හොඳම කපිතාන්වරයා රනිල් – රුවන් විජයවර්ධන

Date:

ශ්‍රී ලංකාව නැමැති නෞකාව අලුත් වැඩිකපිතාන්වරයකුයා කොට පණ ගන්වා තිබෙන අතර “නෞකාව” ගමනාන්තය කරා රැගෙන යාමට හොඳ කපිතාන්වරයකු ද ලැබී ඇතැයි එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය නායක දේශගුණික විපර්යාස පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක රුවන් විජයවර්ධන මහතා පැවසීය.

සියල්ලෝ පසු බසිද්දී, ගිලෙමින් පැවැති නෞකාව ගොඩ ගනු ලැබූවේ ජනපති ධූරයේ බැරෑරුම් වගකීම නොපැකිලව කර මතට ගත් රනිල් වික්‍රමසිංහ මහතා බව කී රුවන් විජයවර්ධන මහතා දහසක් අභියෝග හමුවේ ජනපති ක්‍රියාවට නැංවූ වැඩපිළිවෙල නිසා යළිත් නෞකාව අලුත් වැඩියා කොට පණ ගන්වා තිබෙන්නේ යැයි පැවසීය.

නව වසරේ ප්‍රකාශයක් කරමින් විජයවර්ධන මහතා කීවෙි එළඹුන නව වසරට පියවර තබන්නේ ගෙවුණු වසරේ අත්දැකීම් සමුදායක් කරපින්නාගෙන බවයි.

රෂිකා හෙන්නායක

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

රජිතගෙන් මෝසමක්!

කොළඹ LNW:අල්ලස් හෝ දුෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින්...

රතන හිමිට එරෙහිව වරෙන්තු!

කොළඹ LNW:පූජ්‍ය අතුරලියේ රතන හිමියන්ට එරෙහිව අත්අඩංගුවට ගැනීමේ වරෙන්තු...

හල්ලොලුව අත්අඩංගුවට ගැනීමට වරෙන්තු!

රෂිකා හෙන්නායක අගෝස්තු 18, කොළඹ LNW: අද (18) දින ජාතික...

පොලිතින් හා සම්බන්ධ පරිසර සම්මේලනයක්, ස්විස්ටර්ලන්තයේ ජිනීවා නුවර පිහිටි එක්සත් ජාතීන්ගේ මූලස්ථානයේ දී!

සටහන – රත්නපාල ගමගේ ස්විට්සර්ලන්තය (LNW) : ස්විට්සර්ලන්තයේ ජිනීවා නුවර...