කොළඹ නගර සභාවෙන් නෙට්බෝලයට සහ ජනනිට විශේෂ අවසර

අන්තර් ක්‍රීඩා භූමි සහ ප්‍රජා මණ්ඩල වාර්ෂික සම්මාන රාත්‍රිය – 2022 හෙට මට්ටක්කුලියේදි පැවත්වීමට කොළඹ නගර සභාව සියල්ල සංවිධානය කර තිබෙන බව LNW වෙත වාර්තා විය.එම සම්මාන රාත්‍රියේදී ආසියානු සූරතාවය දිනූ ශ්‍රී ලංකා නෙට්බෝල් කණ්ඩායම විශේෂ ඇගයීමකට ලක් කර විශේෂ මූල්‍යමය ප්‍රදානයක් සිඳු කිරීමට නියමිත අතර එම කණ්ඩායමේ සාමාජිකාවක් වූ කොළඹ නාගරික සීමාවේ පදිංචි ක්‍රීඩිකාවක වන ඉදූෂා ජනනි පෙරේරා වෙත රුපියල් ලක්ෂ පහක මුදල් ත්‍යාගයක් පිරිනැමීමට ද නියමිතය.
පැසි පන්දු,කාය වර්ධන,කැරම්,මේස පන්දු,නෙට්බෝල්,එල්ලේ, පාපන්දු,වොලිබෝල්,සවි එසැවීම සහ ශාරිරික ක්‍රීඩා යන ක්‍රීඩා 10 ක් නියෝජනය කළ 600 ක් අතරින් මේ සම්මාන රාත්‍රියේදී 45 දෙනෙක් ඇගයීමට පත්වීමට නියමිතය.මෙම අවස්ථාවට ප්‍රධාන ආරාධිතයා ලෙස නගරාධිපතිණිය රෝසි සේනානායක එක් වන අතර නාගරික කොමසාරිස්තුමිය,නාගරික මන්ත්‍රීවරු සහ තවත් ප්‍රභූහූ රැසක් එක් වෙති.

RM

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

22 වන සංශෝධනය විශාල බහුතරයකින් සම්මත වෙයි: පක්ෂව 158යි විරුද්ධව ඡන්ද 63යි

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 25, කොළඹ LNW : 22 වන ආණ්ඩුක්‍රම...

22 තුනෙන් දෙකෙන් සම්මතයි !

සටහන - රුවන් නෙළුගොල්ල 22 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත්...

බ්‍රසීල මැතිවරණයට ට්‍රම්ප් පරිපාලනය මැදිහත් වන බවට ඇමරිකානු ඩිමොක්‍රටික් මන්ත්‍රීවරුන්ගෙන් චෝදනා

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) සැප්තැම්බර් 25 : ඇමරිකානු ජනාධිපති...

අල්ලස් චෝදනාවට සරණ ගුණවර්ධනගේ බිරිඳ රිමාන්ඩ්!

ආශිකා බ්‍රාහ්මණකොළඹ LNW:අල්ලස් ලබාදීමේ සිද්ධියක් සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගත්...