26 වැනි වරටත් කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය ඇරඹේ!

Date:

කොළඹ LNW:2025 කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය අද (27) බණ්ඩාරනායක ජාත්‍යන්තර අනුස්මරණ සම්මන්ත්‍රණ ශාලා පරිශ්‍රයේදී ආරම්භ විය.

එය මෙවර පැවැත්වෙන්නේ 26 වැනි වරට වන අතර මෙවර සමාරම්භක අවස්ථාව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතාගේ ප්‍රධානත්වයෙන් සිදුවිය.

ආරාධිතයින් මෙන්ම අනුග්‍රාහක භවතුන් සමඟ ඉතා සාඩම්බරණිය ලෙස ඇරඹි කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය සංකේතවත් වන අයුරින් තැපැල් මුද්දරයක්ද නිකුත් විය.

අද ඇරඹි මෙම කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය එළඹෙන 06 වැනිදා දක්වා පැවැත්වෙයි.

ආරම්භක දිනයේදීම විශාල ජනතාවක් පැමිණෙමින් සිටින බව එහි රැඳී සිටින අප මාධ්‍යවේදියා පැවසුවේය.

ජායාරූප – අජිත් සෙනෙවිරත්න

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

අවහිර වූ මාර්ග 316න් මාර්ග 300ක ගම­නා­ග­මන කට­යුතු ඇරඹෙයි!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 15, කොළඹ LNW : ඉකුත් දා...

කෝටි ගාණක “කුෂ්” කටුණායක ගුවන් තොටෙන් මතුවෙයි!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 15, කොළඹ LNW : ඊයේ (14) රාත්‍රියේ...

වරායේ සිරවූ බහාලුම් වලට මොකද වෙන්නෙ?

රෂිකා හෙන්නායක දෙසැම්බර් 15, කොළඹ LNW : දින කිහිපයක සිටම,...

සහන ගැන මාධ්‍ය සංදර්ශන දැම්මට චක්‍රලේඛවත් නිකුත් කරලා නැහැ – විපක්ෂ නායක

කොළඹ LNW: විපතට පත් ජනතාවට සහන දෙන බවට මාධ්‍ය...