රාජ්‍ය ඇමති ලන්සාගෙනුත් ආණ්ඩුවට දෝස්මුරයක්. තනතුරු අත්හරින්නත් ලෑස්තියි ලු !

Date:

ජනතා ගැටලුවලට විසඳුම් ලබා නොදෙන්නේ නම් තනතුරු අත්හැර ජනතාව සමග පාරට බැසීමට තමන් සූදානම් බව ග්‍රාමීය මාර්ග හා අවශේෂ යටිතල පහසුකම් රාජ්‍ය අමාත්‍ය නිමල් ලන්සා මහතා පවසයි.

“මුතුරාජවෙල නව ගැසට්ටුව මගින් ඉඩම් පවරා ගැනීම පිළිබඳව පරිසර අමාත්‍යතුමා, වනජීවී අමාත්‍යතුමා, නාගරික සංවර්ධන අමාත්‍යතුමා හා මුදල් අමාත්‍යතුමා සමන්විත පාර්ලිමේන්තු කමිටුවකින් තීන්දුවක් ගත්තා, මුතුරාජවෙල තිබුණු හෙක්ටයාර් 1,447 තියලා අලුතින් ගහපු ගැසට්ටුව අවලංගු කරන්න. තවත් තීන්දුවක් ගත්තා ජනාධිපතිතුමා විසින් පත් කරපු වත්තල, ජා ඇල, කටාන, මීගමුව සම්බන්ධීකරණ කමිටුවලදී මුතුරාජවෙල සම්බන්ධයෙන් ගත යුතු යෝජනා ගැන සාකච්ජා කරලා සම්මත කරලා එවන්න.

ගම්පහ දිස්ත්‍රික් නායක ප්‍රසන්න රණතුංග මහතා වගේම නලින් ප්‍රනාන්දු මහතා, සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය ඇතුළු අපේ මන්ත්‍රීවරුන් කියලා තියෙනවා මුතුරාජවෙල නව ගැසට්ටුව මගින් නව පවරා ගැනීම් අවලංගු කරන්න කියලා. මේ වෙනකන් ඒ දේ සිදුවෙලා නැහැ කියලා අදාළ ප්‍රාදේශීය ලේකම්වරුන් කියනවා.

ඒ නිසා පැහැදිළිව කියනවා අපි තනතුරුවලට බයේ තනතුරු ආරක්ෂා කරගන්න වැඩ කරන අය නෙමේ. ජනතාව වෙනුවෙන්, ආගමික නායකයින් වෙනුවෙන්, රට වෙනුවෙන් කරන ඉල්ලීමක් සමහර පාර්ශව ඇහුම්කන් දෙන්නෙ නැතිනම් ඒ අයට විරුද්ධව ජනතාව සමග පෙළ ගැසිලා, ඒ අය එලවනකම් තනතුරු අතහැරලා කටයුතු කරන්න අපි සූදානම්.

මුතුරාජවෙල පවරා ගැනීමට ගහපු නව ගැසට්ටුව වහාම අවලංගු කරන්න කියලා පැහැදිළිව කියනවා. මේ වෙනකොට ආසන හතරෙම සම්බන්ධීකරණ කමිටුවේ සියලු පාර්ශවයන් සම්බන්ධ වෙලා තීරණ අරන් ඉවරයි මේ ගැසට්ටුව අවලංගු කරන්න කියලා.

කාටහරි එක්කෙනෙකුට දෙන්නෙකුට තමන්ගේ පටු ව්‍යාපාරික අරමුණු ඉටු කර ගන්න, කොමිස් මුදල් ගන්න ජනතාව වෙනුවෙන් ගනු ලබන තීන්දු ආපස්සට හරවන්න හදනවනම් මේ තනතුරු, වරප්‍රසාද අතහැරලා ජනතාව එක්ක හිටගෙන සටන් කරනවා කියන එක පැහැදිළිව කියන්න ඕනේ”

රාජ්‍ය අමාත්‍ය නිමල් ලන්සා මහතා මේ බව පැවසුවේ ඊයේ (01) මීගමුව ප්‍රදේශයේ පැවති උත්සවයකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

Tasty Tuesdays: කටට රහට හැදෙන කොත්තු රොටියේ රස රහස (The Story of Sri Lanka’s Beloved Koththu Roti)

සෑම අඟහරුවාදා දිනකම “Tasty Tuesdays” තුළින් ඔබට ආහාර පාන,...

“එක මිටට ගොවි බිමට” ජාතික කර්තව්‍යයට DEARO AGRI එක් වෙයි!

පුරන් කුඹුරු යළි අස්වද්දවා රට සහලින් ස්වයංපෝෂිත කිරීමට රජය...

කොළඹ කොටස් වෙළඳපොලෙන් තවත් වාර්තාවක් – S&P SL20 ඒකක 6,000 ඉක්මවයි !

කොළඹ කොටස් වෙළෙඳපොල ඉතිහාසයේ පළමු වරට S&P SL20 දර්ශකය...

විපක්ෂ නායක සජිත් සිංගප්පූරුවට – කිෂෝර් මහබුබානි හමුවෙයි !

කීර්තිමත් රාජ්‍ය තාන්ත්‍රිකයකු මෙන්ම ශාස්ත්‍රීය සහ ගත්කතුවරයකු වන කිෂෝර්...