බටුවත්තේත් වෙඩිතැබීමක්. පුද්ගලයෙකු මරුට !

සටහන – රුවන් නෙළුගොල්ල

රාගම, බටුවත්ත ප්‍රදේශයේදී ඊයේ (ජුලි 03) රාත්‍රියේ වෙඩිතැබීමක් සිදුව තිබේ.

ත්‍රීරෝද රථයකින් පැමිණි දෙදෙනෙකු විසින් බටුවත්ත ග්‍රාම සංවර්ධන මාවතේ නිවසක පුද්ගලයකුට වෙඩිතබා පළාගොස් ඇති අතර වෙඩි ප්‍රහාරයට ලක්වූ පුද්ගලයා ජීවිතක්ෂයට පත්ව ඇත.

මෙසේ ඝාතනයට ලක්ව ඇත්තේ ගනේමුල්ලේ සංජීවගේ සමීපතමයකු වන “ආමි උපුල්” නමැති පුද්ගලයකු බවයි පොලීසිය සඳහන් කළේ.

පිස්තෝල වර්ගයේ ගිනිඅවියක් භාවිත කරමින් මෙම වෙඩිතැබීම සිදුකර ඇති බව සඳහන්.

මෙම සිද්ධියත් සමග ඊයේ දිනය තුළ වෙඩිතැබීම් තුනක් වාර්තා වී ඇත.

ඊයේ උදෑසන කඳාන පොලීසිය ආසන්නයේ සිදුවූ වෙඩිතැබීමකින් එක් අයෙකු මියගිය අතර හිටපු අමාත්‍ය මංගල සමරවීර මහතාගේ පුද්ගලික ලේකම් ලෙස කටයුතු කළ අයෙකු තුවාල ලබා තිබිණි. එමෙන්ම මීගමුව ප්‍රදේශයේදී අණ නොතකා ධාවනය කළ යතුරුපැදියකට පොලීසිය විසින් වෙඩිතබා තිබුණු අතර එහිදී ද සැකකරුවකු තුවාල ලබා තිබිණි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

රුවන්ඩාවේ F1 තරගයක් පැවැත්වීම ගැන ලුවිස් හැමිල්ටන්ගෙන් ප්‍රකාශයක්

සටහන – පුලී ඔක්තෝම්බර් 23, LNW (කොළඹ):මානව හිමිකම් ගැටලු සම්බන්ධයෙන් මතුව...

ප්‍රංශයේ වෙඩි තැබීමක් – එක් අයෙක් මරුට, සිව් දෙනෙකුට තුවාල

සටහන – පුලී ඔක්තෝම්බර් 23, LNW (කොළඹ): පැරිස් නගරයට බටහිරින් පිහිටි...

රුසියාවේ පළමු ඩීසල් තොගය ඇමරිකාව බලා පිටත් වේ

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 23 : රුසියාවෙන්...