මධ්‍යම අප්‍රිකානු රජයේ අභියෝගාත්මක මෙහෙයුමකදී ශ්‍රී ලංකා ගුවන් හමුදා සාම සාධක ගුවන් අනු ඛණ්ඩය දැක්වූ දස්කම්!

0
6810

රෂිකා හෙන්නායක ජනවාරි 02, කොළඹ LNW :


මධ්‍යම අප්‍රිකානු රජයේ අභියෝගාත්මක මෙහෙයුමකදී ශ්‍රී ලංකා ගුවන් හමුදා සාම සාධක ගුවන් අනු ඛණ්ඩය, අප්‍රිකානු සෙබලුන් 14 දෙනෙකු ආරක්ෂිතව මුදා ගැනීමට සමත් වී තිබෙන බව වාර්තා වේ.

මධ්‍යම අප්‍රිකානු ජනරජයේ එක්සත් ජාතීන්ගේ සාම සාධක මෙහෙයුම සඳහා යොදවා සිටින ශ්‍රී ලංකා ගුවන් හමුදා ගුවන් සේවා ඒකකයේ කණ්ඩායමක් Mi-17 හෙලිකොප්ටරයක් මගින්, 2025 දෙසැම්බර් 31 වන දින මධ්‍යම අප්‍රිකානු ජනරජයේ Obo ප්‍රදේශයේ සිට මධ්‍යම අප්‍රිකානු AAKG ආයුධ සන්නද්ධ කණ්ඩායමේ දැඩි තර්ජන එල්ලවී ඇති ප්‍රදේශයක් වන Bambouti ප්‍රදේශයේ ස්ථාපිත තාවකාලික මෙහෙයුම් කඳවුරක් (TOB) වෙත අත්‍යාවශ්‍ය ද්‍රව්‍ය ගුවනින් ප්‍රවාහනය කර තිබෙන අතර, පසුව හෙලිකොප්ටර් යානය ගොඩ බෑම සිදුකල අවස්ථාවේදී AAKG ආයුධ සන්නද්ධ කණ්ඩායමෙන් මෙම කඳවුරට (TOB) සහ හෙලිකොප්ටර් යානයට එල්ල වූ ක්ෂණික තර්ජනය හේතුවෙන් කඳවුරේ ආරක්ෂාව යටතේ සිටි මධ්‍යම අප්‍රිකානු සොල්දාදුවන් දහහතර (14) දෙනෙකුද නිරුපද්‍රිතව බේරාගෙන Obo ප්‍රදේශයට ආරක්ෂිතව රැගෙන ආ බව සඳහන් වේ.

මෙම මෙහෙයුමේදි විංග් කමාන්ඩර් නුරාන් පෙරේරා ප්‍රධාන නියමු නිළධාරී ලෙසත්, ෆ්ලයිට් ලෙෆ්ටිනන්ට් ෂෆ්රිඩ් ඉක්බාල් සහායක නියමු නිළධාරී ලෙසත්, ෆ්ලයිට් ලෙෆ්ටිනන්ට් ප්‍රවීන් රත්නායක පියාසර ඉංජිනේරු නිළධාරී ලෙස, සහ අනෙකුත් කාර්ය මණ්ඩල සාමාජිකයින් ක්‍රියාකාරීව සහභාගී වී තිබෙන බව වැඩිදුරටත් වාර්තා වේ.