ජාතික ජන බලවේගයේ ජාතික විධායක කමිටු සාමාජික ජ්යේෂ්ඨ නීතීඥ ලාල් විජේනායක මහතා ඊයේ (31) සවස අභාවප්රාප්ත වී තිබේ.
ඒ මහතා මියයන විට 85 වැනි වියේ පසුවූයේය.
ලංකා සමසමාජ පක්ෂයෙන් දේශපාලනයට පිවිස දීර්ඝ කාලයක් එහි දේශපාලන මණ්ඩල සාමාජිකයකු වශයෙන් ද කටයුතු කළ ලාල් විජේනායක මහතා පසුව එයින් ඉවත්ව එක්සත් වාමාංශික පෙරමුණ ගොඩනැගීමට පුරෝගාමියෙකු වශයෙන් කටයුතු කළේය.
1988 වසරේ පැවති පළමු පළාත්සභා මැතිවරණයෙන් මධ්යම පළාත්සභාවට තේරී පත්වූ ඒ මහතා එහි විපක්ෂ නායකවරයා වශයෙන් ද කටයුතු කර ඇත.
2016 වසරේදී නව ව්යවස්ථාවක් සම්පාදනය කිරීම සඳහා පත්කෙරුණු ‘ආණ්ඩුක්රම ව්යවස්ථාව පිළිබඳ මහජන අදහස් විමසීමේ කමිටුවේ’ සභාපතිවරයා ලෙස කටයුතු කළේ ලාල් විජේනායක මහතාය.
මානව හිමිකම් සහ ප්රජාතන්ත්රවාදය වෙනුවෙන් දීර්ඝ කාලීනව පෙනී සිටි දේශපාලන ක්රියාකාරිකයකු වූ ලාල් විජේනායක මහතා ජාජබ විධායක සභිකයකු වශයෙන් සිටියදීම ජාජබ ආණ්ඩුවෙන් ගෙන ආ 22 වැනි ආණ්ඩුක්රම ව්යවස්ථා සංශෝධනයට මෙන්ම ත්රස්තවාදයෙන් රාජ්ය ආරක්ෂා කරගැනීමේ පනතට ද විරුද්ධව සක්රීයව කටයුතු කළ අයෙකි.


