Tag: දුමින්ද දිසානායක

  • “දිනුම රටට – එක්ව පෙරට”නව සන්ධාන දෙවන ජන රැළිය ජුනි 29 වැල්ලවායේදී!

    “දිනුම රටට – එක්ව පෙරට”නව සන්ධාන දෙවන ජන රැළිය ජුනි 29 වැල්ලවායේදී!

    සටහන – රෂිකා හෙන්නායක ජුනි 25, කොළඹ (LNW):

    ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ප්‍රමුඛ නව සන්ධාන පාර්ශවය විසින් ඒකාබද්ධව පවත්වනු ලබන ජන රැළි මාලාවේ දෙවන ජන රැළිය මොණරාගල දිස්ත්‍රික්කයේ, වැල්ලවාය නගර මධ්‍යයේදී ජුනි මස 29 දින පස්වරු 2.00 ට පැවැත්වීමට සියළු කටයුතු සූදානම් කර තිබෙන බව පැවසේ. “දිනුම රටට – එක්ව පෙරට” යන තේමාව පෙරදැරි කොටගෙන මෙම ජන රැළිය පවත්වනු ලැබේ.

    වැල්ලවාය ජන රැළිය විදේශ රැකියා ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍ය ජගත් පුෂ්පකුමාර මහතා විසින් සංවිධානය කරනු ලබයි.

    නව සන්ධානය ආරම්භ කිරීමත් සමග ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සමග ඒකාබද්ධව නව සන්ධාන වැඩපිළිවෙළ වඩාත් ශක්තිමත් කර තිබේ. පාර්ලිමේන්තුව නියෝජනය කරන මන්ත්‍රීවරුන් වැඩිම පිරිසකගේ සහභාගිත්වයෙන් යුතුව දැවැන්ත සන්ධානයක් ගොඩනැගීමට නව සන්ධානය ප්‍රමුඛ අනෙකුත් පාර්ශවයන් කටයුතු කරමින් සිටියි. ඒ සඳහා විවිධ දේශපාලන පක්ෂ, වෘත්තීය සමිති, සිවිල් සංවිධාන රැසක් නව සන්ධානය වටා ඒකරාශී වීමට සූදානමින් සිටින බව නිමල් ලාන්සා මහතා සඳහන් කරයි.

    මෙම ජන රැළියට නිමල් සිරිපාල ද සිල්වා, මහින්ද අමරවීර, ලසන්ත අලගියවන්න, දුමින්ද දිසානායක, ජගත් පුෂ්පකුමාර, සුසිල් ප්‍රේම්ජයන්ත, නලින් ප්‍රනාන්දු, අනුර ප්‍රියදර්ශන යාපා, නිමල් ලාන්සා, ප්‍රියංකර ජයරත්න යන මහත්වරුන් ඇතුළු නව සන්ධානයට සහය දක්වන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්, පළාත් සභා මන්ත්‍රීවරුන්, ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරුන්, වෘත්තිය සමිති නියෝජිතයින් හා සිවිල් සංවිධාන ක්‍රියාකාරීන් රැසක් සහභාගි වීමට නියමිතව ඇති බව වාර්තා වේ.

  • දිසා අධිකරණය විජයදාසට වාරණ නියෝගයක් නිකුත් කිරීම ප්‍රතික්ෂේප කරයි!

    දිසා අධිකරණය විජයදාසට වාරණ නියෝගයක් නිකුත් කිරීම ප්‍රතික්ෂේප කරයි!

    සටහන – රෂිකා හෙන්නායක

    මැයි 16, කොළඹ (LNW): ශ්‍රී ලංකා නිදහස් පක්ෂ සභාපති ලෙස විජයදාස සහ වැඩ බලන මහ ලේකම් කීර්තිට වාරණ නියෝගයක් නිකුත් කිරීම දිසා අධිකරණය ප්‍රතික්ෂේප කර තිබෙන අතර, ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපතිවරයා ලෙස විජයදාස රාජපක්ෂ පත් කිරීමට ගෙන තිබෙන තීරණය බල ශූන්‍ය බවට තීන්දුවක් ලබාදෙන ලෙස ඉල්ලා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ වැඩ බලන මහ ලේකම්වරයා වශයෙන් කටයුතු කරන පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද දිසානායක විසින් මෙම පැමිණිල්ල ගොනුකර තිබුණි.

