Tag: නෙවිල් වන්නිආරච්චි

  • මහින්දගේ ආරක්ෂක නෙවිල් ඇප මත නිදහස්!

    මහින්දගේ ආරක්ෂක නෙවිල් ඇප මත නිදහස්!

    කොළඹ LNW:හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ආරක්ෂක නෙවිල් වන්නිආරච්චි මහතා ඇප මත මුදා හරින ලෙසට කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කර තිබේ.

    රුපියල් මිලියන 28 ක වත්කම් සහ දේපළ අයථා ලෙස උපයා ගත් බවට සැක පිට අල්ලස් හෝ දුෂණ චෝදනා විමර්ශන කොමිසම විසින් අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කර සිටියේය.

    අල්ලස් කොමිසමේ නිලධාරීන් හා සැකකරුගේ නීතිඥවරුන් ඉදිරිපත් කළ කරුණු සලකා බැලීමෙන් අනතුරුව කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංක එස්. බෝදරගම විසින් සැකකරු ඇප මත නිදහස් කිරීමට නියෝගය කර ඇති අතර ඒ අනුව, රුපියල් 50,000 ක මුදල් ඇප හා රුපියල් ලක්ෂ 10 බැගින් වූ ශරීර ඇප තුනක් මත මුදා හැරීමට නියෝග කර ඇත.

    මේ අතර සැකකරුගේ විදේශ ගමන් තහනම් කිරීමටද අධිකරණය කටයුතු කර තිබේ.

    යළි එම නඩුව ජනවාරි 16 වැනිදා කැඳවීමට නියමිතයි.

    ආශිකා බ්‍රාහ්මණ

  • මහින්දගේ ප්‍රධාන ආරක්ෂක නිලධාරියා අත්අඩංගුවට!

    මහින්දගේ ප්‍රධාන ආරක්ෂක නිලධාරියා අත්අඩංගුවට!

    කොළඹ LNW: හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ ප්‍රධාන ආරක්ෂක නිලධාරී විශ්‍රාමික යුද හමුදා කර්නල් නෙවිල් වන්නිආරච්චි අත්අඩංගුවට ගෙන තිබේ.

    අල්ලස් හෝ දුෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ නිලධාරීන් විසින් එම අත්අඩංගුවට ගැනීම සිදුකර තිබෙන අතර ප්‍රකාශයක් ලබා ගනීම සඳහා අද ඔහුව කොමිසම වෙත කැඳවා තිබුණි.

  • කීර්තිරත්නගේ කෙරුවාව නිසා නෙවිල් වන්නිආරච්චිත් අමාරුවේ ….!

    කීර්තිරත්නගේ කෙරුවාව නිසා නෙවිල් වන්නිආරච්චිත් අමාරුවේ ….!

    රඹුක්කන ප්‍රදේශයේ පෙරේදා (19) පැවති මහජන විරෝධතාවට වෙඩි තැබීමට අණ දී ඇත්තේ කෑගල්ල කොට්ඨාස භාර ජ්‍යේෂ්ඨ පොලිස් අධිකාරී කේ. බී. කීර්තිරත්න විසින් බව ලංකා නිව්ස් වෙබ් අපි මීට පෙර පුවතකින් අනාවරණය කළෙමු.

    මේ ජ්‍යේෂ්ඨ පොලිස් අධිකාරී කේ. බී. කීර්තිරත්න යනු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධාන ආරක්ෂක නිලධාරියා වන නෙවිල් වන්නිආරච්චිගේ සමීප ඥාති සහෝදරයෙකි. කීර්තිරත්න පොලිස් උප සේවාවෙන් පැමිණි උපපොලිස් පරීක්ෂකවරයකු වන අතර ඔහු පොලිස් සේවයට අන්තර්ග්‍රහණය වී SSP තනතුර දක්වා ඉහළට පැමිණියේ නෙවිල් වන්නිආරච්චිගේ ඥාතීත්වයේ අනුහසෙනි.

