Tag: දුමින්ද දිසානායක

  • රන් ආලේපිත ගිනි අවියේ නඩුවෙන් දුමින්ද මුදා හරියි!

    රන් ආලේපිත ගිනි අවියේ නඩුවෙන් දුමින්ද මුදා හරියි!

    කොළඹ LNW:රන් ආලේපිත ටී 56 වර්ගයේ ගිනිඅවියේ හිමිකාරීත්වය සම්බන්ධයෙන් සිදුකරන විමර්ශනවලට අදාළව අත්අඩංගුවට ගෙන ඇප මත මුදා හැර සිටි හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද දිසානායක මහතා එම නඩුවෙන් මුදා හැරීමට ගල්කිස්ස මහෙස්ත්‍රාත් අධිකරණය නියෝග කර තිබේ.

    ඒ, එම නඩුව අද (29) ගල්කිස්ස මහෙස්ත්‍රාත් අධිකරණයේදී කැඳවූ අවස්ථාවේදීය.

    එලෙස හිටපු අමාත්‍යවරයා මුදා හැර ඇත්තේ මෙම නඩුවට අදාළව සෘජු හා පරිවේශණීය සාක්ෂි නොමැති වීම හේතුවෙනි.

    හැව්ලොක් සිටි සුපිරි නිවාස සංකීර්ණයෙන් හමුවූ රන් ආලේපිත ටී 56 වර්ගයේ ගිනි අවියේ හිමිකාරිත්වය සම්බන්ධයෙන් සිදුකරන විමර්ශනවලට අදාළව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා පසුගිය මැයි මස 23 වැනි දින අත්අඩංගුවට ගනු ලැබූ අතර පසුව ගල්කිස්ස මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව රක්ෂිත බන්ධනාගාර ගත කරන ලදී.

    අනතුරුව පසුගිය 14 වැනි දින ඇප කොන්දේසි මත නිදහස් කරනු ලැබීය.

  • දැඩි කොන්දේසි මත දුමින්දට ඇප!

    දැඩි කොන්දේසි මත දුමින්දට ඇප!

    රෂිකා හෙන්නායක ජූලි 14, කොළඹ LNW :

    රක්ෂිත බන්ධනාගාර ගත සිටි හිටපු අමාත්‍ය දුමින්ද දිසානායකට දැඩි කොන්දේසි මත ඇප ලබා දීමට මහේස්ත්‍රාත්වරයා නියෝග කර ඇත.

    හිටපු අමාත්‍යවරයා අද (14) අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව කොළඹ ප්‍රධාන මහාධිකරණ විනිසුරු මංජුල තිලකරත්න විසින් රු 250,000ක මුදල් ඇප සහ රු. ලක්ෂ 50 බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදාහැරීමටයි නියෝග කර ඇත්තේ.

    ශරීර ඇප ලබාදෙන පුද්ගලයින් දෙදෙනා කොළඹ ප්‍රදේශයේ පදිංචිකරුවන් විය යුතු බවටත් නියෝග කළ විනිසුරුවරයා, සැකකරුගේ විදේශ ගමන් බලපත්‍රය අධිකරණය භාරයේ තැන්පත් කරන ලෙසත්, ඒ අනුව ඔහුට විදෙස් ගමන් තහනමක් පනවන බවටත් නියෝග කළේය.

    සැකකරු ඇප මත මුදාහැරීම සම්බන්ධයෙන් නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරයා දැඩි විරෝධයක් දැක්වුවත් මේ සම්බන්ධයෙන් සිය නියෝගය ප්‍රකාශ කරමින් ප්‍රධාන මහාධිකරණ විනිසුරුවරයා සඳහන් කළේ, සැකකරු සන්තකයේ ගිනිඅවියක් තබාගෙන ඇතැයි මෙතෙක් අනාවරණය වී නොමැති බැවින් සැකකරුව ඇප මත මුදාහැරීමට අධිකරණය තීන්දු කරන බවයි. 

    හැව්ලොක් සිටි සුපිරි නිවාස සංකීර්ණයෙන් හමුවූ රන් ආලේපිත ටී 56 වර්ගයේ ගිනිඅවියේ හිමිකාරීත්වය සම්බන්ධයෙන් සිදුකරන විමර්ශනවලට අදාළව හිටපු අමාත්‍ය දුමින්ද දිසානායක පසුගිය මැයි මස 23 වන දා අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කරනු ලැබීය.