  • ශ්‍රීලනිප සභාපති විජයදාසට හෙට ලැබෙන තීන්දුව!

    ශ්‍රීලනිප සභාපති විජයදාසට හෙට ලැබෙන තීන්දුව!

    සටහන – රෂිකා හෙන්නායක

    මැයි 14, කොළඹ (LNW): ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපතිවරයා ලෙස , අධිකරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂ කටයුතු කිරීම වළක්වාලමින් වාරණ නියෝගයක් නිකුත් කරන්නේ ද ? නැද්ද ? යන නියෝගය හෙට (15) දින ප්‍රකාශයට පත් කරන බව කොළඹ දිසා අධිකරණය අද (14) නියෝග කළේය.

    ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ වැඩබලන ලේකම් හා පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද දිසානායක මහතා විසින් ගොනු කළ පැමිණිල්ලක් සලකාබැලීමෙන් අනතුරුව කොළඹ දිසා විනිසුරු සඳුන් විතානගේ මහතා විසින් මෙම තීරණය ප්‍රකාශයට පත්කර ඇත. පැමිණිල්ල සලකාබැලීම සඳහා කැඳවනු ලැබූ අවස්ථාවේදී එහි විත්තිකරුවකු වශයෙන් නම්කර සිටින විජයදාස රාජපක්ෂ මහතා වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ රොමේෂ් ද සිල්වා මහතා අධිකරණය හමුවේ කරුණු දක්වමින්, 

    “ඉකුත් 12 වනදා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ විධායක සභාව විසින් ගනු ලැබූ තීරණයට අනුව විජයදාස රාජපක්ෂ මහතා එම පක්ෂයේ සභාපතිවරයා ලෙස පත් කර තිබෙනවා. එම කරුණට අදාළව ගොනු කළ පැමිණිල්ලක් සලකාබැලූ කඩුවෙල දිසා අධිකරණය විසින් විජයදාස රාජපක්ෂ මහතා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපතිවරයා ලෙස කටයුතු කිරීමට බාධා කිරීම වළක්වාලමින් ඊයේ දින වාරණ නියෝගයක් නිකුත් කළා. එම වාරණ නියෝගයට පටහැනිවයි මෙම පෙත්සම අද දින ඉදිරිපත් කර තිබෙන්නේ.”ඒ අනුව පැමිණිලිකරු ඉල්ලා සිටින වාරණ නියෝගය නිකුත් කිරීමට මෙම අධිකරණයට හැකියාවක් නැහැ. මෙම නඩුව ගොනුකර තිබෙන්නේ අධිකරණ බලය අවභාවිතා කරමින්.” 

    යනුවෙන් සඳහන් කළ ජනාධිපති නීතිඥවරයා පැමිණිලිකරු ඉල්ලා සිටින වාරණ නියෝගය සලකා බැලීම සම්බන්ධයෙන් තමා විරුද්ධ වන බවත් සඳහන් කළේය.

    ඉන් අනතුරුව පෙත්සම්කාර දුමින්ද දිසානායක මහතා වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ චන්දක ජයසුන්දර මහතා අධිකරණය හමුවේ කරුණු දක්වමින්,

    “කඩුවෙල දිසා අධිකරණය විසින් නිකුත් කළ බව කියන වාරණ නියෝගය හෝ ඊට අදාළ නොතීසි කිසිවක් මාගේ සේවාදායකයාට ලැබී නෑ. එම නිසා එම වාරණ නියෝගය මාගේ සේවාදායකයාට අදාළ නොවන බව සඳහන් කළ යුතුයි. එමෙන්ම කඩුවෙල අධිකරණය විසින් නිකුත් කළ වාරණ නියෝගය මගින් කොළඹ දිසා අධිකරණයේ බලය සීමා කිරීමට හැකියාවක් නෑ. ප්‍රශ්නගත ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ විධායක සභා රැස්වීම යැයි කියන රැස්වීමක් ඉකුත් 12 වනදා පැවැත් වුණේ ඇතුල් කෝට්ටේ ප්‍රදේශයේ.”

