Korea Exim බැංකුවෙන් ඇ. ඩොලර් 50,000ක මානුෂීය ආධාර!

රෂිකා හෙන්නායක ජනවාරි 02, කොළඹ LNW :

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා කළ ඉල්ලීමකට ප්‍රතිචාර වශයෙන් , ආපදාවෙන් පසු, කොරියානු අපනයන-ආනයන බැංකුව කොරියානු රතු කුරුස සංවිධානය හරහා මෙරටට අමෙරිකානු ඩොලර් 50,000ක මානුෂීය ආධාර ලබාදීමට එකඟතාව පළ කර ඇති බව වාර්තා වේ.

සුළි කුණාටුවෙන් ඇති වූ විනාශයෙන් පසු ක්ෂණික සහන ලබා දීම සහ ප්‍රතිසාධන මෙහෙයුම් සඳහා සහාය වීම අරමුණු කර ගෙන මෙම මානුෂීය ආධාර ලබා දී ඇති බව සඳහන් වන අතර, ශ්‍රී ලංකා රජය සමඟ ඇති දිගුකාලීන හවුල්කාරිත්වය එක්සිම් බැංකුව බෙහෙවින් අගය කරන බව, අපනයන-ආනයන බැංකුවේ සභාපති සහ ප්‍රධාන විධායක නිලධාරී කියොන් හ්වාන්ග් මහතා ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාට සිය ශෝකය පළ කරමින් අවධාරණය කළ බව පැවසේ.

තවද, ශ්‍රී ලංකාව සමඟ සහයෝගයෙන් සිටින බවත්, අත්‍යවශ්‍ය පොදු පහසුකම් යථා තත්ත්වයට පත් කිරීමට සහ දැනට තාවකාලික නවාතැන්වල සිටින බලපෑමට ලක් වූ පවුල්වලට සහන සැලසීමට මෙම ආධාර ලබා දීම පිළිබඳ සතුටට පත්වන බවත් ඔහු තවදුරටත් පවසා ඇත. මෙම දායකත්වයත් සමඟ, කොරියානු ජනරජය විසින් ශ්‍රී ලංකාවට ලබා දෙන සමස්ත මානුෂීය ආධාර ප්‍රමාණය අම‍ෙරිකානු ඩොලර් 550,000ක් වන බව කොරියානු අපනයන-ආනයන බැංකුව පවසයි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ජපානයට ප්‍රබල ටයිෆූන් කුණාටුවක් – මිලියන 1.9කට අධික පිරිසකට ඉවත් වන ලෙස දැනුම් දෙයි

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) සැප්තැම්බර් 21: පැයට කිලෝමීටර් 130-...

ට්‍රම්ප් සමග වෙළඳ යුද්ධය අතරතුර කැනඩාව හා ප්‍රංශය අතර ආර්ථික හා ආරක්ෂක සබඳතා ප්‍රකාශයට පත් කරයි

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) සැප්තැම්බර් 21: ප්‍රංශ ජනාධිපති එමානුවෙල්...

අභියාචනාධිකරණයට වැඩබලන සභාපතිවරයෙක් පත්කරයි!

කොළඹ LNW:ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් අභියාචනාධිකරණයේ වැඩබලන...

අගෝස්තු මාසයේදී ජාතික උද්ධමනය 8% ඉක්මවා ඉහළට

ජාතික පාරිභෝගික මිල දර්ශකයට (NCPI) අනුව 2026 අගෝස්තු මාසයේ...