Tag: ජගත් කුමාර

  • ජගත් කුමාර දුරකථනය අතහරී!

    ජගත් කුමාර දුරකථනය අතහරී!

    කොළඹ LNW:ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරකුව සිටියදී පසුගිය ජනාධිපතිවරණයේද සමඟි ජන බලවේගයට එක්වූ ජගත් කුමාර මහතා සමඟි ජන බලවේගයෙන් ඉවත් වීමට තීරණය කර තිබේ.

    මෙම තීරණයත් සමඟ ඉදිරියේදී තමන් ස්වාධීනව කටයුතු කරන බවයි ජගත් කුමාර මහතා පවසන්නේ.

    පසුගිය මහ මැතිවරණයේදී සමඟි ජන බලවේගය සමඟ එක්ව කටයුතු කළද සමඟි ජන බලවේගයෙන් සාධාරණයක් ඉටු නොවීම මෙම ඉවත්වීමට ප්‍රධානම හේතුවක් වී තිබේ.

    ආශිකා බ්‍රාහ්මණ

  • පොහොට්ටුවේ ජගත් කුමාර සජිත්ට එක් වෙයි!

    පොහොට්ටුවේ ජගත් කුමාර සජිත්ට එක් වෙයි!

    කොළඹ LNW:ඉදිරි ජනාධිපතිවරණයේදී සිය සහය විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාට ලබා දීමට තීරණය කළ බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී ජගත් කුමාර මහතා පවසයි.

    ඒ අනුව සජිත් ප්‍රේමදාස මහතා විසින් ඔහුව දිළි ඳුකම පිටුදැකීම හා සමෘද්ධි ව්‍යාපාරයට අදාල සියලු කටයුතු සම්බන්ධීකරණ ප්‍රධානියා ලෙස පත් කිරීමට නියමිත බව සඳහන්.

    ආශිකා බ්‍රාහ්මණ

  • විගණකාධිපති වාර්තා අනුව ඇතැම් රාජ්‍ය ආයතනවල කාර්ය සාධනය 23% ක් පමණයි – ජගත් කුමාර

    විගණකාධිපති වාර්තා අනුව ඇතැම් රාජ්‍ය ආයතනවල කාර්ය සාධනය 23% ක් පමණයි – ජගත් කුමාර

    දූෂණ වංචා අවම කිරීම වෙනුවෙන් තාක්ෂණය සහ මාර්ගස්ථ ක්‍රම මඟින් ගනුදෙනු සිදු කරන සාර්ථක වැඩපිළිවෙලක් ආරම්භ කිරීමට කටයුතු යොදා තිබෙන බව විවෘත හා වගකිවයුතු රජයක් පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවේ සභාපති, පාර්ලිමේන්තු මන්ත්‍රී ජගත් කුමාර සුමිත්‍රආරච්චි මහතා පවසයි.

    වැටුප් වැඩි කිරීම ඇතුළු විවිධ ඉල්ලීම් සිදුකරන රාජ්‍ය සේවකයන් තම යුතුකම ද නිසි ලෙස ජනතාවට ඉටුකළ යුතු බවත් දේශපාලන තන්ත්‍රය මඟින් සිදු කළ හැකි වන්නේ ප්‍රතිපත්ති සම්පාදනය පමණක් බවත් ඒ මහතා පෙන්වා දුන්නේය.

    විවෘත හා වගකිවයුතු රජයක් පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවේ සභාපති, පාර්ලිමේන්තු මන්ත්‍රී ජගත් කුමාර සුමිත්‍රආරච්චි මහතා මේ බව සඳහන් කර සිටියේ ‘ස්ථාවර රටකට සැවොම එක මඟකට’ මැයෙන් පෙරේදා (17) ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවට එක් වෙමිනි.

    එහිදී වැඩි දුරටත් අදහස් දැක්වූ පාර්ලිමේන්තු මන්ත්‍රී ජගත් කුමාර සුමිත්‍රආරච්චි මහතා මෙසේද සඳහන් කළේය,

    “විවෘත හා වගවීම සහිත රජය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාව විසින් මේ වන විට මහජනතාවගේ අවශ්‍යතා වෙනුවෙන් විශාල වැඩ කොටසක් සිදු කර තිබෙනවා. විවෘතව සහ වගවීමෙන් යුක්තව රාජ්‍ය යාන්ත්‍රණය ශක්තිමත් කිරීම අපට පැවරී තිබෙනවා. ඊට අදාළව ආංශික අධීක්ෂණ කාරක සභාව විසින් රාජ්‍ය සේවයේ ඇති කාර්ය සාධනයන් විමර්ශනයට ලක් කෙරෙනවා. එහිදී ශ්‍රේෂ්ඨාධිකරණය ඇතුළු අධිකරණ පද්ධතිය, අමාත්‍යාංශ ඇතුළු රාජ්‍ය ආයතන සියල්ලේම වාර්ෂික කාර්ය සාධන වාර්තා අප විසින් අධ්‍යයනය කරනවා.