    “එසේ තිබියදී කඩුවෙල දිසා අධිකරණය හමුවේ අදාළ නඩුව පවරනු ලැබුවේ කෙසේ ද? කියා ප්‍රශ්නයක් මතු වෙනවා. මේ ආකාරයෙන් නඩු පැවරීමට ගියහොත් මාතර, යාපනය, ත්‍රිකුණාමලය වැනි අධිකරණවලට ගොස් නඩු පැවරීමට හැකියාවක් තිබෙනවා. මාගේ සේවාදායකයාට ඕනෑම අධිකරණයක නඩු පැවරීමට හිමිකමක් තිබෙනවා. ඒක ඔහුගේ මූලික මිනිස් අයිතිවාසිකමක්. එම මූලික අයිතිය සීමා කිරීමට හැකියාවක් නෑ.” යනුවෙන් සඳහන් කළ ජනාධිපති නීතිඥ චන්දක ජයසුන්දර මහතා පැමිණිලිකරු ඉල්ලා සිටින වාරණ නියෝගය නිකුත් කරන ලෙසත් ඉල්ලා සිටියේය. 

    දෙපාර්ශ්වය විසින් ඉදිරිපත් කළ කරුණු සලකා බැලූ දිසා විනිසුරුවරයා සිය නියෝගය හෙට දින ප්‍රකාශයට පත්කරන බව නිවේදනය කළ බව සඳහන් වේ.

  • දුමින්දගෙන් විජයදාසට එරෙහිව පෙත්සමක්!

    දුමින්දගෙන් විජයදාසට එරෙහිව පෙත්සමක්!

    සටහන – රෂිකා හෙන්නායක

    මැයි 14, කොළඹ (LNW): පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද දිසානායක මහතා විසින් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපතිවරයා ලෙස අධිකරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂ කටයුතු කිරීම වළක්වාලන වාරණ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා කොළඹ දිසා අධිකරණය හමුවේ නඩුවක් ගොනුකර ඇති බව වාර්තා වේ.

  • විජේදාසට සභාපතිකම දීම බණ්ඩාරනායක ඝාතනයටත් එහා වැඩක් – දුමින්ද

    විජේදාසට සභාපතිකම දීම බණ්ඩාරනායක ඝාතනයටත් එහා වැඩක් – දුමින්ද

    ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සාමාජිකයකු වන විජේදාස රාජපක්ෂ මහතාව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපති ධුරයට පත්කිරීම නීත්‍යානුකූල නොවන බවත් ඒ සඳහා ඊයේ (12) හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් කැඳවා තිබූ රැස්වීම පවා අනීතික බවත් ශ්‍රීලනිපයේ නිමල් සිරිපාල පාර්ශ්වයේ වැඩබලන මහලේකම් දුමින්ද දිසානායක මහතා පවසයි.

    “ඒ අය කැඳවපු රැස්වීම අනීතිකයි. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ තනතුරුවල වෙනසක් නීත්‍යානුකූල මට්ටමින් සිදුවෙලා නැහැ. වාරණයට ලක්වෙච්ච පිරිසක් තමයි අද දිනයේත් අනීතික රැස්වීමක් කැඳවලා තියෙන්නේ. වාරණයට ලක් වෙච්ච පුද්ගලයන්ව ඒ අනීතික රැස්වීමේදී නැවත වතාවක් තනතුරුවලට පත් කරලා තියෙනවා.අපි කියන්නේ මෛත්‍රිපාල සිරිසේන මැතිතුමා නිත්‍යානුකූලව ඉවත් විය යුතුයි.

    ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ පාක්ෂිකයකු නොවන ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාක්ෂිකයකු පක්ෂයේ සභාපති කරලා. මේක එදා බණ්ඩාරනායක මහත්තයා ඝාතනය කළාට වඩා දෙයක්. තවත් විදිහකට කියනවා නම් පක්ෂය සමූල ඝාතනය කිරීමක්.

    විජේදාස රාජපක්ෂ මහතා මුලින්ම ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ඉවත් වෙන්න ඕන. ඊට පස්සේ ඒ පක්ෂය අපිට ඒක කියන්න ඕන විජේදාස සාමාජිකයෙක් නොවෙයි කියලා. එතකොට තමයි විජේදාස රාජපක්ෂ මහත්තයට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සාමාජිකත්වය ඉල්ලුම් කරන්න පුළුවන් වෙන්නෙ. සාමාජිකයකු නොවන පුද්ගලයකුට පක්ෂයක සභාපති කමක් දරන්න බැහැ”

    දුමින්ද දිසානායක මහතා මේ බව පැවසුවේ ඊයේ (12) කොළඹදී පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.

    RN

  • රාජිතගෙන් අලුත් සන්ධානයක් – රාජිත එක්ක රවී,දුමින්ද,මනෝ,රිෂාඩ් එක්වෙයි!

    රාජිතගෙන් අලුත් සන්ධානයක් – රාජිත එක්ක රවී,දුමින්ද,මනෝ,රිෂාඩ් එක්වෙයි!

    කොළඹ LNW:හිටපු සෞඛ්‍ය අමාත්‍ය සමඟි ජන බලවේගයේ වත්මන් පාර්ලිමේන්තු මන්ත්‍රී රාජිත සේනාරත්න මහතාගේ මූලිකත්වයෙන් ලෝක යුධ විරෝධී සන්ධානයක් පිහිටුවා තිබේ.

    එහි ආරම්භය ඊයේ (06) කොළඹදී සිදුවුණ අතර ඊට දේශපාලන පක්ෂ නියෝජිතයින් ආගමික නායකයින් හා සිවිල් සංවිධාන නියෝජිතයින් රැසක්ද එක්ව සිටියේය.

    දුමින්ද දිසානායක,මනෝ ගනේෂන්, රිෂාඩ් බදියුදීන් ඇතුළු වත්මන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරු මෙන්ම එජාපයේ හිටපු අමාත්‍ය රවී කරුණානායක මහතාද ඊට එක්ව සිටින ආකාරය දැකගැනීමට හැකිවිණි.

    පැෆරල් සංවිධානය ඇතුළු සිවිල් සංවිධාන නියෝජිතයිදන්ද ඊට සහභාගී විය.

    මේ වන විට ලොව පුර දරුණු යුධ ගැටුම් ඇවිලී තිබුණද ඒවාට එරෙහිව දැනෙන විරෝධයක් පෙනෙන්නට නැති අතර විශේෂයෙන් ශ්‍රී ලනකව තුළ මීට ඉහත කාලවලදී මෙම යුද්ධයන්ට එරෙහිව විශාල හඬක් නැගුණ නමුත් දැන් එවැනි පරිසරයක් දැක ගත නොහැකි බවයි රාජිත සේනාරත්න මහතා පැවසුවේ.

    මෙහිදී පලස්තීනයේ ගාසා තීරණයේ ඇතිව තිබෙන සමූල ඝාතනයට එරෙහිව දැඩි විරෝධයක් එල්ල විය.

    රුසියානු යුක්‍රේන යුද්ධය,සුඩානයේ සිවිල් යුද්ධය,මියන්මාරයේ ඇතිව තිබෙන තත්ත්වය,ඇතුළු ලෝකය පුර විසිරි තිබෙන යුද ගැටුම් හේතුවෙන් රටවල තුළ මතුව තිබෙන අරාජික තත්ත්වය ගැන සේනාරත්න මහතා මෙහිදී අවධානය යොමුකරන ලදී.