  • දුමින්ද දිසානායක යළි රිමාන්ඩ්!

    දුමින්ද දිසානායක යළි රිමාන්ඩ්!

    කොළඹ LNW:හිටපු අමාත්‍යවරයෙක් වූ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහ ලේකම් දුමින්ද දිසානායක මහතා හතා එළඹෙන 26 වනදා දක්වා තවදුරටත් රක්ෂිත බන්ධනාගාරගත කිරීමට ගල්කිස්ස මහෙස්ත්‍රාත් අධිකරණය නියෝග අකර තිබේ.

    ඒ, අද (19) ඔහුව අධිකරණයට ඉදිරිපත් කළ අවස්ථාවේදීය.

    හැව්ලොක් සිටි නිවාස සංකීර්ණයේ තිබී රන් ආලේපිත ගිනිඅවියක් සොයාගැනීමේ සිද්ධියට අදාළව එම ගිනිඅවියේ හිමිකරු ලෙස දුමින්ද දිසානායක මහතා අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගතකරන ලදී.

  • දුමින්ද යළි රිමාන්ඩ්!

    දුමින්ද යළි රිමාන්ඩ්!

    කොළඹ LNW:ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහ ලේකම් හිටපු අමාත්‍ය දුමින්ද දිසානායක මහතා ලබන 05 වැනිදා දක්වා යළි රක්ෂිත බන්ධනාගාර ගතකිරීමට ගල්කිස්ස මහෙස්ත්‍රාත් අධිකරණය නියෝග කර තිබේ.

    හැව්ලොක් සිටි සුපිරි නිවාස සංකීර්ණයෙන් හමුවූ රන් ආලේපිත T 56 වර්ගයේ ගිනිඅවියේ හිමිකාරීත්වය සම්බන්ධයෙන් සිදුකරන විමර්ශනවලට අදාළව අමාත්‍ය දුමින්ද දිසානායක මහතා අත්අඩංගුවට ගැනුණු අතර පසුව ඔහු අධිකරණයට ඉදිරිපත් කරන ලදුව අද දිනය දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලදී.

    අනතුරුව අයහපත් සෞඛ්‍ය තත්ත්වය මත අධිකරණයේ දැනුම් දීම මත ඔහුව බන්ධනාගාර රෝහල වෙත යව තිබුණු අතර අනතුරුව විශේෂඥ වෛද්‍ය පරීක්ෂාවකින් පසුව නැවත බන්ධනාගර ගත කර තිබුණි.

    ආශිකා බ්‍රාහ්මණ

  • දුමින්ද බන්ධනාගාර රෝහලෙන් යළි මැගසින් බන්ධනාගාරයට!

    දුමින්ද බන්ධනාගාර රෝහලෙන් යළි මැගසින් බන්ධනාගාරයට!

    කොළඹ LNW:රක්ෂිත බන්ධනාගාරගත කිරීමෙන් පසු බන්ධනාගාර රෝහලට යොමුකළ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහ ලේකම් හිටපු අමාත්‍ය දුමින්ද දිසානායක මහතාව යළිත් මැගසින් බන්ධනාගාරය වෙත යොමු කර තිබේ.

    අධිකරණ නියෝග මත ප්‍රතිකාර සඳහා සැකකරු බන්ධනාගාර රෝහලට යොමු කෙරුණු අතර අනතුරුව විශේෂඥ වෛද්‍යවරයෙකු විසින් පරීක්ෂා කිරීමෙන් අනතුරුව ඔහු යළිත් මැගසින් බන්ධනාගාරය වෙත යොමු කර ඇත.

    හැව්ලොක් සිටි සුපිරි නිවාස සංකීර්ණයේ කාන්තාවක සතු ගමන් මල්ලක තිබී හමුවූ රන් ආලේපිත T 56 වර්ගයේ ගිනිඅවියේ හිමිකාරීත්වය සම්බන්ධයෙන් සිදුකරන විමර්ශනවලට අදාළව දුමින්ද දිසානායක මහතාව පොලිස් ත්‍රස්ත විමර්ශන කොට්ඨාසය මගින් අත්අඩංගුවට ගෙන අධිකරණය ඉදිරිපත් කරන ලදී.

    සිද්ධියට අදාළව මේ වන විට කාන්තාවන් දෙදෙනෙක්ද රක්ෂිත බන්ධනාගාර ගතව සිටියි.