    නමුත් විගණකාධිපතිවරයාගේ වාර්තාවලට අනුව ඇතැම් ආයතනවල කාර්ය සාධනය 23%ක් පමණ වන බව පෙනී ගොස් තිබෙනවා. ඒ සම්බන්ධව හේතු විමසූ විට විවිධ පිළිතුරු ලැබෙනවා. කෙසේ නමුත් පවතින මෙම තත්ත්වය වළක්වා ගැනීම සඳහා පසුගියදා කතානායකවරයාගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තුවේදී අමාත්‍යාංශ ලේකම්වරුන්, පළාත්, දිස්ත්‍රික් සහ ප්‍රාදේශීය ලේකම්වරුන් ඇතුළු ජනතාවට සමීපව සේවය කරන රාජ්‍ය නිලධාරීන් සඳහා විශේෂ වැඩමුළුවක් පැවත්වීමට කටයුතු කළා. එහිදී ජනාතාවට කාර්යක්ෂම හා සුහදශීලී සේවයක් සිදු කළ යුත්තේ කෙසේ ද යන්න සම්බන්ධයෙන් ඔවුන් දැනුවත් කිරීම සිදු කෙරුණා.

    ඒ වගේම රාජ්‍ය සේවකයන්ගේ යුතුකම මෙන්ම වගකීම සහ වගවීම වන්නේ, ජනතාවට සේවය කිරීමයි. මේ වසරට අදාළව ජනාධිපති රනිල් වික්‍රමසිංහ ප්‍රමුඛ රජය විසින් රුපියල් 10,000ක වැටුප් වැඩිවීමක් සිදු කළා. ලබන වසරට ද වැටුප් වැඩිවීමක් සිදුකරන බව සඳහන් කර තිබෙනවා. මෙහිදී වැටුප් වැඩි කිරීම ඇතුළු විවිධ ඉල්ලීම් සිදුකරන රාජ්‍ය සේවකයන් තම යුතුකම ද නිසි ලෙස ජනතාවට ඉටුකළ යුතුයි. දේශපාලන තන්ත්‍රය මඟින් සිදුකළ හැකි වන්නේ ප්‍රතිපත්ති සම්පාදනය පමණයි. කඳුළු පිරි දෙනෙතින් රාජ්‍ය ආයතනයට එන ජනතාව සිනා මුසු මුවින් ආපසු යැවීමට රාජ්‍ය අංශය සමත්විය යුතුයි.

    ඒ වගේම රාජ්‍ය අංශය දූෂණ වංචා අවම කිරීම වෙනුවෙන් තාක්ෂණය සහ මාර්ගස්ථ ක්‍රම මඟින් ගනුදෙනු සිදු කරන සාර්ථක වැඩපිළිවෙලක් ආරම්භ කිරීමට කටයුතු යොදා තිබෙනවා. එමෙන්ම පවතින ක්‍රම යාවත්කාලීන කිරීමට ද අප සාකච්ඡා ආරම්භ කර තිබෙනවා.

    රාජ්‍ය යාන්ත්‍රණය කාර්යක්ෂම කිරීම සඳහා පහසුකම් ලබාදිය යුතු වනවා. එමෙන්ම පුරප්පාඩු පවතින තනතුරු සඳහා පත්කිරීම් සිදුකළ යුතු වනවා. රාජ්‍ය සේවකයන්ගේ කාර්ය භාර්ය පිළිබඳව යම් සමීක්ෂණයක් සිදු කිරීම ද අවශ්‍යව පවතින බව සඳහන් කළ යුතුයි.”

    RN

  • (VIDEO):විදුලිය විසන්ධි කිරීමේ ප්‍රශ්නයෙන් පාර්ලිමේන්තුව උණුසුම් වෙයි!මන්ත්‍රී ජගත් කුමාරගේත් කපල!CEB කරන්නේ ඇමතිගේ කොන්ත්‍රාත්තුවක්ද?

