විශ්වාන්තර ගමනකින් පසුව වෙනත් විශ්වයකට යමුද ?

ක්‍රමයෙන් මැදියම එලඹෙත්ම
සේපාලිකා මල් යහනක
ඔබ පරෙස්සමෙන් සතපා තබා
නික්මෙන්නට සිදුවේ !

දහවලෙහි දාහය ගණනකටවත් නොගෙන
තැනින්තැන විසිරුණු දූපත් අතරෙහි
අප අපේ නවාතැන සදන්නේ කොහේදැයි
වෙහෙසවෙමින්, ඇවිදිමින්, නැවතෙමින්,
යලිදු ගමන් කරමින්, ගෙවා ගවු ගණන් දුර

“විශ්වාන්තර ගමනකින් පසුව
වෙනත් විශ්වයකට යමුදැ” යි
ඔබ ඇසූ පැණයට මුනිවත රැකගෙන
සිටියාට විරසක නොවන්න !

බදා සිඹ මෘදු කොපුල ඔබ ඇහැරෙන්න පළමුව
සිසිතරන නිද්‍රාවෙන් මදක් හෝ නොමුදවාගෙන
පෙලක් දිනවල සුසුමකින් පමණක් සමුගෙන
පසු නොහැරී නික්මෙමි මහ බරක් අරගෙන !

~ MKCP ශෂීන්

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

අන්දමන් දූපත් ආශ්‍රිත බෙංගාල බොක්කේ පීඩන අවපාතය ගැඹුරු පීඩන අවපාතයක් වන ලකුණු – අද (25) කාලගුණය

සටහන - රුවන් නෙළුගොල්ල උතුරු අන්දමන් දූපත් ආශ්‍රිත බෙංගාල බොක්ක...

පිටු බාගයක පුවත්පත් දැන්වීමක් පළකරමින් ෆවුසි ප්‍රසිද්ධියේ ජනතාවගෙන් සමාව ඉල්ලයි

සටහන - රුවන් නෙළුගොල්ල ශ්‍රෙෂ්ඨාධිකරණ නියෝගයක් අනුව හිටපු අමාත්‍ය ඒ....

දැන් කොළ හැලෙන කාලෙ !

සුළඟ දෙන හාදුවලටලැජ්ජාවට රත් පැහැ විනැයි සිතුවටනෑ! ඒ අන්තිම...