රෂිකා හෙන්නායක ජනවාරි 02, කොළඹ LNW :
යාල ජාතික වනෝද්‍යානය මැදින් දිවෙන බුත්තල සිට කතරගම දක්වා මාර්ගයේ දෙපස මේ දිනවල වල වනඅලි වැඩි රැඳී සිටින ආකාරය දක්නට ලැබෙන බව වනජීවී නිළධාරීන් පවසයි.
රථ වාහන වලින් ලබා දෙන ආහර බලාපොරොත්තුවෙන් වනඅලි මෙලෙස මග දෙපස රැදීසිටින අතර ඇතැම් අවස්ථාවල රථ වාහන වලට මෙම අලි පහරදෙන සිදුවීම් ද පසුගිය කාලය පුරාවවට වාර්තා වූ බවද සඳහන් වේ.
ඒ අනුව,වනජීවී නිලධාරීන් ඉල්ලා සිටින්නේ, මෙම වනඅලි අසලට ගොස් ජායාරූප ලඹා ගැනීම සහ මෙම අලින්ට ආහර ලබා නොදී ප්‍රවේශමෙන් රිය ධාවනය කරන ලෙස මාර්ගය භාවිතයට ගන්නා ලෙසයි.