    (VIDEO):විදුලිය විසන්ධි කිරීමේ ප්‍රශ්නයෙන් පාර්ලිමේන්තුව උණුසුම් වෙයි!මන්ත්‍රී ජගත් කුමාරගේත් කපල!CEB කරන්නේ ඇමතිගේ කොන්ත්‍රාත්තුවක්ද?

    කොළඹ LNW:විදුලි බිල් නොගෙවීම නිසා විදුලිය විසන්ධි කිරීම තවදුරටත් වේගවත් වී තිබෙන බව අද (07) පාර්ලිමේන්තුවේදී විපක්ෂය විසින් මතු කළා.

    සමඟි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී තුෂාර ඉදුනිල් මහතා පැවසුවේ බිල ගෙවා ගැනීමට නොහැකිව විදුලිය විසන්ධි කරනවාට අමතරව යළි සම්බන්ධය ලබා ගැනීමේදී ද දඩ මුදලක් ගෙවීමට සිදුව තිබෙන අතර එය ඉතා අසාධාරණ බවයි.

    මේ අතර පසුගිය මාසයේ විදුලි බිල ගෙවීම ප්‍රමාද වීම නිසා කිසිදු දැනුම්දීමක් හෝ නොමැතිව පාර්ලිමේන්තු මන්ත්‍රී ජගත් කුමාර මහතාගේ නිවසේද විදුලිය විසන්ධි කර තිබුණු අතර තමන්ගේ තත්ත්වය මෙසේ නම් සාමාන්‍ය ජනතාවගේ තත්ත්වය කොහොම ඇත්ද යන ප්‍රශ්න මතුවන බවයි ජගත් කුමාර මන්ත්‍රීවරයා සිය අත්දැකීම පාර්ලිමේන්තුව හමුවේ තබමින් පැවසුවේ.

    මෙම ප්‍රශ්නකාරී තත්ත්වයට පිළිතුරු දෙමින් විෂය භාර අමාත්‍ය කංචන විජේසේකර මහතා සඳහන් කළේ අසාධාරණ අයුරින් ක්‍රියා කර තිබෙන නිලධාරීන්ට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගන්නා බවයි.

    ASK

  • (VIDEO):පහුගිය කාලයේ අපේ නායකයොත් වරද්දගත්තා.NPP එකට දැන් බලයක් තියෙනවා.පොහොට්ටු මන්ත්‍රී ජගත්ගෙන් හෙල්ලිලා යන කතාවක්!

    (VIDEO):පහුගිය කාලයේ අපේ නායකයොත් වරද්දගත්තා.NPP එකට දැන් බලයක් තියෙනවා.පොහොට්ටු මන්ත්‍රී ජගත්ගෙන් හෙල්ලිලා යන කතාවක්!

    කොළඹ LNW:ජාතික ජන බලවේගයට 3%ට වඩා බලයක් නැති බව කෙනෙක් කියන්නේ නම් එය බොරුවක් බවත් මේ වෙන විට ඔවුන්ටත් බලයක් ගොඩනැගී ඇති බවත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී ජගත් කුමාර මහතා පවසයි.

    තමන නියෝජනය කරන කඳවුරේ නායකයින් පහුගිය කාලයේ සිදුකරගත් වරද්දා ගැනීම් වලින් ජාතික ජන බලවේගයේ ජනප්‍රියතාව වැඩි වූ බවයි මන්ත්‍රීවරයා පෙන දෙන්නේ.

    එහෙත් ඔවුන්ට ආණ්ඩු බලයක් ගැනීමට තරම ජනතා බලයක නොමැති බවද ඔහු සඳහන් කරයි.

    ASK

  • රාජ්‍ය නිලධාරීන්ට පෞද්ගලික අභිමතය පරිදි වැඩ කරන්න බැහැ – ජගත් කුමාර

    රාජ්‍ය නිලධාරීන්ට පෞද්ගලික අභිමතය පරිදි වැඩ කරන්න බැහැ – ජගත් කුමාර

    සටහන – රෂිකා හෙන්නායක

    පෙබරවාරි , 16 කොළඹ (LNW): රාජ්‍ය ආයතනවල වගකිවයුතු බහුතරයක් නිලධාරීන් මහජනතාවට ඉතා හොඳින් සේවය සැපයීම සිදු කරන නමුත්, ඇතැම් නිලධාරීන් පිරිසක් මහජනතාවට සේවය සැපයීමේ දී අකාර්යක්ෂමව වගවීමකින් තොරව කටයුතු කරන බව අපට පෙනී ගොස් තිබෙන බව විවෘත සහ වගකිව යුතු රජයක් සඳහා වූ ආංශික අධීක්ෂණ කාරක සභාවේ සභාපති ජගත් කුමාර සුමිත්‍රාආරච්චි මහතා පවසයි.