    ඇමරිකාව ප්‍රමුඛ බටහිර රටවල් වරින් වර එක්සත් ජාතින්ගේ ආරක්ෂක මණ්ඩල යෝජනා පරාජය කළද අවසානයේ ඊශ්‍රායලය ගෙන යන තිරස්චීන ක්‍රියාවට විරෝධය දැක්වීමට සිදුව තිබෙන අතර ඇමරිකාව ප්‍රමුඛ බටහිර රටවල විශ්ව විද්‍යාල තුළද පන්ති වර්ජනය කරමින් මෙම යුද්ධයන්ට විරෝධය දක්වන තැනට පත්ව තිබෙන බවද සේනාරත්න මහතා මෙහිදී පැහැදිලි කළේය.

    ඒ අනුව අලුතින් පිහිටුවන ලද ලෝක යුධ විරෝධී සන්ධානයේ අරමුණු ලෙස ලෝක නායකයින්ගේ බලකාමයන් නිසා හටගෙන තිබෙන සියලුම ලෝක යුද්ධයන්ට විරුද්ධ වීම,යුද්ධයන්ගෙන් මියයන, තුවාල ලබන,ආබාධිත වන ඇතුළු පීඩාවට පත්වන ජනතාවගේ අයිතිවාසිකම් වෙනුවෙන් පෙනී සිටීම,ලෝක සාමය උදෙසා පෙනී සිටීම,ලෝකය පුරා ක්‍රියාත්මක අන්තවදයන්ටහා ත්‍රස්තවදයන්ට එරෙහිවීම,යුද්ධයන්ගෙන් මියයන හා ආබාධවන ජනතාව වෙනුවෙන් යුද්ධයන් ඇතිකරන රටවලින් වන්දි ලබා ගැනීම සඳහා බලපෑම් කිරීම,ලෝකයේ සියලුම රාජ්‍යයන්ගේ ස්වෛරීත්වයට එරෙහි සිදුවන බලපෑම් වලට එරෙහි වීම,යුද්ධ සඳහා කිසිදු ආකාරයකින් ශය නොදක්වන ශ්‍රී ලනක්ව වැනි රටවලට සිදුවන සමාජ ආර්ථික අගතියට එරෙහි වීම,ලෝක යුද්ධ නිසා මගහැරී යන සබ ප්‍රශ්න ගැන ජනතාව දැනුවත් කිරීම ආදිය දක්වා තිබේ.

    මෙම අවස්ථාවට සහභාගිව සිටි දේශපාලන නියෝජිතයින්,සිවිල් සංවිධාන නියෝජිතයින් ඇතුළු පිරිස්ද සිය අදහස් දක්වා සිටියේය.

    ආශිකා බ්‍රාහ්මණ

  • නැවතීමක් නැති ශ්‍රීලනිප ගැටලුව අධිකරණයටත් යයි!

    නැවතීමක් නැති ශ්‍රීලනිප ගැටලුව අධිකරණයටත් යයි!

    සටහන – රෂිකා හෙන්නායක

    අප්‍රේල් 24, කොළඹ (LNW):අද  (24) දින ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ වැඩ බලන සභාපති ආචාර්ය විජයදාස රාජපක්ෂ මහතාට සහ වැඩබලන ප්‍රධාන ලේකම් සාරථි දුෂ්මන්ත මහතාට, එම ධූරවල කටයුතු කිරීම වළක්වමින් කොළඹ ප්‍රධාන දිසා විනිසුරු සඳුන් විතාන මහතා වාරණ නියෝග නිකුත් කළ බව පැවසේ.

    මෙම වාරණ නියෝග නිකුත් කෙරුණේ මැයි 8 දක්වා බලපැවැත්වෙන පරිදි වේ.

    ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සාමාජිකයින් වන ලසන්ත අලගියවන්න, දුමින්ද දිසානායක සහ මහින්ද අමරවීර යන අමාත්‍යවරුන් පැවරූ නඩුවක් සලකා බැලීමෙන් පසුව මෙම වාරණ නියෝග නිකුත් කර ඇත.

    පැමිණිලිකරුවන් වෙනුවෙන් ජනාධිපති නීතිඥ චන්දක ජයසුන්දර මහතා අධිකරණයට කරුණු දක්වමින් ,විත්තිකරුවන් එම ධුරවලට පත්වීම නීති විරෝධී හා ව්‍යවස්ථා විරෝධී බව සඳහන් කරඇති අතර, විජයදාස රාජපක්ෂ මහතා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සාමාජිකයෙකු නොවන බවත්, වෙනත් පක්ෂයක සාමාජිකයකුට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නිලයක් දැරීම ව්‍යස්ථානුකූලව නීති විරෝධී බවත්, ඔහු  පෙන්වා දුන් බව පැවසේ.

    එසේම පසුගිය 21 වැනිදා පැවති ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ විධායක සභා රැස්වීමේදී මෙම ධුරවලට තෝරාපත් කරගෙන ඇති බවත්,එසේ  රැස්කල විධායක සභාවද නීති විරෝධීව පවත්වා ඇති බවත්  ජනාධිපති නීතිඥ චන්දක ජයසුන්දර මහතා පවසා ඇත.

    ප්‍රධාන දිසා විනිසුරුවරයා විසින්, විත්තිකරුවන්ට අතුරු තහනම් දැන්වීම් හා නොතීසි නිකුත් කළ අතර  ලබන මැයි 8 වැනිදා අධිකරණයේ කරුණු දක්වන ලෙස නියෝග කළ බව පැවසේ.

  • අමරවීර,අලගියවන්න සහ දුමින්ද ශ්‍රීලනිප තනතුරුවලින් ඉවත් කිරීම වළක්වාලමින් පැනවූ වාරණය දීර්ඝ කරයි!

    අමරවීර,අලගියවන්න සහ දුමින්ද ශ්‍රීලනිප තනතුරුවලින් ඉවත් කිරීම වළක්වාලමින් පැනවූ වාරණය දීර්ඝ කරයි!

    කොළඹ LNW: ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අභ්‍යන්තර අර්බුද මැද අමාත්‍ය මහින්ද අමරවීර,ලසන්ත අලගියවන්න සහ පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද දිසානායක යන මහත්වරුන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ තනතුරුවලින් ඉවත් කිරීමට ගනු ලැබූ තීරණය ක්‍රියාත්මක වීම වළක්වාලමින් නිකුත් කර තිබෙන වාරණ නියෝගය මැයි මස 08 වනදා දක්වා දීර්ඝ කරන ලෙස කොළඹ දිසා අධිකරණය අද (24) නියෝග කළේය.

    උක්ත අමාත්‍යවරු විසින් ගොනුකළ පැමිණිලි අද කැඳවනු ලැබූ අවස්ථාවේදී කොළඹ දිසා අධිකරණය මෙම නියෝග නිකුත් කළේ.

    මේ වන විටත් හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ කණ්ඩායම සහ ඔහුට එරෙහි සෙසු කණ්ඩායම ලෙස ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අයිතිය වෙනුවෙන් ද්වන්ධ සටනක නිරතව සිටියි.

    ASK

  • (VIDEO):දුමින්ද චන්ද්‍රිකාවත් ළඟ තියාගෙන මෛත්‍රීගේ රෙදි ගලවයි!

    (VIDEO):දුමින්ද චන්ද්‍රිකාවත් ළඟ තියාගෙන මෛත්‍රීගේ රෙදි ගලවයි!