    පොලිසියේ සියල්ලන්ම පාහේ දන්නා කාරණයක් වන්නේ SSP කීර්තිරත්න යනු උදෑසන පටන්ම මත්පැන් පානය කර බමන මතින් රාජකාරියෙහි යෙදී සිටින අයෙකු බවයි. එමෙන්ම ඔහු ඉඩක් ලැබෙන සෑම අවස්ථාවකම කුමක් හෝ ලකුණු දමා ගැනීමට තැත්කරන පන්නයේ චරිතයකි. රඹුක්කන සිද්ධියේදීත් ඔහු කටයුතු කර තිබුණේ මෙම ලකුණු දමා ගැනීමේ වුවමනාව අනුව ය.

    කෙසේවෙතත් රඹුක්කන වෙඩිතැබීම සම්බන්ධයෙන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පසුවන්නේ දැඩි කේන්තියකින් බව ආරංචිමාර්ග ප්‍රකාශ කළේය. ජනාධිපතිවරයා සම්බන්ධයෙන් කවර විවේචන තිබුණත් ඔහු ගතවූ වසර දෙක තුළ කිසිදු අවස්ථාවක සාමකාමී මහජන උද්ඝෝෂණයක් වෙඩිතබා මර්දනය කිරීමට කටයුතු නොකළ බව කාටත් පිළිගත හැකි සත්‍යයකි. පසුගිය සමයේ පැවති ආරක්ෂක මණ්ඩල රැස්වීම්වලදී ජනාධිපතිවරයා ආරක්ෂක ප්‍රධානීන්ට උපදෙස් ලබාදී ඇත්තේ විරෝධතාකරුවන් පොලිසියට පහර දුන්නත් ආපිට පහර නොදෙන ලෙසය. මේ අවස්ථාවේදී රටට අංක එකටම වැදගත් වන්නේ ජාත්‍යන්තර සහයෝගය බව සිහිපත් කර ඇති ජනාධිපතිවරයා සියල්ල තීරණය වන්නේ ජාත්‍යන්තර සහාය මත බැවින් ඊට බාධාවක් වන කිසිදු මර්දනකාරී පියවරකට නොයන ලෙස සියලුම ආරක්ෂක ප්‍රධානීන්ට තරයේ අවධාරණය කර තිබී ඇත. එවන් පසුබිමක සිදුවූ මෙම වෙඩිතැබීම කොහෙත්ම පිළිගත හැකි දෙයක් නොවන බව ජනාධිපතිවරයාගේ මතය වී තිබේ.

    එමෙන්ම විදෙස් තානාපතිවරුන් රැසක් ද ජනාධිපතිවරයා අමතමින් පසුගිය දින දෙක තුළ මේ සිද්ධිය සම්බන්ධයෙන් දැඩි විරෝධය පළකර තිබිණි.

    ඒ අනුව මීළඟ දින දෙකක් හෝ තුනක් තුළ SSP කීර්තිරත්න මෙම වෙඩිතැබීම සම්බන්ධයෙන් නීතියට කොටුවීමට නියමිතව ඇත. කෙසේවෙතත් ඔහු මේ වනවිටත් සුපුරුදු බමන මතින් යුතුව සෙසු පොලිස් නිලධාරීන් සමග පවසමින් සිටින්නේ “දිළුම් ඇමතිතුමා මාව බේරාගත්තෙ නැතත් නෙවිල් මාව බේරාගන්නවා මයි. මිනිහා මගේ ඥාතියා. මම පොලිසියේ මෙච්චර දුරක් ආවෙත් මිනිහා නිසා” යනුවෙන් බවයි ආරංචිමාර්ග පැවසුවේ.

    කටයුතු සිදුවන්නේ ඒ ආකාරයට නම් SSP කීර්තිරත්න මෙන්ම නෙවිල් වන්නිආරච්චිත් අමාරුවේ වැටීමට නියමිත බව අමුතුවෙන් කිවයුතු නොවේ.

    සබැඳි පුවත් –

    http://139.59.240.222/04/20/14253/