    ජනතාවට ලබාදිය යුතු සේවා පහසුකම් නිවැරදි ලෙස ක්‍රියාත්මක නොවීමේ තත්ත්වයක්ද පෙනී ගොස් තිබෙන බවත්, ඇතැම් අවස්ථාවල රාජ්‍ය සේවයේ පත්කිරීම් සහ මාරුකීරීම් සම්බන්ධයෙන් ප්‍රමාද වීම් සිදුව ඇත්තේද නිලධාරීන්ගේ අකාර්යක්ෂම භාවයෙන් බවද ඔහු පවසයි.

    එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ පාර්ලිමේන්තු මන්ත්‍රි ජගත් කුමාර මහතා මෙසේ ද පැවසීය,

    රාජ්‍ය ආයතනවල වගකිවයුතු බහුතරයක් නිලධාරීන් මහජනතාවට ඉතා හොඳින් සේවය සැපයීම සිදු කරනවා. නමුත් ඇතැම් නිලධාරීන් පිරිසක් මහජනතාවට සේවය සැපයීමේ දී අකාර්යක්ෂමව වගවීමකින් තොරව කටයුතු කරන බව අපට පෙනී ගොස් තිබෙනවා.

    ජනතාවට ලබාදිය යුතු සේවා පහසුකම් නිවැරදි ලෙස ක්‍රියාත්මක නොවීමේ තත්ත්වයක්ද අපට පෙනී ගොස් තිබෙනවා. ඇතැම් අවස්ථාවල රාජ්‍ය සේවයේ පත්කිරීම් සහ මාරුකීරීම් සම්බන්ධයෙන් ප්‍රමාද වීම් සිදුව ඇත්තේද නිලධාරීන්ගේ අකාර්යක්ෂම භාවයෙන් බව කිව යුතුයි.

    ඔවුන් විසින් දේශපාලන අධිකාරියේ වැරදි ඇති බවට ප්‍රකාශ කළ ද ඇතැම් රාජ්‍ය අංශයේ ඉහළ නිලධාරීන් කටයුතු කරන්නේ කිසිදු වගවීමකින් තොරවයි. දේශපාලනඥයන්ට චෝදනා කළ පමණින් රට ඉදිරියට ගෙනියන්න බැහැ. රාජ්‍ය නිලධාරීන්ට පෞද්ගලික අභිමතය පරිදි වැඩ කරන්න බැහැ.

    ඒ වගේම ඇතැම් නිලධාරීන් තමන්ට වගවීමක් නොමැති බව පවසමින් පාර්ලිමේන්තු ආංශික අධීක්ෂණ කාරක සභා ඉදිරියට පැමිණීම ද ප්‍රතික්ෂේප කළ අවස්ථා තිබෙනවා. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ පැහැදිලිවම ප්‍රකාශ කර ඇත්තේ, ස්වාධීන කොමිෂන් සභා පාර්ලිමේන්තුවට වගකිව යුතු බවයි. එවැනි තත්ත්වයක් තුළ මහජනතාවට ලැබිය යුතු අයිතිවාසිකම් බොහෝදුරට මගහැරී ගොස් තිබෙනවා.

    වඩාත් හොඳ කාර්ය සාධනයක් ඇති කිරීමට රාජ්‍ය සේවයේ විනිවිධ භාවයක් මෙන්ම විවෘත භාවයක් ඇති කළ යුතුයි.

    වතින මෙම තත්ත්වය වළක්වා ගැනීමට එළඹෙන 19 වැනිදා කතානායකවරයාගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තුවේදී අමාත්‍යාංශ ලේකම්වරුන්, පළාත්, දිස්ත්‍රික් සහ ප්‍රාදේශීය ලේකම්වරුන් ඇතුළු ජනතාවට සමීපව සේවය කරන නිලධාරීන් සඳහා විශේෂ වැඩමුළුවක් පැවැත්වීමට අප කටයුතු යොදා තිබෙනවා. එහිදී ජනාතාවට කාර්යක්ෂම හා සුහදශීලී සේවයක් සිදු කළ යුත්තේ කෙසේ ද යන්න සම්බන්ධයෙන් ඔවුන් දැනුවත් කිරීමට නියමිතයි.

