*
Saturday, April 20, 2024
spot_img

Latest Posts

මහනුවර කිරුළ රැක ගන්නට තවත් පියවරක් ඉදිරියට

නිත්තවෙල,තමන්ගේ නිවස්නයට කැඳවා ගුවන් හමුදාවට පරාජය අත් කර දුන් මහනුවර ක්‍රීඩා සමාජය,ඉකුත් වසරේ තමන් දිනා ගත් නිපොන් පේන්ට් කුසලානය තව දුරටත් තමන් සන්තකයේ තබා ගැනීමට වෙර දරන මාවතේ පියවරක් ඉදිරියට යාමට සමත් විය.
ආගන්තුක සත්කාරය වෙනුවට පෙර පෙළ සහ පසු පෙළ සන්නද්ධව සහ සාමුහිකව ගුවන් හමුදාවට එල්ල කරන ප්‍රහාරය මැඩ ගැනීමට ගුවන් හමුදා ක්‍රීඩකයෝ අසමත් වූහ.නමුත් ඔවුන් පරාජයේ පළල කෙටි කර ගැනීමට සමත් වූහ.තරගයේ ප්‍රථම අර්ධයේදී ගුවන් හමුදාව ලකුණු යන්ත්‍රය ක්‍රියා කරවීම ආරම්භ කළත්,තරින්ද රත්වත්තේ උත්සාහක දිණුමකින් සහ ප්‍රවර්ථනයකින් එක් කරන ලද ලකුණු 7 සමඟ පෙරට පැමිණියේ ය.ගුවන් හමුදාවට ප්‍රථම අර්ධයේ තවත් එක් ගෝල ලකුණක් සමඟ ලකුණු හයේ සීමාවේ රැඳෙන්නට සිඳු වූ අතර, මහනුවර ක්‍රීඩකයින් සිය ක්‍රීඩකයෝ තවත් ලකුණු 5 ක් සහිත උත්සාහක දිණුමකින් පෙරමුණට ගෙන යමින් තරගයේ ප්‍රථම අර්ධය ලකුණු 12 – 6 ට නිමා කරන්නට සමත් වූහ.


ගුවන් හමුදාව හොඳින් පදම්ව දෙවන අර්ධයට මුහුණ දෙමින් තරගය සමාන දක්ෂතා සහිත තැනකට ගෙන ආවේය.විටෙක මහනුවර ආක්‍රමණය තරමින් ද,තත් අවස්ථාවක මහනුවර ආක්‍රමණයට රැකවල් යොදමින් ද ගුවන් හමුදාව කරට කර සිටිමින් කළ තරගයේ ප්‍රතිපලය ලෙස දෙවන අර්ධයේ මහනුවර ලැබූ ලකුණු 12 ක් වූ ප්‍රමාණයම ගුවන් හමුදාවද එකතු කර ගැනීමට සමත් විය.එහෙත් සමස්ත අවසාන ප්‍රතිපලය තීරණය වූයේ පළමු අදියරේ මහනුවර ලබා ගත් ලකුණු හයක වාසිය සමඟ 24 – 18 ක් ලෙස මහනුවර අපරාජිතව නිපොන් පේන්ට් කුසලානය සඳහා යාමට උත්සාහ කරන ගමණ වර්ණ ගන්වමින්ය.
රජයේ ක්‍රීඩා දේශපාලන නායකත්වයේ සහය නොදෙන තත්ත්වය තුළ, දෙවන වසරටත් අනුග්‍රාහකයන් සොයා ගනිමින් ශ්‍රී ලංකාවේ රගර් ක්‍රීඩාවේ අභිවෘද්ධිය පිණිස,රගර් පරිපාලනයට දෙවන වසරටත් අනුග්‍රහය දක්වන නිපොන් පේන්ට් ද,සම්ප්‍රදායානුකූලව දේශපාලන පාවඩ මතින් පැමිණ අනුග්‍රාහකත්වයන් ලබා ගැනීම වෙනුවට ශ්‍රී ලංකාවේ රගර් ක්‍රීඩාවට අභියෝගාත්මක සහයක් පළ කරමින් රගර් පරිපාලනයේ ඉල්ලීමට අනුග්‍රහය ලබා දීමද අගය කළ යුතුය.ඔවුන් සමඟ මෙම තරගාවලියට මෙන්ම අනෙකුත් රගර් පරිපාලනය සංවිධානය කරන රගර් තරගාවලිවලදී ද,හුදෙක් දේශපාලනික නොවන රගර් පරිපාලනය පමණක් කරන ඉල්ලීමට රගර් සමඟ එකතු වී සිටින අනුග්‍රාහකයන් දක්වන දායකත්වය ද නව වසරේදී නව ගමණකට ශ්‍රී ලංකා රගර්වලට පමණක් නොව සියලු ක්‍රීඩා පරිපාලනවලට සහ අනුග්‍රාහකයන්ට ආදර්ශයට ගත හැකි, බොහෝ ක්‍රීඩාවලට ස්වාධින අභිමානයකින් පෙරට යන්නට මඟ පෙන්වීමක් විය හැකිය.



RM

Latest Posts

spot_img

දේශපා

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan