නිව් ඇන්තනීස් ෆාම්ස් ශ්‍රී ලංකාවේ ශීතකළ ක්‍රිස්පි චිකන් නිෂ්පාදනයේ පෙරමුණ ගනියි

Date:

සෞඛ්‍ය සම්පන්න සහ පෝෂණීය මාංශමය ආහාර පිළිබඳව ශ්‍රී ලංකාව තුළ කීර්තියක් උසුළන නිව් ඇන්තනීස් ෆාම්ස් පුද්ගලික සමාගම, පුළුල් බෙදාහැරීමේ ක්‍රමෝපායක් සමඟින් මෙරට ශීතකළ ක්‍රිස්පි චිකන් වෙළෙඳපොළ තුළ සිට මෙහෙයුම් වර්ධනය කිරීමට පියවර ගෙන තිබේ. 

Crizzpys සන්නාමය යටතේ වෙළෙඳපොළට පිවිසෙන මෙම නිෂ්පාදනය, නැවුම් සහ සුරක්ෂිත පෝෂණ සංඝටකවලින් අනූන මෙන්ම, ප්‍රතිඔක්සිකාරකවලින් තොර හරිතහරි චිකන් කාණ්ඩය යටතේ වෙළෙඳපොළට පිළිගැන්වෙයි. 

′පාරිභෝගිකයින්ගේ කැමැත්ත සහ ගුණාත්මක තත්ත්වයේ ක්ෂණික ආහාර වෙත මාරුවීම ක්‍රමයෙන් සිදුවෙමින් පවතිනවා. එබැවින් අපගේ ශීතකළ චිකන් නිෂ්පාදන අලෙවියේත් ස්ථාවර වර්ධනයක් දැකිය හැකියි′, යනුවෙන් නිව් ඇන්තනීස් ෆාම්ස්හි ප්‍රධාන විධායක නිලධාරී නීල් සුරවීර මහතා පැවසීය. විවිධ අභියෝග මධ්‍යයේ වුව ද නිව් ඇන්තනීස් ෆාම්ස් වර්තමාන වාතාවරණය පිළිබඳ ශුභවාදී දැක්මකින් පසුවීම විශේෂත්වයකි.

පසුගිය මාස කිහිපය තුළ සමාගම දැවැන්ත වර්ධනයක් පෙන්නුම් කර ඇති අතර, සිය අපනයන ක්‍රමෝපාය සාර්ථක ලෙස ක්‍රියාත්මක කරමින් ප්‍රධාන පෙළේ ජාත්‍යන්තර වෙළෙඳපොළ තුළ ඉදිරි සැලසුම් සැකසීමටත්, සිය නිෂ්පාදන සහ සැපයුම් දාම ධාරිතා නැංවීම සඳහා විශාල වශයෙන් ආයෝජනය කිරීමටත් කටයුතු කර තිබේ.

දේශීය වශයෙන් ගත්කල, අවිනිශ්චිත ව්‍යාපාර තත්ත්ව මත වුව ද, 2022 වසර යනු නිව් ඇන්තනීස් ෆාම්ස් සමාගමේ සුවිශේෂ සන්ධිස්ථානයකි.  එනම්, බත්තරමුල්ලේ Anthoney’s Meatlery හඳුන්වා දෙන ලද අතර, එය ඉදිරි කාලය තුළ සිල්ලර වෙළෙඳසැල් දාමයක් දක්වා විකාශනය කෙරෙන, ඉඩකඩ සහිත නවීන මස් සුපිරි වෙළඳසැලක් බවට පරිවර්තනය වීමට නියමිත ය. තව ද, දීප ව්‍යාප්තව නොමිලයේ බෙදාහැරීම් සිදුකරන අන්තර්ජාල මස් ආහාර අලෙවිසැලක්වන ‘දොරකඩපාලිය‘ ද හඳුන්වා දුනි. හරිත හරි කුකුල් මස් නිෂ්පාදන සමඟින් 100%ක් දිරාපත්වන ඇසුරුම් භාවිතය ද ආරම්භ කෙරිණි.  

දේශීය රුචි අරුචිකම් සපුරාලීමේ සහ පාරිභෝගික අපේක්ෂා මුදුන්පත් කරලීමේ අඛණ්ඩ උත්සාහයක් සමඟින්, සොසේජස්, කෝල්ඩ් කට්, බිත්තර, කුළුබඩු සහ හෝම්-මේඩ් සෝස්වලට අමතරව Haritha Hari, Crizzpys, Chico, Spicydycy, Anthoney’s Precut සහ Chickenends වැනි සන්නාම  කිහිපයක් ද සමාගම සතු ය.

සිය සැපයුම් දාමය තුළ දැඩි ප්‍රතිපත්ති සහ භාවිතාවන් අනුගමනය කරන නිව් ඇන්තනීස් ෆාම්ස් සමාගම, අමෙරිකා එක්සත් ජනපදයේ ජාතික කුකුළුමස් කවුන්සිලය විසින් හඳුන්වා දෙන ලද සත්ත්ව සුබසාධන මාර්ගෝපදේශ ද අනුගමනය කරයි. GMP, HACCP, සහ ISO 22000 වැනි ජාත්‍යන්තර තත්ත්ව සහතික, දේශීය හා ජාත්‍යන්තර හලාල් ප්‍රතීතන සහතික ද, සමාගම සතු වේ. එමෙන්ම, ISO 14064-1-2018 ප්‍රමිතිය හිමි ශ්‍රී ලංකාවේ එකම චිකන් නිෂ්පාදන සන්නාමයවන ඇන්තනීස් ෆාම්ස් ඒ යටතේ හරිතාගාර වායු සහතිකයක් සහ ජෛව දිරාපත්වීමක් සහිත ඇසුරුමක් ද හඳුන්වා දී ඇත. එමෙන්ම උසස් මට්ටමේ අපජල ප්‍රතිකාර පහසුකමක් ද සමඟින් අපද්‍රව්‍ය ශූන්‍ය කිරීමේ පියවර ද ගෙන තිබේ.  

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

තවත් ගුවන් අනතුරක්!

රෂිකා හෙන්නායක ජූනි 15, කොළඹ LNW : අද (15) දින...

51 වන G7 සමුළුව අදින් ඇරඹේ

සටහන: සශිකලා මධුෂාණිජුනි 15; ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): 51 වන G7...

කොළඹ නගරාධිපති සටන : රීසා සාරුක්ට අත්සන් 62ක් !

කොළඹ මහ නගර සභාවේ නගරාධිපති ධුරය සඳහා විපක්ෂයෙන් තරග...

ජනපති අනුර යළි දිවයිනට

ජර්මනියේ නිල සංචාරයක නිරත වී සිටි ජනාධිපති අනුර කුමාර...