    එමෙන්ම ර‍ජය ආරථික දුෂ්කරතාවන් පවතින මේ කාලයේත් රාජ්‍ය සේවකයන්ට රුපියල් 10000කින් වැටුප් ඉහළ දැමීම අගය කළ යුතුයි. නමුත් මහජනතාව පීඩාවට පත් කරමින් සිදු කරන වර්ජන කිසි ලෙසවත් අනුමත කිරීමට නොහැකියි. වෘත්තීය සමිති නායකයකු ලෙස එවැනි ක්‍රියාමාර්ග තරයේ ප්‍රතික්ෂේප කරනවා”

    විවෘත සහ වගකිව යුතු රජයක් සඳහා වූ ආංශික අධීක්ෂණ කාරක සභාවේ සභාපති ජගත් කුමාර සුමිත්‍රාආරච්චි මහතා මේ බව සඳහන් කර සිටියේ ‘ස්ථාවර රටකට සැවොම එක මඟකට’ මැයෙන් අද (16) ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවට එක් වෙමිනි.

  • රට ගොඩගැනීමට මාධ්‍යයේද දායකත්වය අවශ්‍යයි – ජගත් කුමාර

    රට ගොඩගැනීමට මාධ්‍යයේද දායකත්වය අවශ්‍යයි – ජගත් කුමාර

    සටහන – රෂිකා හෙන්නායක

    කොළඹ (LNW): රට ගොඩනැඟීමට නම් යම් යම් උපක්‍රම සේම, අවංකභාවයකින් වැඩ කිරීමටත් අවශ්‍ය බව පාර්ලිමේන්තු මන්ත්‍රී ජගත් කුමාර මහතා කියා සිටී. එසේ කළහොත් මේ රට ගොඩනැගීමට හැකි බවත් , මේ සඳහා මාධ්‍ය ආයතනවල සහායත් අවශ්‍ය වන බවද ඒ මහතා පවසයි.

    මාධ්‍යය ආයතන නිසි වගවීමකින් යුක්තව කටයුතු කළහොත් මේ රටට විශාල වැඩකොටසක් කිරීමට හැකි බවත්, එමඟින් රට හොඳ තැනකට ගෙන යෑමට හැකියාව ඇති බවද ජගත් කුමාර මහතා පැවසී

    පාර්ලිමේන්තු මන්ත්‍රී ජගත් කුමාර මහතා ‍තවදුරටත් පැවසූවේ,

    ” විවෘත සහ වගකිවයුතු රජයක් සඳහා වන ආංශික අධීක්ෂණ කාරක සභාව වශයෙන් මෙරට රාජ්‍ය ආයතන ගණනාවක් සමඟ කටයුතු කරමින් සිටිනවා. ජනතාවට කාර්යක්ෂම සහ ප්‍රශස්ත සේවාවක් ලබාදෙන්නේ කොහොමද කියන කාරණය මෙහිදී අවධානය යොමු කර තිබෙනවා.

    මෙම කාරක සභාව එක කාරණයකට පමණක් සීමා වී නැහැ. මෙරට රාජ්‍ය ආයතන, දේශපාලන අධිකරිය සහ පාර්ලිමේන්තුව සැලකුවත් යම් මට්ටමකට විවෘතභාවය, වගවීම අඩු බවක් පෙනෙන්නට තිබෙනවා. සියලු සේවාවන් සපයන රාජ්‍ය ආයතන වගවීම පිළිබඳව නිසි අවබෝධයකින් යුක්තව කටයුතු කළ යුතුයි.

    ජනතාවට වැඩි සේවාවක් ලබා දෙන විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තුව, පොලිස් දෙපාර්තමේන්තුව, ස්වාධීන කොමිෂන් සභා, මුදල් කොමිෂන් සභාව, මැතිවරණ කොමිසම වැනි ආයතන සමඟත් කාරක සභාව සාකච්ඡා කර තිබෙනවා.

