රුසියාවේ ගෑස් බහියි ; යුරෝපය බලශක්ති අර්බුදයක

Date:

සටහන: සශිකලා මධුෂාණි
ජනවාරි 02; ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) : රුසියානු බලශක්ති දැවැන්තයා වන Gazprom ඊයේ(01)දිනයේදී නිවේදනය කර තිබුණේ, යුක්රේනයේ රජයට අයත් තෙල් හා ගෑස් සමාගමක් වන Naftogaz සිය නවතම පස් අවුරුදු සංක්‍රමණ ගනුදෙනුව අලුත් කිරීම ප්‍රතික්ෂේප කිරීමෙන් පසු යුරෝපයට ගෑස් සැපයීම
නතර කළ බවයි.

මේ සම්බන්ධයෙන් යුක්රේනයේ බලශක්ති අමාත්‍ය ජර්මන් ගලුෂ්චෙන්කෝ විශේෂ ප්‍රකාශයක් නිකුත් කරමින් කියා තිබුණේ, “අපි රුසියානු ගෑස් සංක්‍රමණය නැවැත්තුවා. මෙය ඓතිහාසික සිදුවීමකි. රුසියාවට එහි වෙලඳපොලවල් අහිමි වේ, එය මූල්යමය පාඩු වලට ලක් වනු ඇත. යුරෝපය දැනටමත් රුසියානු ගෑස් අත්හැරීමට තීරණය කර ඇති බවයි.

මෙම ගෑස් සැපයුම නතරවීම හේතුවෙන් යුරෝපය පුරා ගෑස් මිල ඉහළ යාමට හේතු වනු ඇති අතර යුරෝපයේ බලශක්ති අර්බුදයක් ඇති කරනු ඇත.

එමෙන්ම මෙමඟින්, වසර 40කට වැඩි කාලයක් ක්‍රියාත්මක වූ රුසියාවේ පැරණිතම ගෑස් මාර්ගය යුරෝපයට වසා දැමීමත් සමඟ රුසියාවේ ගෑස් ආධිපත්‍ය බිඳ වැටෙනු ඇත.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ICE නැතුව ශීත සෘතු ඔලිම්පික් උළෙල පවත්වන්නැයි කියන විරෝධතාවලින මිලාන් උණුසුම් වෙයි

නිශ්මං රණසිංහ පෙබරවාරි 01, කොළඹ LNW: නාසි ෆැසිස්ට්වාදයෙන් 1945 දී...

ඉරානයට පහර දුන්නොත් ‘කලාපීය යුද්ධයක්’ ඇති වන බවට කමේනි ඇමරිකාවට අනතුරු අඟවයි!

රෂිකා හෙන්නායක පෙබරවාරි 01, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ඉරාන උත්තරීතර නායක...

ලෝක කුසලානයට සහභාගිවන්න නෙදර්ලන්තය ලංකාවට

නිශ්මං රණසිංහ පෙබරවාරි 01, කොළඹ LNW: ඉන්දියාව සහ ශ්‍රී ලංකාව...

යුක්රේන ත්‍රෛපාර්ශ්වික සාකච්ඡා බදාදා අබුඩාබියේදී නැවත ආරම්භ වේ: Zelenskyy කියයි!

රෂිකා හෙන්නායක පෙබරවාරි 01, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): යුක්රේන යුද්ධය අවසන්...