හැටනව ලක්ෂයේ ජනතා පෙත්සම…

Date:

  • විදුලි බිලට එරෙහිව අත්සන් 69 ලක්‍ෂය මාතරින් අරඹයි – ඊයේම අත්සන් 10,000ක්…

විදුලි බිල වැඩි කිරීමට එරෙහිව ‘හැටනව ලක්ෂයේ ජනතා පෙත්සම‘ ආරම්භ කළ ඊයේ (1දා) දිනයේ ම දස දහසකට අධික ජනතාවක් ඊට අත්සන් තැබූ බව විදුලිය පාවිච්චි කරන්නන්ගේ සංගමයේ ලේකම් සංජීව ධම්මික මහතා පැවසීය.

පෙත්සමට අත්සන් ගැනීම ඊයේ පෙරවරු අටට මාතර බෝ සමිඳු අබියස දී ඇරැඹිණි.

පෙරවරු 10ට මාතර ප්‍රධාන බස් නැවතුම්පළ අසල දී ද, දහවල් දෙකට සීනිගම දේවාලය ඉදිරිපිට දී ද, සවස 4 ට ගාල්ල දුම්රියපළ හා බස් නැවතුම්පළ අසලදී ද අත්සන් ගැනීම සිදු කෙරිණි.

විදුලි බිල වැඩිකර ජනී ජනයා පීඩාවට පත්කරන පාලකයන්ට දේව දඬුවම් ලබා දෙන ලෙස ඉල්ලා සීනිගම දේවාලයේ දී පොල් ගැසීමේ කටයුත්තක් ද සිදු කෙරිණි.

අද (2 දා) දිනයේදී උදෑසන 6ට කැලණිය රජමහ විහාරය ඉදිරිපිට දී ද, දහවල් 12 ට කොළඹ ලෝක වෙළෙඳ මධ්‍යස්ථානය ඉදිරිපිට දී ද, දහවල් තුනට කොළඹ කොටුව දුම්රිය ස්ථානය අසල සහ බෝගහ අසල දී ද ජනතා අත්සන් ගැනීම සිදු කෙරේ. ඉදිරි දිනවල දී ද රටපුරා ජනතාවගෙන් පෙත්සමට අත්සන් ගැනීමේ කටයුතු සිදු කරන බව විදුලිය පාවිච්චි කරන්නන්ගේ සංගමය පවසයි. මෙම පෙත්සමට රටේ විදුලිය පාවිච්චි කරන්නන්ගෙන් ලක්ෂ හැට නවයක් සම්බන්ධ කර ගැනීමට කර ගැනීමට අපේක්ෂා කරන බවත් විදුලිය පාවිච්චි කරන්නන්ගේ සංගමයේ ලේකම් සංජීව ධම්මික මහතා පැවසීය.

මින් පෙර එම සංගමය සඳහන් කර තිබුණේ පෙත්සමට අත්සන් ගැනීම දෙවැනි දා කැලණිය රජමහා විහාරය අසලින් ආරම්භ කරන බව ය.

ඒ ගැන විමසීමේ දී සජීව ධම්මික මහතා මෙසේ කීවේය.

“අපි එහෙම තමයි අදහස් කරගෙන හිටියේ. නමුත් කංචන ඇමැතිවරයා විදුලි බිල වැඩි කිරීමට අදාළ කැබිනට් පත්‍රිකාව අද ඉදිරිපත් කරන බව තහවුරු වෙලා තියෙනවා. ඔහු මාතර දිස්ත්‍රික්කය නියෝජනය කරන නිසා ඔහුගේ දිස්ත්‍රික්කයේ ජනතාවගේ අදහස කුමක්දැයි දැනගැනීමේ අරමුණ පෙරදැරි කරගෙන අද අපි එය මාතරින් ඇරැඹුවා. මාතර දිස්ත්‍රික්කයේ ජනතාව ඇමැතිවරයාගේ විදුලි බිල වැඩිකිරීමේ තීරණයට එරෙහිව ඉතා ඉහළ ප්‍රතිචාරයක් දැක්වූවා.”

රෂිකා හෙන්නායක

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ගැසූ ගල් අත්තිවාරමට ගෙන බවුමා හැඳූ විජයග්‍රහණයේ මාළිගය

නිශ්මං රණසිංහ ජුනි 15, කොළඹ LNW: දකුණු අප්‍රිකාව කාලයක ඉදලා...

Sarkozy ට අහිමි වුණු “Legion of Honour”සම්මානය!

රෂිකා හෙන්නායක ජූනි 15, කොළඹ LNW : ප්‍රංශයේ සාකෝසිට ජාතියේ...

කෘත්‍රීම බුද්ධිය භාවිතය පිළිබඳව විශේෂ වැඩමුළුවක්

රෂිකා හෙන්නායක ජූනි 15, කොළඹ LNW : අද (15)දින අරලියගහ...

ඉරාන ඊශ්‍රායල් නොනිවෙන ගිනිදැල්!

රෂිකා හෙන්නායක ජූනි 15, කොළඹ LNW : ඊශ්‍රායලය විසින් තෙල්...