Tag: ජාතික ගොඩනැගිලි පර්යේෂණ ආයතනය

  • නායයෑම් පිළිබඳ විශේෂ අනතුරු හැඟවීමේ නිවේදනයක්

    නායයෑම් පිළිබඳ විශේෂ අනතුරු හැඟවීමේ නිවේදනයක්

    සටහන – රුවන් නෙළුගොල්ල

    බෙංගාල බොක්කේ පවතින ගැඹුරු පීඩන අවපාතය සම්බන්ධයෙන් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිකුත් කර ඇති පුරෝකථන අනුව ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය විසින් දිස්ත්‍රික්ක 4ක ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 28ක් සඳහා නායයෑම් පිළිබඳ විශේෂ අනතුරු හැඟවීමේ නිවේදනයක් නිකුත් කර තිබේ.

    ඒ අනුව එම ප්‍රදේශවල නායයෑමේ අවදානමට ලක්විය හැකි යැයි හඳුනාගත් ස්ථාන, දැනටමත් නායයෑමේ පූර්ව ලක්ෂණ පෙන්වන ස්ථාන, බෑවුම්, නිම්න, මිනිසා විසින් සකස් කළ කණ්ඩි ආශ්‍රිතව ජීවත්වන ජනතාවට අද (09) පස්වරු කාලයට පෙර එම ස්ථානයන්ගෙන් ඉවත්වී සුරක්ෂිත ස්ථාන කරා යොමුවන ලෙසයි දැනුම් දී ඇත්තේ.

    ඊයේ (08) පස්වරු 06.00ට නිකුත් කරන ලද අදාළ විශේෂ නිවේදනය පහතින් දැක්වේ.

  • ඉක්මන් පරීක්ෂාවකට ලක් විය යුතු බදුල්ලේ ස්ථාන හතක් හඳුනාගනී!

    ඉක්මන් පරීක්ෂාවකට ලක් විය යුතු බදුල්ලේ ස්ථාන හතක් හඳුනාගනී!

    රෂිකා හෙන්නායක දෙසැම්බර් 10, කොළඹ LNW :

    ඉක්මන් පරීක්ෂාවකට ලක් කළ යුතු බදුල්ල ප්‍රදේශයේ ස්ථාන හතක් හඳුනාගෙන ඇති බව ජාතික ගොඩනැගිලි පර්යේෂණ ආයතනය පවසයි.

    ඒ අනුව, මොරගොල්ල වසමේ වරලියාව කන්ද හා කීන කැලේ කඳු පන්තිය නාය යන ප්‍රදේශය, ලෙජර් වත්ත කන්ද, නාරංගල කන්ද, තෝබෝවත්ත කොටස, බෝලියද්ද ආයුර්වේද අසල ඉහළ කොටස, දික් පිටිය පහළ කොටස, හා සොරනාතොට ප්‍රාදේශීයකම් කාර්යාලයේ භූමිය මෙසේ ඉතා ඉක්මනින් පරීක්ෂාවට ලක්විය යුතු ප්‍රදේශ බව බදුල්ල ආපදා කළමනාකරන මධ්‍යස්ථානය සඳහන් කරයි.

    ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සඳහන් කරන්නේ, ඉන් අනතුරුව ජාතික ගොඩනැගිලි පර්යේෂණ ආයතනයේ වාර්තාව අනුව ඉදිරි කටයුතු පිළිබඳ කඩිනමින් ක්‍රියාමාර්ග ගන්නා බවයි.