    ආශිකා බ්‍රාහ්මණ

  • දුමින්ද දිසානායක බන්ධනාගාර රෝහලට !

    දුමින්ද දිසානායක බන්ධනාගාර රෝහලට !

    සටහන – රුවන් නෙළුගොල්ල

    රක්ෂිත බන්ධනාගාරගත කර සිටින හිටපු අමාත්‍ය දුමින්ද දිසානායක බන්ධනාගාර රෝහලට ඇතුළත් කර තිබේ.

    ඔහුව බන්ධනාගාර රෝහලට ඇතුළත් කරන ලද්දේ අධිකරණ නියෝගයකට අනුව, වෛද්‍ය පරීක්ෂණයකට ලක්කිරීම සඳහා බවයි බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක, බන්ධනාගාර කොමසාරිස් ගාමීණි බී. දිසානායක සඳහන් කළේ.

    රන් ආලේපිත T56 වර්ගයේ ගිනිඅවියක් හැව්ලොක් සිටි නිවාස සංකීර්ණයේ තිබී සොයා ගැනීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් දුමින්ද දිසානායකව ගල්කිස්ස මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ලබන 29 වන දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට නියම කෙරුණු අතර ඔහුට අවශ්‍ය වෛද්‍ය ප්‍රතිකාර ලබාදෙන ලෙසත් අධිකරණය නියම කර තිබිණි.

    ඒ අනුව මැගසින් බන්ධනාගාරයට රැගෙන ගිය ඔහුව මෙසේ බන්ධනාගාර රෝහලට ඇතුළත් කර ඇති බව සඳහන්.

  • දුමින්ද දිසානායක රිමාන්ඩ්!

    දුමින්ද දිසානායක රිමාන්ඩ්!

    කොළඹ LNW:අත්අඩංගුවට ගැනුණු ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහ ලේකම් දුමින්ද දිසානායක මහතා ලබන 29 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගතකරන ලෙස ගල්කිස්ස මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කර තිබේ.

    හැව්ලොක් සිටි සුපිරි නිවාස සංකීර්ණයේ කාන්තාවක සතු ගමන් මල්ලක තිබී හමුවූ රන් ආලේපිත ටී 56 වර්ගයේ ගිනිඅවියේ හිමිකාරීත්වය සම්බන්ධයෙන් සිදුකරන විමර්ශනවලට අදාළව දුමින්ද දිසානායක මහතාව පොලිස් ත්‍රස්ත විමර්ශන කොට්ඨාසය මගින් අත්අඩංගුවට ගැනුණි.

    සිද්ධියට අදාළව මේ වන විට කාන්තාවන් දෙදෙනෙක්ද රක්ෂිත බන්ධනාගාර ගතව සිටියි.

    ආශිකා බ්‍රාහ්මණ

  • රන් ආලේපිත T56ක් නිසා මාංචු වැටුණු SLFP මහ ලේකම් ත්‍රස්ත විමර්ශන කොට්ඨාසයට!(VIDEO)

    රන් ආලේපිත T56ක් නිසා මාංචු වැටුණු SLFP මහ ලේකම් ත්‍රස්ත විමර්ශන කොට්ඨාසයට!(VIDEO)

    කොළඹ LNW:අත්අඩංගුවට ගැනුණු ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහ ලේකම් දුමින්ද දිසානායක මහතාව ත්‍රස්ත විමර්ශන කොට්ඨාසයට රැගෙන විත් තිබේ.

    පසුගිය 20 දා කොළඹ හැව්ලොක් සිටි නිවාස සංකීර්ණයේ පදිංචි කාන්තාවකගේ ගමන් මල්ලේ තිබී සොයාගත් රන් ආලේපිත T56 ගිනි අවිය සම්බන්ධ විමර්ශනයට අදාළව දුමින්ද දිසානායක මහතාව අත්අඩංගුවට ගැනුණි.

    සොයා ගන්නා ලද එම රන් ආලේපිත ගිනි අවිය දුමින්ද දිසානායක මහතාගේ බවට මූලික විමර්ශනවලින් අනාවරණය වී තිබුණි. .

    සිද්ධියට අදාළව මේ වන විට කාන්තාවන් දෙදෙනෙක්ද රක්ෂිත බන්ධනාගාර ගතව සිටියි.

