රුසියාවේ ගෑස් බහියි ; යුරෝපය බලශක්ති අර්බුදයක

Date:

සටහන: සශිකලා මධුෂාණි
ජනවාරි 02; ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) : රුසියානු බලශක්ති දැවැන්තයා වන Gazprom ඊයේ(01)දිනයේදී නිවේදනය කර තිබුණේ, යුක්රේනයේ රජයට අයත් තෙල් හා ගෑස් සමාගමක් වන Naftogaz සිය නවතම පස් අවුරුදු සංක්‍රමණ ගනුදෙනුව අලුත් කිරීම ප්‍රතික්ෂේප කිරීමෙන් පසු යුරෝපයට ගෑස් සැපයීම
නතර කළ බවයි.

මේ සම්බන්ධයෙන් යුක්රේනයේ බලශක්ති අමාත්‍ය ජර්මන් ගලුෂ්චෙන්කෝ විශේෂ ප්‍රකාශයක් නිකුත් කරමින් කියා තිබුණේ, “අපි රුසියානු ගෑස් සංක්‍රමණය නැවැත්තුවා. මෙය ඓතිහාසික සිදුවීමකි. රුසියාවට එහි වෙලඳපොලවල් අහිමි වේ, එය මූල්යමය පාඩු වලට ලක් වනු ඇත. යුරෝපය දැනටමත් රුසියානු ගෑස් අත්හැරීමට තීරණය කර ඇති බවයි.

මෙම ගෑස් සැපයුම නතරවීම හේතුවෙන් යුරෝපය පුරා ගෑස් මිල ඉහළ යාමට හේතු වනු ඇති අතර යුරෝපයේ බලශක්ති අර්බුදයක් ඇති කරනු ඇත.

එමෙන්ම මෙමඟින්, වසර 40කට වැඩි කාලයක් ක්‍රියාත්මක වූ රුසියාවේ පැරණිතම ගෑස් මාර්ගය යුරෝපයට වසා දැමීමත් සමඟ රුසියාවේ ගෑස් ආධිපත්‍ය බිඳ වැටෙනු ඇත.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

නව ත්‍රස්ත විරෝධී පනත සැප්තැම්බරයේදී එයි!

කොළඹ LNW:නව ත්‍රස්ත විරෝධි පනත කෙටුම්පත් කිරීම සම්බන්ධයෙන් අමාත්‍ය...

මේ රජය කරන්නේ සංවර්ධනය නොව මර්ධනයයි – නාමල්

රෂිකා හෙන්නායක අගෝස්තු 28 , කොළඹ LNW: සියළුම රණවිරුවන්ට වෘත්තිය...

යුක්රේනයේ කියෙව් වෙත එල්ල කරන ලද රුසියානු ප්‍රහාර හේතුවෙන් බ්‍රිතාන්‍ය කවුන්සිලයේ සහ යුරෝපා සංගම් කාර්යාලවලට බරපතල හානි

සටහන: සශිකලා මධුෂාණි අගෝස්තු 28: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): ඊයේ(27)රාත්‍රියේදී රුසියාව විසින්...