    කොළඹ LNW: ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ප්‍රජාතන්ත්‍රවාදී බව ආරක්ෂා කරගැනීමත් පාක්ෂිකයා තුළ විශ්වාසය තහවුරු කිරීමත් සඳහා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ දේශපාලන මණ්ඩලය රැස් වී තීන්දු තීරණ කිහිපයක් ගත බවත් එර අනුව ජ්‍යෙෂ්ඨ උප සභාපති නිමල් සිරිපාල ද සිල්වා මහතා වැඩබලන සභාපති ලෙසත් ප්‍රධාන අනුසාශිකාව ලෙස හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා කුමාරතුංග මහත්මිය දේශපාලන මණ්ඩලයට කැඳවීමත් පක්ෂ ප්‍රජාතන්ත්‍රවාදී ව්‍යවස්ථාවක් බවට පත්කිරීමටත් යෝජනා කර ගත් බවත් ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද දිසානායක මහතා පැවසුවේය.

    ඒ, අද (08) ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ දේශපාලන මණ්ඩල රැස්වීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.

    විශේෂයෙන් පක්ෂය පසුගිය කාලය තුළ පසුබෑමට ලක්වුණේ හිටපු සභාපතිවරයා ඒකාධිපති ලෙස පක්ෂ ව්‍යවස්ථාව වෙනස්කරගැනීම නිසා වන හෙයින් එය වෙනස් කරගැනීම සන්ධ කමිටුවක් පත්කර තිබෙන බවයි දිසානායක මහතා සඳහන් කළේ.

    මේ වන විට පක්ෂයෙන් වෙන් වුණ,බෙදුණු,ඇතුළු පක්ෂයේ සියලු දෙනාට දැන් අලුත් බලාපොරොත්තුවක් ඇතිකරගත හැකි බවද මන්ත්‍රීවරයා අවධාරණය කළේය.

    ආශිකා බ්‍රාහ්මණ

  • මගෙන් පටන්ගමු” අනුරාධපුර කූඹිච්චන්කුලමට – ජනාධිපති රනිල්ට තරුණයින්ගෙන් සෘජු ප්‍රශ්න (PHOTOS)

    මගෙන් පටන්ගමු” අනුරාධපුර කූඹිච්චන්කුලමට – ජනාධිපති රනිල්ට තරුණයින්ගෙන් සෘජු ප්‍රශ්න (PHOTOS)

    කොළඹ LNW:තරුණ ප්‍රජාව මුහුණ දෙන ගැටළු ජනාධිපතිවරයා වෙත සෘජුව සිය ඉදිරිපත් කිරීමට අවකාශය සලසමින් ”මගෙන් පටන්ගමු” වැඩසටහන යටතේ අනුරාධපුර කූඹිච්චන්කුලම එළිමහන් පරිශ්‍රයේදී තරුණ සහභාගීත්වයෙන් හමුවක් ඊයේ (06) පැවැත්වුණි.

    මෙම අවස්ථාව කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනූෂ නානායක්කාර මහතාගේ මෙහෙයවීමෙන් සංවිධානය කර තිබුණි.

    ඊට අනුරාධපුර දිස්ත්‍රිකයට නියෝජනය කරමින් තරුණ තරුණියෝ රැසක් එක්ව සිටියහ.

    එහිදී තරුණ ප්‍රජාව මුහුණ දෙන ගැටලු සෘජුවම ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වෙත ඉදිරිපත් කිරීමට අවස්ථාව හිමිවිය.

    මෙම අවස්ථාවට සංචාරක ප්‍රවර්ධනය සහ ක්‍රීඩා අමාත්‍ය හරින් ප්‍රනාන්දු,රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ,අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද දිසානායක, එක්සත් ජාතික පක්ෂ මහලේකම් පාලිත රංගෙ බණ්ඩාර, හිටපු අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් යන මහත්වරුන්ද එක්ව සිටියහ.

    ජායාරූප – අජිත් සෙනෙවිරත්න

    සියලුම ඡායාරූප නරඹන්න
    අපගේ readphotos වෙබ් අඩවිය වෙත පිවිසෙන්න.