    ආශිකා බ්‍රාහ්මණ

  • 06 වෙනිදට රවට්ටපු අයව රවට්ටනවා.ජනතාව නැවත පරණ පාරට එනවා!

    06 වෙනිදට රවට්ටපු අයව රවට්ටනවා.ජනතාව නැවත පරණ පාරට එනවා!

    කොළඹ LNW: එළඹෙන මැයි 06 වැනිදාට බොරු කියූ අයට පාඩමක් ඉගැන්වීමට ගම්වල ජනතාව සූදානමින් සිටින බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහ ලේකම් දුමින්ද දිසානායක මහතා පවසයි.

    මැතිවරණ ප්‍රතිඵලයේ ගණන් මිනුම් මේ මොහොතේ නොකියුවද මේ මොහොත වන විට භූමියේ අවශ්‍ය වැඩ කොටස කරමින් සිටින බවයි දිසානායක මහතා සඳහන් කරන්නේ.

    කෙසේවෙතත් ගමේ බලය ආණ්ඩුවට ගත නොහැකි බව ඔහු අවධාරණය කරයි.

    ”ජනාධිපතිකමත් දීලා,තුනෙන් දෙකේ බලයත් දීලා, අද මේ වෙද්දී මොනවද කරලා තියෙන්නේ. රටේ දැනෙන දෙයක් කරලා තියෙනවද?තාමත් බොරු කියන එක ඇරෙන්න වෙන කිසිම දෙයක් අනුර කුමාරලා කරලා නැහැ. තුනෙන් දෙක අරන් කරපු පළමු පත්වීම. ඇයි ඉල්ලා අස්වෙන්න වුණේ. අපි බලකරලද?බොරු සහතික ඉදිරිපත් කරලා. එකපාර බොරුයි කියල පිළිගන්නේ නැතුව කොච්චරකල් මේක ඇද්දද? මේ ආණ්ඩුව බොරුවෙන් හදපු ආණ්ඩුවක්. බොරු කියල ගත්ත ජනාධිපතිකමක්. ඒ නිසා ගම බොරු කියල ගන්න අපි ඉඩ දෙන්නේ නැහැ. අපි ඉඩ දෙන්නෙත් නැහැ. විපක්ෂයේ ඉන්න කිසිම පක්ෂයක් ඉඩ දෙන්නෙත් නැහැ. අපි ඉඩ දෙන්න හැදුවත් මේ රටේ මිනිස්සු ඔළුව තියෙන මිනිස්සු සූදානම් නැහැ තුන්වෙනි පාර රැවටෙන්න.”

    ඒ අනුව ජනතාව නැවත වතාවක් පරණ දේශපාලනය ආරම්භ කරනු ඇතැයි මහ ලේකම්වරයා ප්‍රකාශ කරයි.

    ආශිකා බ්‍රාහ්මණ

  • සිලින්ඩර සන්ධානය ඉවරයි.ශ්‍රීලනිපය දැන් තනි පක්ෂයක්!

    සිලින්ඩර සන්ධානය ඉවරයි.ශ්‍රීලනිපය දැන් තනි පක්ෂයක්!

    කොළඹ LNW:පසුගිය ජනාධිපතිවරණය සහ මහ මැතිවරණය වෙනුවෙන් නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණ හෙවත් සිලින්ඩරය ලකුණින් එක්ව කටයුතු කළ නමුත් මේ වන විට එම සිලින්ඩර සන්ධානය අවසන් බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද දිසානායක මහතා පවසයි.

    ඒ අනුව ශ්‍රී ලංකා නිදහස් පක්ෂය දැන් තනි පක්ෂයක් බවයි දිසානායක මහතා සඳහන් කරන්නේ.

    ඉදිරියේදී පැවැත්වෙන්නේ ප්‍රාදේශීය සභා හෝ පළාත් සභා මැතිවරණය වුවද ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ප්‍රමුඛ සන්ධානය ලෙස ඉදිරිපත්වන බවයි හිටපු මන්ත්‍රීවරයා සඳහන් කරන්නේ.

    දුමින්ද දිසානායක මහතා මෙම අදහස් දක්වා සිටියේ ඊයේ (27) ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මූලස්ථානයේ දී පැවති පක්ෂ සාමාජිකයින්ගේ හමුවෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.

    ආශිකා බ්‍රාහ්මණ