ට්‍රම්ප්ගේ ලාස් වේගාස් හෝටලය අසල පිපිරීමක්. එක් අයෙකු මරුට

Date:

සටහන: සශිකලා මධුෂාණි
ජනවාරි 02; ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) : ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ නෙවාඩා ලාස් වේගාස් හි තට්ටු 64 කින් සමන්විත හෝටලය ආසන්නයේ මෝටර් රථයක් පුපුරා යාම හේතුවෙන් එක් පුද්ගලයකු මියගොස් හත් දෙනෙකු තුවාල ලබා ඇති බව වාර්තා වේ.

මෙම මෝටර් රථය එලෝන් මස්ක්ගේ ටෙස්ලා සමාගමට අයත් වන අතර එය කොලරාඩෝ ප්‍රදේශයෙන් කුලියට ගෙන තිබුණු එකකි. එහි රියදුරු වහනය හෝටලය ඉදිරිපිට වීදුරු දොරටුවක් අසල නවතා දුම් පානය කිරීමට පටන් ගැනීමෙන් අනතුරුව එය පුපුරා ගොස් ඇත.

මෝටර් රථය ඉන්දන වලින් පුරවා තිබී ඇති අතර ගින්නට හසුවීම හේතුවෙන් එහි රියදුරු මියගොස් ඇත.

සිදුවීම සම්බන්ධයෙන් ඉදිරි විමර්ශන කටයුතු සිදුවෙමින් පවතින අතර ජනාධිපති ජෝ බයිඩන් මේ සම්බන්ධයෙන් නිවේදනය කර තිබුණේ, ධවල මන්දිරය මෙම සිදුවීම ලුහුබඳිමින් සිටින බවයි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ඉන්දියාවේ ත්‍රස්ත ප්‍රහාරය: වෛද්‍යවරු තිදෙනෙක් අත්අඩංගුවට – අගමැති මෝදීගෙනුත් විශේෂ ප්‍රකාශයක්!

කොළඹ LNW:ඉන්දියාවේ නවදිල්ලි අගනුවර සුප්‍රකට රතු බලකොටුව ආසන්නයේ සිදු...

පාකිස්ථානයේත් මරාගෙන මැරෙන පිපිරීමක්: මියගිය ගණන 12ක් දක්වා වැඩිවෙද්දී තවත් 27කට තුවාල!

කොළඹ LNW:පාකිස්ථානයේ ඉස්ලාමාබාද්හි අධිකරණ සංකීර්ණයක් තුළ අද (11) සිදුවූ...

ලක්සල සන්නාමය චීන මැණික් ව්‍යාපාරිකයෙකුට ලබාදීම පසුපසත් ඩීල් එකක් ?

මෙරට හස්ත කර්මාන්ත ශිල්පීන්ගේ නිෂ්පාදන ජාත්‍යන්තරයට රැගෙන යාමේ අරමුණින්...

රතු බලකොටුව ආසන්නයේ පිපිරීමට හේතුව?

රෂිකා හෙන්නායක නොවැම්බර් 11, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ඊයේ (10) දින...