හිටපු ඇමති කෙහෙළියගේ පවුලේ සාමාජිකයින්ට පැනවූ තහනම් නියෝගය තවදුරටත් දීර්ඝ වෙයි!

Date:

කොළඹ LNW: හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතාගේ හා සාමාජිකයින්ගේ බැංකු ගිණුම් හා රක්ෂණ ඔප්පු ක්‍රියාත්මක වීම වළක්වාලමින් පනවා තිබූ තහනම් නියෝගය තවත් මාස තුනක් දීර්ඝ කිරීමට කොළඹ මහාධිකරණය අද (0) නියෝග කළේය.

අල්ලස් හෝ දුෂණ චෝදනා විමර්ශන කොමිසම විසින් අධිකරණයෙන් කරන ලද ඉල්ලීමකට අනුව එම දීර්ඝ කිරීම සිදුකර ඇත.

අල්ලස් හෝ දුෂණ චෝදනා විමර්ශන කොමිසම විසින් සිදු කරනු ලබන විමර්ශනයකට අදාළව කෙහෙළිය රඹුක්වැල්ල මහතාගේ බිරිඳ, දියණියන් ඇතුළු ඥාතීන්ගේ රුපියල් මිලියන 97කට අධික වටිනාකමකින් යුත් බැංකු ස්ථාවර තැන්පතු සහ ජීවිත රක්ෂණ ඔප්පු ක්‍රියාත්මක වීම වළක්වාලමින් කොළඹ මහාධිකරණය විසින් මීට පෙර නියෝගයක් නිකුත් කර තිබුණු අතර එය අදින් අවසන් වීමට නියමිතව තිබුණි.

කෙසේවෙතත් තවදුරටත් එම විමර්ශන ක්‍රියාත්මක හෙයින් තවත් මාස තුනක කාලයක් සඳහා එම තහනම දීර්ඝ කර තිබේ.

ඖෂධ හිඟයක් මවා පෙන්වමින් ප්‍රමිතියෙන් තොර ඖෂධ ගෙන්වීම මෙන්ම රජයේ රෝහල වෙත බෙදාහරිමින් රෝගී ජීවිත බරපතල අවධානමකට හෙළීම සම්බන්ධයෙන් කෙහෙළිය රඹුක්වැල්ල මහතාට චෝදනා එල්ල වී තිබේ.

ආශිකා බ්‍රාහ්මණ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

හිටපු පොහොට්ටු මන්ත්‍රී මනම්පේරිට රැඳවුම් නියෝග

සටහන - රුවන් නෙළුගොල්ල අයිස් මත්ද්‍රව්‍ය නිෂ්පාදනයට යොදාගන්න රසායන ද්‍රව්‍ය...

විදේශ ප්‍රේෂණ ලැබීමේ වර්ධනයක් – මුල් මාස අටට ඩොලර් බිලියන 5 ඉක්මවයි!

කොළඹ LNW: 2025 අගෝස්තු මාසයේදී ශ්‍රී ලංකාවට අමෙරිකානු ඩොලර්...

රුසියාව, යුක්රේනයේ අමාත්‍ය මණ්ඩල ගොඩනැගිල්ලට පහර දේ

සටහන: සශිකලා මධුෂාණි සැප්තැම්බර් මස 07: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): රුසියාව විසින්...