    අද වන විට සමාජය චෝදනා එල්ල කරන්නේ මහජන නියෝජිතයන්ට පමණයි. නමුත් රට ඉදිරියට ගෙන යෑමේදී ජනතාව රාජ්‍ය ආයතනවලින් ද ප්‍රශස්ත සේවාවක් බලාපොරොත්තු වෙනවා. එම ආයතන මගින් සිදුවිය යුතු සේවාවන් සිදු නොවීම සම්බන්ධයෙන් මහජන නියෝජිතයන්ට චෝදනා එල්ල කිරීම ප්‍රතිඵලදායක නැහැ. ඊට එහා ගිය වැඩපිළිවෙළක් තුළින් රාජ්‍ය ආයතන ජනතාවට වඩාත් සමීප කරවිය යුතුයි.

    තවද මුදල් කොමිෂන් සභාව හරහා පළාත් සභාවලට මුදල් ලබාදීමේදී යම් නියාමනයක් සිදුවිය යුතුයි. ඒ සම්බන්ධව යම් නියාමන ක්‍රමවේද භාවිත කළ යුතු බව කාරක සභාව හරහා නිර්දේශ ලබාදී තිබෙනවා.

    එසේම පොලිස් දෙපාර්තමේන්තුව සිය රාජකාරිය නිසියාකාරව සිදු කරනවා ද කියන කාරණය සම්බන්ධවත් සොයා බැලීමක් සිදු කළා. රටේ අපරාධ වැළැක්වීමටත්, මත්ද්‍රව්‍ය රට තුළට ඒම වැළැක්වීමටත් අවශ්‍ය පියවර සහ ක්‍රමවේද ගැනත් සාකච්ඡාවට ලක් වුණා.

    සියලු පාර්ශවයන්ගේ අදහස් සහිතව රටේ ප්‍රජාතන්ත්‍රවාදය තහවුරු කිරීම සඳහා මාර්ගෝපදේශ මාලාවක් සකස් කිරීමට කමිටුව තීරණය කර තිබෙනවා. මෙහිදී රටේ වගකිව යුතු රාජ්‍ය ආයතන පද්ධතිය වඩාත් ශක්තිමත් කිරීමටත්, ජනතාවට වගවීමත් අරමුණු කරගෙන කටයුතු කිරීමට සඳහා අවශ්‍ය මඟපෙන්වීම ලබාදීමට මෙම මාර්ගෝපදේශ මාලාව වැදගත් වනු ඇතැයි විශ්වාස කරනවා.

    මෙම මාර්ගෝපදේශ මාලාව සකස් කරනු ලබන්නේ ජනාධිපති ලේකම් ප්‍රමුඛ සියලුම රාජ්‍ය නිලධාරීන්, විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව, විද්වතුන්, ජනතාවගේත් අදහස් ලබාගෙනයි. මේ සමඟ සියලු පාර්ශ්ව තම වගවීම පිළිබඳව අවබෝධයක් ඇතිව වැඩ රාජකාරි සිදුකළ කළ යුතුයි. එසේ නොමැතිව දේශපාලනඥයන්ට පමණක් චෝදනා කළ පමණින් තුළින් රටක් ඉදිරියට ගෙන යන්න බැහැ.

    රට ගොඩනැඟීමට නම් යම් යම් උපක්‍රම වගේම, අවංකභාවයකින් වැඩ කිරීමටත් අවශ්‍යයි. එසේ කළහොත් මේ රට හදන්න පුළුවන්. මේ සඳහා මාධ්‍ය ආයතනවල සහායත් අවශ්‍ය කරනවා. මාධ්‍යයත් නිසි වගවීමකින් යුක්තව කටයුතු කළහොත් මේ රටට විශාල වැඩකොටසක් කරන්න පුළුවන් වගේම, රට හොඳ තැනකට ගෙන යෑමට හැකියාව තිබෙනවා.

    ඒ වගේම මේ රටේ ආබාධිත පුරවැසියන් විශාල සංඛ්‍යාවක් සිටිනවා. ඔවුන් මැතිවරණවලදී සිය ඡන්දය භාවිත කිරීමට යෑමේදී ගැටලු රැසකට මුහුණ දෙනවා. එම ගැටලු මඟහරවා ගැනීමට ආබාධිත අය සඳහා විශේෂිත හැඳුනුම්පතක් ලබාදීමට ද කටයුතු කරනවා.

