23 දා රෝහල් වැඩවර්ජනයක්!

Date:

දිවයින පුරා රෝහල්වල කනිෂ්ඨ කාර්ය මණ්ඩලය හෙට දිනයේ එනම් 23 වනදා වෘත්තීය ක්‍රියාමාර්ගයක නිරතවීමට සූදානමින් ඇති බව ඒකාබද්ධ සෞඛ්‍ය සේවක මණ්ඩලයේ, ප්‍රධාන ලේකම් ටැම්පිටියේ සුගතානන්ද හිමි පවසයි.

“හෙට දවසේ අපි රෝහල් කණිෂ්ට කාර්ය මණ්ඩලය විදියට අපි උදෑසන 8 සිට දහවල් 12 දක්වා සේවයෙන් බැහැරවෙනවා. සේවයෙන් බැහැරවෙලා විරෝධතා, උද්ඝෝෂණ, පාගමන් රට පුරා පවත්වන්න අපි තීරණය කළා. සේවයෙන් බැහැර වුණත් අත්‍යවශ්‍ය රෝහල්වල සේවයෙන් බැහැරවෙන්නේ නෑ. අපි ඒ සඳහා උපරිම මැදිහත්වීම සිදුකරනවා. හෙට දවසේ රෝහල්වලට පැමිණීමට නියමිත රෝගීන්ගෙන් අපි ඉල්ලා සිටිනවා අත්‍යවශ්‍ය කරුණක් නම් උදේ පැමිණෙන්න. නැත්නම් 12න් පස්සේ පැමිණෙන්න අපි ඔබගේ රෝගී සත්කාරක සේවාවන්ට මැදිහත්වීම කරනවා.”

රෂිකා හෙන්නායක

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

අධි අවදානම් කලාපවල සිටි පවුල් 5,000කට ආසන්න ප්‍රමාණයක් හඳුනාගැනේ!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 27, කොළඹ LNW : ආපදාවට ලක්වූවන් වෙනුවෙන්...

Najib Razak ට තවත් වසර 15ක සිර දඬුවමක් සහ ඩොලර් බිලියන 2.8ක දඩයක්!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 27, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ඊයේ (26) දින...

” මූල්‍ය ණය සහන ප්‍රදානය “ලෙසින් ව්‍යවසායකයින් දිරිමත් කිරීමේ නව වැඩපිළිවෙළක්!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 27, කොළඹ LNW: නාගරික ජනාවාස සංවර්ධන අධිකාරිය...

ශම්මිගේ ක්‍රිකට් ගැන අදහසක්

නිශ්මං රණසිංහ දෙසැම්බර් 27, කොළඹ LNW: ආසියාවේ විස්සයි විස්ස සූරියන්...