වසරේ පළමු දවසේ යුක්තිය මෙහෙයුමෙන් 822ක් අත්අඩංගුවට. 60කට රැඳවුම් නියෝග

0
291

2024.01.01 දින පැය 0030 සිට 2024.01.02 වන දින පැය 0030 දක්වා කාලය තුල සිදුකරන ලද විශේෂ මෙහෙයුමේදී මුලු සැකකරුවන් 822 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති අතර, ඉන් සැකකරුවන් 60 ක් සම්බන්ධව රැදවුම් නියෝග මත වැඩිදුර විමර්ශන සිදුකරනු ලබන බව පොලීසිය පවසයි.

එසේ අත් අඩංගුවට ගත් අය අතරින් මත්ද්‍රව්‍ය වලට ඇබ්බැහිවු පුද්ගලයින් 72දෙනෙකු පුනරුත්තාපන මධ්‍යස්ථාන වෙත යොමු කර ඇත.

එමෙන්ම පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යංශය සහ විශේෂ කාර්යංශය ලේඛනගත සැකකරුවන්ගේ ලැයිස්තුවේ සිටි සැකකරුවන් 91 දෙනෙකු මෙදින මෙහෙයුමේදී අත්අඩංගුවට ගෙන ඇති බවයි පොලීසිය සඳහන් කරන්නේ.

එදින මෙහෙයුම්වලදී අත් අඩංගුවට ගත් මත්ද්‍රව්‍ය ප්‍රමාණයන් පහතින් දැක්වේ.

හෙරොයින් 273 g
අයිස් 111 g
ගංජා 1 kg 623 g
ගංජා පැල 100 ක්
මාවා 04 g
මත්පෙති 426 ක්

RN