    ඡන්දය භාවිත කළ බවට යොදා ගන්නා තීන්ත ගෙන්වීමට විශාල මුදලක් වැය වෙනවා. මේ වන විට ජාතික හැඳුනුම්පත අනිවාර්යය කර තිබෙන නිසා අක්‍රමිකතා සිදු කරන්න බැහැ. ඒ නිසා මැතිවරණ සඳහා යන වියදම අවම කර ගැනීමට විශේෂ වැඩපිළිවෙළක් සකස් කළ යුතු බවට ද කාරක සභාව යෝජනා කර තිබෙනවා”

    විවෘත සහ වගකිවයුතු රජයක් සඳහා වන ආංශික අධීක්ෂණ කාරක සභාවේ සභාපති ජගත් කුමාර මහතා මේ බව සඳහන් කළේ ‘ස්ථාවර රටකට සැවොම එක මඟකට’ මැයෙන් අද (11) ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවට එක්වෙමිනි.

    රටපුරා සියලු තොරතුරු දැනගන්න එක්වන්න අපගේ Whatsapp Newsroom වෙත??

  • මහනායක හිමිවරු කියන දේ අහලවත් සර්ව පාක්ෂික ආණ්ඩුවට එන්න – පොහොට්ටුව විපක්ෂයෙන් ඉල්ලයි (VIDEO)

    මහනායක හිමිවරු කියන දේ අහලවත් සර්ව පාක්ෂික ආණ්ඩුවට එන්න – පොහොට්ටුව විපක්ෂයෙන් ඉල්ලයි (VIDEO)

    රාජපක්ෂවරු ගැන හෝ විවිධ ප්‍රතිපත්ති ගැන නොකියා රට වෙනුවෙන් මේ මොහොතේ සර්ව පාක්ෂික ආණ්ඩුවට විපක්ෂය එකතු විය යුතු වන අතර අවම වශයෙන් සර්ව පාක්ෂික වැඩපිළිවෙලට හෝ සහය දැක්විය යුතු බව අද (17) ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ප්‍රධාන කාර්යාලයේදී පැවති මාධ්‍ය හමුවේදී අවධාරණය කෙරුණි.

    මෙහිදී අදහස් දැක්වූ පාර්ලිමේන්තු මන්ත්‍රී ජගත් කුමාර මහතා පැවසුවේ පොදු එකඟතාවක් සාදා ගැනීම වෙනුවෙන් මහානායක හිමිවරු, පුජ්‍ය පක්ෂය සහ රටේ ජනතාව ඉල්ලා සිටින පරිදි සර්ව පාක්ෂික ආණ්ඩුවට ප්‍රධාන විපක්ෂය ඇතුළු විපක්ෂ පක්ෂ සහය දැක්විය යුතු වන බවයි.

    එහෙත් එයට සජිත් ප්‍රේමදාස මහතා සූදානමක් නොමැති බව පෙනෙන්නට තිබෙන අතර බලය ඉල්ලා සිටියද එය දීමට සූදානම් වන විට මර බයේ දුවන තත්ත්වයක් පවතින බවයි මන්ත්‍රීවරයා පැවසුවේ.

    ASK

  • ප්‍රශ්න විසඳන්න ආණ්ඩුවට තව කාලය තියෙනවා – ජගත් කුමාර (VIDEO)

    ප්‍රශ්න විසඳන්න ආණ්ඩුවට තව කාලය තියෙනවා – ජගත් කුමාර (VIDEO)

    ජනතාව මුහුණ දී සිටින ප්‍රශ්න විසඳීමට ආණ්ඩුවට තව කාලය ඇති අතර එම කාලය ගෙන ඉක්මණින් පවතින ප්‍රශ්න විසඳිය යුතුව ඇති බව ආණ්ඩු පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී ජගත් කුමාර මහතා පැවසුවේය.

    මන්ත්‍රීවරයා මේ බව සඳහන් කළේ අද (31) ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ප්‍රධාන කාර්යාලයේ දී පැවති මාධ්‍ය හමුවේදීය.

    සර්ව පාක්ෂික සමුළුව,පැවැත්වීම,ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට යාම,සංචාරක කර්මාන්තය සම්බන්ධයෙන් අවධානය යොමු කිරීම වැනි කාරණ ඔස්සේ පවතින ඩොලර් ප්‍රශ්නය ඇතුළු අර්බුද විසඳා ගැනීමට මුල පුර ඇති බවයි මන්ත්‍රීවරයා කියා සිටියේ.

    ජනතාවගෙන් ආණ්ඩුවට එල්ල වෙමින් තිබෙන විරෝධය සදාකාලික විරෝධයක් නොවන අතර එම ප්‍රශ්න විසදුණු පසු එම විරෝධයද අවසන් වන අතර පවතින තත්ත්වය අනුව කවුරු බලයට ආවද දවසින් දෙකෙන් මේ ප්‍රශ්න විසඳිය නොහැකි බවද මන්ත්‍රීවරයා සඳහන් කරන ලදී.

