වසර 66කට පසු වැසෙන iconic NASA research center ..

Date:

රෂිකා හෙන්නායක ජනවාරි 02 , ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ):

ඩොනල්ඩ් ට්‍රම්ප් පරිපාලනය විසින් අරමුදල් කප්පාදු කිරීමත් සමග ඇතිවී ඇති සීමාවන් හේතුවෙන් , අමෙරිකාවේ මේරිලන්ඩ් ප්‍රාන්තයේ පිහිටි ගොඩර්ඩ් අභ්‍යවකාශ පර්යේෂණ මධ්‍යස්ථානයේ පුස්තකාලය වසර 66කට පසුව අද (02) වසා දමයි.

විදෙස් වාර්තා වල සඳහන් වන්නේ, ගෝලීය අභ්‍යවකාශ ක්ෂේත්‍රයේ පර්යේෂණ මධ්‍යස්ථානයක් ලෙස සැලකෙන එම පුස්තකාලය නාසා ආයතනය සතු විශාලතම පර්යේෂණ පුස්තකාලය බවයි.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ , හබල් දුරේක්ෂය සහ ජේම්ස් වෙබ් දුරේක්ෂය ඇතුළු නාසා ආයතනයේ ප්‍රධාන මෙහෙයුම් දියත් කිරීම සහ පවත්වාගෙන යාම වෙනුවෙන්ද අදාළ පුස්තකාලය දායක වන බවය.

2026 වසරේ මාර්තු මාසය වන විට ගොඩර්ඩ් අභ්‍යවකාශ පර්යේෂණ මධ්‍යස්ථානයේ තවත් ගොඩනැගිලි 13 ක් සහ විද්‍යාගාර 100 කට වැඩි ප්‍රමාණයක් වසා දැමීමටත් නියමිත බව වැඩිදුරටත් විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

අසත්‍ය ප්‍රචාරයක් සිදුකළ Youtube ක්‍රියාකරුවකුට දවල් තරු පේන වැඩක්!

රෂිකා හෙන්නායක ජනවාරි 02, කොළඹ LNW : ඉකුත් දා...

වනජීවී නිළධාරීන්ගෙන් ඉල්ලීමක්!

රෂිකා හෙන්නායක ජනවාරි 02, කොළඹ LNW : යාල ජාතික...

චීනය දේශීය ජෙට්යානා ගුවන් සේවය පුළුල් කරමින් පළමු කාන්තා C919 කපිතාන්වරිය පත් කරයි!

සටහන – පුලී ජනවාරි 02, කොළඹ (LNW):  චීනයේ ගුවැන්ෂු සිවිල්...

CEB 11 % ඉක්මවූ ගාස්තු වැඩිකිරීමක් ඉල්ලයි!

කොළඹ LNW:ලංකා විදුලි බල මණ්ඩලය මහජන උපයෝගිතා කොමිසමෙන් විදුලි...