරුණයෙකුට ජීවිතාන්තය දක්වා වූ සිරදඬුවමක්!

Date:

රෂිකා හෙන්නායක ජනවාරි 10, කොළඹ (LNW):

අද (10) 26 හැවිරිදි තරුණයෙකුට කොළඹ මහාධිකරණය විසින් ජීවිතාන්තය දක්වා වූ සිරදඬුවමක් නියම කළේය. මෙසේ සිරදඬුවමකට ලක්ව ඇත්තේ, බන්ධනාගාරයට රැගෙන ගිය ආහාර බඳුනක ව්‍යාජ පතුලක හෙරොයින් ග්‍රෑම් 25කට අධික ප්‍රමාණයක් සඟවා රැගෙන යාමේ චෝදනාවට වරදකරු කෙරුණු පුද්ගලයෙකි.

මෙම තීන්දුව කොළඹ මහාධිකරණ විනිසුරු මංජුල තිලකරත්න මහතා විසින් ලබා දුන් බව පැවසේ. 26 හැවිරිදි දේව රාජා ලෝරන්ස් නමැති අවිවාහක තරුණයකුට මෙසේ දඬුවම් නියම වූ බව පැවසේ.

2019 වසරේ දෙසැම්බර් මස 04 වනදා කොළඹ රිමාන්ඩ් බන්ධනාගාරයේ සිටි සිය මිත්‍රයෙකුට ආහාර රැගෙන ගිය බාල්දියේ ව්‍යාජ පතුලක හෙරොයින් ග්‍රෑම් 25.09ක් සඟවා බන්ධනාගාරය තුළට රැගෙන ගිය අවස්ථාවේදී බන්ධනාගාර බුද්ධි අංශය විසින් මෙම සැකකරු අත්අඩංගුවට ගනු ලැබීය. පසුව, හෙරොයින් මත්කුඩු සන්තකයේ තබා ගැනීම සහ ජාවාරම් කිරීමේ චෝදනා යටතේ නීතිපතිවරයා විසින් මෙම විත්තිකරුට එරෙහිව නඩු පවරනු ලැබීය.

දීර්ඝ නඩු විභාගයකින් අනතුරුව විනිසුරුවරයා තීන්දු කළේ විත්තිකරුට එරෙහිව පැමිණිල්ල විසින් එල්ල කළ චෝදනා සාධාරණ සැකයෙන් ඔබ්බට සනාථ කර තිබෙන බවය. 

පසුව දේව රාජා ලෝරන්ස් නමැති පුද්ගලයාට ජීවිතාන්තය දක්වා සිරදඬුවම් නියම කරන බවට විනිසුරුවරයා නියෝග කළ බව වාර්තා වේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ජනාධිපති ට්‍රම්ප් එක්සත් ජනපද අගනුවර ‘අපරාධ හදිසි අවස්ථාවක්’ ප්‍රකාශයට පත් කරයි

සටහන: සශිකලා මධුෂාණි අගෝස්තු 12: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): එක්සත් ජනපද ජනාධිපති...

අද ඔවුන්ගේ දිනයයි: “ජාත්‍යන්තර අලි ඇතුන්ගේ  දිනය”

රෂිකා හෙන්නායක අගෝස්තු 12, කොළඹ LNW: අද (12) දින "ජාත්‍යන්තර...

නව පොලිස්පති ගැන ඉඟියක්..?

රෂිකා හෙන්නායක අගෝස්තු 12, කොළඹ LNW: අද (12)දින පාර්ලිමේන්තු සංකීර්ණයේදී...

හර්ෂිතාගේ දෙවන ශතකයත් සමඟ පිතිකාරීනියන් අතර යළිත් මුල් තැන – ප්‍රබල යුද හමුදාවට පානදුරෙන් ප්‍රහාරයක්

නිශ්මං රණසිංහ අගෝස්තු 12, කොළඹ LNW: ක්‍රියාත්මක වෙමින් පවතින ශ්‍රී ලංකා...