ලොවපුරා 2023 නව වසර උදාව සමරයි…

Date:

ශ්‍රී ලංකාව ඇතුළු ලොව රටවල් රැසකට 2023 නව වසර උදා විය.

කොවිඩ් වසංගතය හේතුවෙන් වසර 02ක පමණ කාලයක් නව වසර උදාව සැමරීමට නොහැකි වූ ලෝකවාසී ජනතාව මෙවර නව අවුරුදු උදාව උත්සවශ්‍රීයෙන් සමරනු දක්නට ලැබුණි.

කොවිඩ් වසංගතය, රුසියානු – යුක්‍රේන යුද්ධය ආදිය මුල්කර ගනිමින් ලොව පුරා ආර්ථික අර්බුදයක් නිර්මාණය වී ඇති පසුබිමක නව අවුරුදු උදාව මෙරට මෙන්ම ලෝකවාසී ජනතාව සහනයක් අපේක්ෂා කරන බලාපොරොත්තු ගොඩනගාගෙන සිටි.

මෙරට නව අවුරුදු උදාව සැමරීම වෙනුවෙන් විශාල පිරිසක් ඊයේ (31) රාත්‍රියේ ගාලුමුවදොර එක්රැස්ව සිටියහ.

කිරිබාති, නවසීලන්තය, ඔස්ට්‍රේලියාව ඇතුළු රටවල් පළමුව නව අවුරුදු උදාව සමරනු ලැබීය.

ලන්ඩන්නුවරට ලක්ෂයකට වැඩි පිරිසක් ප්‍රවේශ පත්‍ර රැගෙන පැමිණ සිටියේ නව අවුරුදු උදාවේ ගිනිකෙළි සංදර්ශන දැකබලා ගැනීමටය.

එඩින්බරෝ නගරයට 15,000ක පමණ පිරිසක් රැස්ව තිබේ.

කෙන්යාව, උගන්ඩාව, ඊජිප්තුව ඇතුළු නැගෙනහිර අප්‍රිකානු රටවල ද නව අවුරුදු උදාව ඉහළින් සමරා ඇත.

රුසියානු මෙහෙයුමට මැදිව සිටින යුක්‍රේනය ද නව අවුරුදු උදාව සැමරීම තිබීම විශේෂත්වයකි.

රෂිකා හෙන්නායක

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

රතන සාදුත් අද හෙටම වැලිකඩට වඩින ලකුණු ?

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී අතුරලියේ රතන හිමි නුදුරේදීම අත් අඩංගුවට...

LMD 2025 : වඩාත් ජනාදරයට පත් ගුවන් සේවා සන්නාමය ලෙස ශ්‍රී ලංකන් ඇගයීමට ලක්වෙයි

LMD විසින් සිදු කරනු ලැබූ නවතම 2025 වාර්ෂික සන්නාම...