    මේ මොහොතේ ජාත්‍යන්තර සහය ගත්තද කිසිම ආකාරයක රටේ සම්පත් විකුණන තැනක ආණ්ඩුව නැති බවත් එවන් ආණ්ඩුවක් තමන් වැනි අයද නොසිටින බවයි හෙතෙම වැඩිදුරටත් පැවසුවේ.

    ASK

  • රුසියා – යුක්‍රේන ප්‍රශ්නය නිසා මෙරට ජීවන වියදම දෙතුන් ගුණයකින් ඉහළ යයි. අපේ වරදක් නෙවෙයි – ජගත්

    රුසියා – යුක්‍රේන ප්‍රශ්නය නිසා මෙරට ජීවන වියදම දෙතුන් ගුණයකින් ඉහළ යයි. අපේ වරදක් නෙවෙයි – ජගත්

    ජීවන වියදම ඉහළ යෑම ඉදිරි දින කිහිපය තුළ දෙතුන් ගුණයකින් වැඩිවිය හැකි බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී ජගත් කුමාර මහතා පවසයි.

    “අතිශය බරපතළ කාරණාවකට තමයි මේ වනවිට ලෝකය මුහුණ දෙන්න පටන් ගත්තේ. රුසියාව විසින් යුක්‍රේනයට පහරදීමේ තත්වය. මේ තත්වය ලෝකයේ හැම රටකටම යම් යම් ආකාරයෙන්, ආර්ථිකමය වශයෙන්, සමාජීය වශයෙන් බලපෑම් සිදුකරනවා. මේ තත්වය තුළ අපේ රටට විශේෂයෙන්ම රුසියාව සහ යුක්‍රේනය දෙකම අපේ හොඳ මිතුරෝ. එවැනි තත්වයක් තුළ අපට මේ රටවල් දෙකත් එක්ක තියෙන සම්බන්ධතා මේ යුධමය වාතාවරණයත් එක්ක ගිළිහෙන්න පුළුවන්. එවැනි තත්වයක් තුළ අපට අපේ නිෂ්පාදන, විශේෂයෙන්ම තේ යැවීම ප්‍රශ්නයක් වෙන්න පුළුවන් – රුසියාව විශාල වශයෙන් අපෙන් තේ අරගෙන අපට උදව් කරනවා, විවිධාකාරයෙන් සහයෝගය දෙනවා. යුක්‍රේනයත් විවිධාකාරයෙන් සහයෝගය දීලා තියෙනවා –

    ඉතින් මේ රටවල් දෙකේ ප්‍රශ්නය අපිව තවත් බරපතළ අර්බුදයකට වට්ටයි කියන අවිනිශ්චිත තත්වයක් තියෙනවා. ලෝකයේ ගත්තත් තත්වය අවිනිශ්චිතයි, මේක ඊළඟ තවත් යුද්ධයකට දික් ඇදෙයිද කියන කාරණාවෙදි. ඩොලර් ප්‍රශ්නය ආවෙත්, ආර්ථික පරිහානිය ආවෙත්, ජීවන වියදම ඉහළ ගියෙත් අපේ විතරක් නෙවෙයි. දැන් මේ වියදම ඉහළ යන එක අද තියෙන තත්වය වඩා දෙතුන් ගුණයකින් වැඩිවෙනවා හෙට අනිද්දා වෙනකොට මේ රුසියාව සහ යුක්‍රේනය අතර ප්‍රශ්නත් එක්ක. එතකොට ආයෙ තෙල් මිල දැනටත් වැඩිවෙන්න පටන් ගත්තා, ගෑසුත් වැඩිවෙයි, ඒ වගේම ඩොලර් හිඟය අපට තවත් වැඩිවෙනවා අපේ නිෂ්පාදන යවාගන්න බැරිවෙනකොට. ඒ අර්බුද ඔක්කොම එනකොට ආයෙ මේ රටට බලපානවා. මේවා අපි දාගත්ත ඒවා නෙවෙයිනෙ. රුසියාවටයි යුක්‍රේනටයි ගහගන්න කියලා අපි කියලා නෑනෙ”

    ජගත් කුමාර මහතා මේ බව පැවසුවේ ඊයේ (26) ශ්‍රී ලංකා පොදුජන පෙරමුණු මූ‍ලස්ථානයේ පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.

    RN