Wednesday, October 4, 2023
spot_img

Latest Posts

ටෙක්සාසයේ නව කොවිඩ් එන්නත හදිසි භාවිතය සඳහා ඉන්දියාවේ අනුමැතිය

එක්සත් ජනපදයේ ටෙක්සාස් ප්‍රාන්තයේ හූස්ටන් හි ටෙක්සාස ළමා රෝහල (Texas Children’s Hospital) සහ බේලර් වෛද්‍ය විද්‍යාලය (Baylor College of Medicine) විසින් කොවිඩ් වෛරසයට එරෙහිව කොර්බෙවැක්ස් (Corbevax) නම් නව එන්නතක් නිපදවා තිබේ.

මෙම කොර්බෙවැක්ස් එන්නත හදිසි භාවිතය (emergency approval) සඳහා යොදාගැනීමට ඉකුත් අඟහරුවාදා (28) දින ඉන්දියාවේ ඖෂධ පාලනාධිකාරී (DCGI – DCGI) විසින් අනුමැතිය ලබා දී තිබීම විශේෂත්වයකි.

ඒ අනුව, කොර්බෙවැක්ස් එන්නත ඉන්දියානු කලාපය තුළ හදිසි භාවිතය සඳහා යොදා ගැනෙනු ඇති.

මෙම නව කොවිඩ් එන්නත නිපදවා තිබෙන්නේ ප්‍රෝටීන-පාදක කරගත් තාක්ෂණය හරහායි. ඒ අනුව, මෙම එන්නත පහසුවෙන්ම විශාල ප්‍රමාණයන් වලින් නිශ්පාදනය කිරීමේ හැකියාව පවතී.

එම නිසා, එන්නත්කරණය අවම මට්ටමක පවතින රටවලට මෙම නව කොවිඩ් එන්නත ලබා ගැනීමේ අවස්ථාව උදාවනු ඇත.

වසංගත පාලනය අඩුප්‍රතිපාදන යටතේ සිදුවන රටවලට මෙම එන්නත හඳුන්වා දීමට ටෙක්සාසයේ ළමා රෝහල සහ බේලර් වෛද්‍ය විද්‍යාලය සැදී පැහැදී සිටින බව ද විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

අවුට්බවුන්ඩ් ටුඩේ

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Posts

spot_img

තීරු ලිපි

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.