අසත්‍ය ප්‍රචාරයක් සිදුකළ Youtube ක්‍රියාකරුවකුට දවල් තරු පේන වැඩක්!

රෂිකා හෙන්නායක ජනවාරි 02, කොළඹ LNW :

ඉකුත් දා ඖෂධයක් මෙරටට ගෙන්වීම සම්බන්ධයෙන් තමාගේ නම සම්බන්ධ කර ගනිමින් Youtube නාලිකාවක් හරහා අසත්‍ය ප්‍රචාරයක් සිදුකරමින් මහජන කැළඹීමක් ඇතිවන ලෙස තොරතුරු වාර්තා කිරීමක් සම්බන්ධයෙන් Youtube ක්‍රියාකරුවකුට සෞඛ්‍ය සහ ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා විසින් නීතිඥයකු හරහා රුපියල් බිලියනයක එන්තරවාසියක් යවා තිබෙන බව වාර්තා වේ.

මෙහි සඳහන් ප්‍රශ්නගත ඖෂධය ඇතුළු ඖෂධ 10ක් සම්බන්ධයෙන් මේ වන විට පරීක්ෂණයක්ද ආරම්භ කර ඇති බව, එහි වැඩිදුරටත් සඳහන් වේ.

එසේ තිබියදී එම පුද්ගලයා විසින් youtube හරහා අසත්‍ය සහ අපහාසාත්මක ප්‍රකාශ ජන ගත කරමින් සිටින බවත්, මෙම ඉල්ලීමට පටහැනිව කටයුතු කළහොත් මින් මතු කිසිදු දැනුම් දීමකින් තොරව නඩු පවරන බවත් එම එන්තරවාසියේ සඳහන් වන බව දැක්වේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ජපානයට ප්‍රබල ටයිෆූන් කුණාටුවක් – මිලියන 1.9කට අධික පිරිසකට ඉවත් වන ලෙස දැනුම් දෙයි

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) සැප්තැම්බර් 21: පැයට කිලෝමීටර් 130-...

ට්‍රම්ප් සමග වෙළඳ යුද්ධය අතරතුර කැනඩාව හා ප්‍රංශය අතර ආර්ථික හා ආරක්ෂක සබඳතා ප්‍රකාශයට පත් කරයි

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) සැප්තැම්බර් 21: ප්‍රංශ ජනාධිපති එමානුවෙල්...

අභියාචනාධිකරණයට වැඩබලන සභාපතිවරයෙක් පත්කරයි!

කොළඹ LNW:ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් අභියාචනාධිකරණයේ වැඩබලන...

අගෝස්තු මාසයේදී ජාතික උද්ධමනය 8% ඉක්මවා ඉහළට

ජාතික පාරිභෝගික මිල දර්ශකයට (NCPI) අනුව 2026 අගෝස්තු මාසයේ...